සඳට බැළුම් හෙලූ අය

Aug 16, 2016

රෑ මනාළී මලක් !



නිශාචර මත් ඹබරු
රූං ගා ඇදෙනා

පාලු මාවතක ,

පහන් කණුවක් යටින්
මල් සුවඳ හැමුවා

විස්කි වඩියකට කට
ගැස්ම මේ හැගුණා

ඇසිල්ලෙන් ,

අඳුන් තවරාපු ඇස්
වලින් ඉඟි කෙරුවා

සෙයිළමේ මත් ඹබරු
පපුව උඩ වැහුවා

සත්තමයි ,

අප්පා නැති පොඩි එකා
'අම්මේ ' කියනවා ඇහුනා

රැයක් නිවෙනා තුරා
උන් මාව වින්දා

අන්තිමට ,

නිල් මොනරු හිනැහෙමින්
මගෙ කඳුළු ඉම්ඹා

4 comments:

  1. හැම දෙයක්ම කරනුයේ
    ලැබ ගන්න නිල් මොනරු.
    අපූරු කවියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් එක්තරා කටුක යථාර්තයක්...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...