සඳට බැළුම් හෙලූ අය

Jan 31, 2017

ඉසුරුමුණි පෙම්වතාට පෙම්වතියගෙන් !








රුවන්වැලි මහ සෑය වැදගෙන හමන මඳනල එක්කලා
තිසා වැව් දිය නගන හසරැළි අපේ සිත් මුසපත් කලා
ශූර රණකමි තෙජස් ගති ඇති කුමරු සාලිය එක්කලා
මමයි මාලා සැඩොල් කුලයේ අසම්මතයේ පෙම් කලා

හොරෙන් හමුවී උයනෙ රන්මසු ප්‍රේමයෙන් ආතුර වෙලා
උයන මැද පෙම් කෙළින එ'සඳ ලෝකයම අමතක කලා
කියන්නට අප ගැන රජුන් හට අපේ දෙස හොරැහින් බලා
අපේ ප්‍රෙමාලිංගනය රහසෙම කලු ගලක කැටයම් කලා

ඉසුරුමුණියේ යුවල ලෙස පෙම් විශේෂණ පද එක්කලා
අදත් අපෙ රුව කරයි වරුණා පෙමට සළකුණ ලෙස වෙලා
තුරුණු කොලු හිත් තලුමරා යන නමුදු මා දෙස බල බලා
තරහ අවසර මගේ හිමියනි අපේ හිත් දැන් ගල් වෙලා

21 comments:

  1. මාලා කිව්වෙ අර අපේ මාලා අක්ක ද? රහයි ඈ.....

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ ඒ මාලා නෙවෙයි වෙන මාලා කෙනෙක් ...

      Delete
  2. අරුණ බේරෙන උයනෙ රන්මසු කැකුළියක් ඉඟි බිඟි කළා
    කරුණ එයම වී දෙසිත් එක්වී අප දෙදෙන නිති පෙම් කළා
    වරුණ රැව්දෙයි මාලියේ අපෙ සෙනෙහෙ අදටත් ඉතිරිලා
    තරුණ බැල්මෙන් නොදැවෙනා නුඹ තවත් මා වෙත ළංවෙලා.........

    ලස්සනයි සඳූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. තරුණ බැල්මෙන් නොදැවෙනා නුඹ තවත් මා වෙත ළංවෙලා..

      අපූරුයි දුමී

      Delete
  3. රොමෑන්ස් ... නියමයි .. පට්ට රහයි.

    ReplyDelete
  4. /තරහ අවසර මගේ හිමියනි අපේ හිත් දැන් ගල් වෙලා/
    පුහ් නියමයිනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් ආසම කෑල්ල

      Delete
    2. ස්තූතී හැලප තුමෝ....

      කොච්චි ආසම රසම කෑල්ල නේ ?

      Delete
  5. // කියන්නට අප ගැන රජුන් හට අපේ දෙස හොරැහින් බලා
    අපේ ප්‍රෙමාලිංගනය රහසෙම කලු ගලක කැටයම් කලා//

    මරු...!

    ReplyDelete
    Replies
    1. මේ පෙම් යුවල සාලිය අසෝකමාලා කියලා මතයකුත් තියෙනවනේ. අන්න ඒ ඔස්සේ ගිහින් තමා මේක ලිව්වේ
      ස්තූතී චෙෆ් තුමෝ

      Delete
    2. කුනී ගේ රහස් පෙමක් එහෙම උනානං රජතුමා ඕක තියෙන්න දෙන්නේ නෑ ඇත්තටම...!!

      Delete
  6. පුදුම ලස්සනයි සොඳුරු... මටත් ඕනේ උනා ලස්සනම කොටසක් උපුටා පෙන්වන්න..., එත් මට මේ හැම පද පේළියක්ම පුදුම ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතී එරන්දි අගය කිරීමට

      Delete
  7. අපේ හිත් දැන් ගල් වෙලා...හරිම අගෙයි ඒ කවි පෙල

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. ///////උයන මැද පෙම් කෙළින එ'සඳ ලෝකයම අමතක කලා///////

    වයසක අපිවත් ඔය ලමයා තරුන කරවනවා.....සඳගේ රොමැන්ස්වල අඩුපාඩු නැහැ.

    ReplyDelete
    Replies
    1. රොමෑන්ස් වලට වයසනම් මොනාද අප්පා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...