සඳට බැළුම් හෙලූ අය

Feb 11, 2017

වැලන්ටයින් උඹ , ඇවිත් කරපු හරියක් !






ඉති ඒ එ' දවස
ආදරේ තිබුනේම
රතු රෝස පුසුඹක
කැන්ඩෝස් චොකලට් පෙත්තක
රුපියලෙන් රුපියල එකතු කර
හීනෙකට පාට දුන් පුංචි සුබ පැතුමක...

ඉති ඒ එ'දවස
ආදරේ තිබුනේම
කල්පෙකට වගේ එක දවසක
අතින්වත් අත ඇල්ලු මොහොතක
අන්න ඒ වගේ එක දවසක ළඟ ඉදන්
තොල ගෑව දම් පාට පෝටෙලෝ උගුරක....

ඉතින් ඒ එ'දවස
ආදරේ තිබුනේම
සුවඳ මුහු කල පාට කොළ වල
ලෝකෙටම හොරෙන් ලිව් කවි වල
දුන්න තරමක් හාදු දුන්නෙම
දෙතොල් සළකුණ තැබුව ලියුමක.....

ඉතින් ඒ එ'දවස
ආදරේ තිබුනෙ මුලු පපුවෙම
නොදැක්කට නොදෙඩුවට සතියම
මතක නිතරම තිබ්බෙ හිත උඩ
දැවිල්ලක් වගේ ඇස් අස්සෙම
කෙවි කෙවී තිබුනේ එකමෙක රුව...

ඉතින් ඒ එ'දවස
යටගිය දවස බරණැස
විශ්වයම අතැඹුලක් වෙන්න  කලකට පෙර
වැලන්ටයිනුත්  මෙහේ ඇවිත් නෑ එතකොට
ඉතින් ඒ ඉස්සරම ඉස්සර
ඇත්තමයි ආදරේ තිබුනෙ ආදරෙ ලෙස...



පසුවදන - මෙය ලියන්න උත්තේජකයක් උන 90 දශකයේ ගෙදරට හොරෙන් ආදරය කල අපේ අක්කගේ රස කතා වලට ඉස්තූති වේවා .ඒ කාලේ මෙහෙම සොඳුරු ප්‍රේමයක් විඳින්නට බැරි උන මම හරිම පව්.ඉතින් මම අපේ අක්කාට ඉත සිතින් ඊරිසියා කොරමි.

51 comments:

  1. එහෙත් මේ මෙදවස
    අනේ මන්දා ....
    වැලන්ටයින් ලංකාවට එන්න ඉස්සර
    තිබ්බ ඒ ආදරේ අද.....

    සඳූ... යතාර්ථය කියන මරු කවියක් මේක.

    ජයවේවා!!!

    ReplyDelete
  2. මෙහෙමයි..අපිත් ඉතින් කියන්නේ මේ මගේ කතාවක් නෙවී මම දන්න යාලුවෙක් ගේ දෙයක් කියලානේ කිව්වේ..!
    අක්කාට ඉරිසියා කරන එක නාකයි...!

    ReplyDelete
    Replies
    1. හෑ... මම අපේ අක්කට වඩා අවුරුදු 5ක්ම බාලයි.ඒ කාලේ මම හිච්චි එකී ඒත් ඉතින් මමත් අත ඇරියෙ නෑ මමත් හෙන සිරා ලව් කලා මාධවන් අර ටැමිල් නලුවා අන්න එයාට, එතකොට වස්සාන සිහිනෙ කසුන්ට.Backstreet Boys nick carter ට එහෙම මැරීගෙන ලව් කොලා.කොහොමත් මට ඉස්කොලෙ කාලෙ ප්‍රේමයක්නම් තිබුනේම නෑ.

      Delete
  3. වැලැන්ටයින්ට මුවා වෙලා අවංක ආදරයත් සෙල්දාලා විකුනනවා කඩපිල්වල ආ ලාබායි ආ.....ආදරය ....ලාබායි.....උඩින් ආදරය යටින් රාගය......

    ReplyDelete
    Replies
    1. පූජණීයයි කියන
      ආදරේ
      එක එක තාලෙට ඔතල
      හිතූ හිතූ ගානට
      විකුණගෙන කන්න
      ඔන්න ආයෙමත් ඇවිල්ලා
      වැලන්ටයින්
      ලංකාවට....

      ස්තූතී අසංග

      Delete
  4. පෝටෙලෝ ලව් එක්ක ලගින් යනවනේ

    පෝටෙලෝ බිව්වහම සුවදයි ...රසයි..........ඔව් ඔව්

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් වනචර කතාවක් නේ ඔය කියාගෙන එන්නෙ

      Delete
    2. ඒ ඉස්සර පෝටෙලෝ දැන් නෑ නේද අටං අයියේ දැන් තියෙන්නෙ ෆැන්ටා පෝටෙලෝ නේ.

      Delete
    3. හෑ මොකක්ද ඒ වනචර කතාව කොච්චි ? අපිටත් කියන්නකෝ

      Delete
  5. දැන් මේ අක්කා විතරමද ලව් කලේ? ඔයා කලේම නෑ ?
    ඒ එ'දවස මාර ලව් නෙ ගිහින් තියෙන්නෙ මෙ පුර... ඒක නෙ බලන් යද්දි දවස

    ReplyDelete
    Replies
    1. මොකෝ නැත්තේ කොලා කොලා , හැබැයි ඉතින් මේ කියන කාලේ නෙවෙයි මම ලව් කරන්න පටන් ගන්නකොට වැලන්ටයින් මෙහෙ බින්න බැහැලා, විශ්වයම ඇගිලිතුඩු වල.

      Delete
  6. අඩේ ඇත්තමයි, ඇත්තට මට හිතුන්නෑනේ මේක​, ආදරයත් වාණිජයක් වෙලා අද......

    ReplyDelete
  7. 90 දශකයෙ ඔහොම නම් ඔහෙට හිතාගන්නවත් පුලුවන්ද 70 දශකයෙ අපි පේම කලේ කොහොමද කියල?...

    ඉසිඹුවක් ලද වහා ලියන්නෙම් වේද මම්...:)

    ReplyDelete
    Replies
    1. හි හී බැරිකමක් නෑ ඉතින් අපේ අම්මගෙ ලව් ස්ටෝරිය ඇහුවම. ඉතින් ලියන්කෝ ඔය ලියනවයි කියන ඒවා සේරෝම

      Delete
  8. ඉතිං එදවස නිකැල් ආලය කරපු කාලය ගිහින් සැගවී
    නෙතින් නෙතකට බැදුනු පෙම් සිත් කොහේදෝ නැහැ විහින් පරවී
    ගතින් ගතකට වෙලී ඉන්නට හදයි පමණක් අදුරෙ ගිල්වී
    හිතින් වත් අපි හිතාගමු පෙම්බර අතීතය මහමෙරක් වී

    නෙල්ලිPrince

    ReplyDelete
    Replies
    1. ඇයි මම ලිව්වා අව්ල් වගේද 😜

      Delete
    2. අපූරුයි නෙල්ලි... දුමී එක්ක හරි හරියට කවි වලින් පිලිතුරු දෙන්න දැන් ඔයත් ඉන්නවා.

      Delete
    3. මේ නෙල්ලි අද කොච්චියා බීල ඉන්න බ්‍රෑන්ඩ් එක මොකද කියලා හොයලා බලන්නකෝ.හි හී

      Delete
    4. මම දන්න තරමින්නම් දවල් මම යද්දි කොච්චියා බීල හිටියෙ නැහැ හැබැයි 🤔

      Delete
  9. අනේ මන්ද ඉතින් , ලියුම් වලින් ලවු කරපු එවුන් හිටපු පරම්පරාවේ අන්තිම පුරුක් ටික තමයි අපි...
    දැන් ඉතින් සේරම අන්තර් ජංජාලෙන් නොවෑ..
    පුළුවන් නම් හොයාගනින් මල් සරාගේ fb එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම SMS එකකට CALL එකකට වඩා ලියුමක් මොන තරම් ආදරණීයද නේද ?

      Delete
  10. අනේ මන්ද සදවතියෝ මට නම් කියන්න තියෙන්නෙ ටිකක් වෙනස් එකක්
    ඒ කාලෙ ආදරෙයි අද ආදරෙයි වෙනසක් නෑ
    සැකයිනම් අරුණ අයියගෙ බොලොග් එක බලන්න. ලුණු ඇඹූල් ඇතිව ලියලා තියෙනවා උපරිමයට ඒක කියවද්දි මට තේරෙන් නෑ ඔය පරතරයක්....ලියුමෙ තියෙන ත්‍රිල් එක වයිබර් මැසැජ් වල නෑ...වයිබර් මැසේජ් වල ත්‍රිල් එක ලියුමෙ නෑ...
    මන් හිටියේ සංක්‍රාන්ති කාලයක ඔය දෙකම හොද හැටි ව්න්දා

    ReplyDelete
    Replies
    1. ආදරේ ආදරේම තමා රස්තියාදුවෝ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සමාජ , පරම්පරා මෙකී නොකී දෙවල් තමා වෙනස් වෙන්නේ. අරූ ගේ බ්ලොහයටත් ගිහින් බලන්න ඕනේ

      Delete
  11. අපිත් හරි හරියට ලියුම් ලිව්වා. 2005 2006 කාලෙ හැබැයි වැලන්ටෛම් නම්සමරල නැහැ. මොකද හොස්ටල් නෙ. හරිම අපූරු කවියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතී කටකාරී ඔයාටත් ම්ම්ම් ඒ කියන්නේ සහස්‍රයෙත් ලව් ලෙටර්ස් ලියලා තියෙනවා

      Delete
  12. ආදරේ මාරයි සඳ....අපේ කාලේ වැලන්ටයින් හිටියේ තරු පහේ හෝටල්වල විතරයි. පොර හිටියත් නැතත් අපි අපේ වැඩ ඔක්කොම කරගත්තා. මට කෙනෙක් ලියුමක් දීලා තියෙනවා මගේ උසට සමාන. ලියුමයි, දීපු කෙනයි තාම ඉන්නවා. වැලන්ටයින් ගැන නම් එච්චර අත්දැකීම් නැහැ.

    ReplyDelete
    Replies
    1. අප්පා ඉතින් ඔය ලියුම කියෙව්වෙ කොහොමද බිම දිගේ එලාගෙනද මාගල වගේ

      Delete
    2. තනියෙන් ඉන්න කාලේ ඔමාන්වලට වෙලා, ඕක කියවනවා. ආපහු රෝල් කරනවා. ආපහු දිග හැරගන්නවා. ආපහු රෝල් කරනවා...සඳ මේක තමයි ආදරය.. මේ තුල සියල්ල නැවත නැවත අපව ජීවත් කරනවා...සැබෑ ආදරය අනර්ඝ ජල දහරාවක් වගේ..සත්තයි. එය නිරතුරුව රස විඳින්න. එය ඔබේ ජීවිතයේ වඩාත්ම වැදගත් රාජකාරිය බවට පත්කරගන්න. මම මේක ගැහැණු උදවියට කියන්නේ. පිරිමි අපිට නම් ජල මොකෝ ජලජ වුනත් ඉතින් මොකෝ : D

      Delete
    3. ඔව් ඇත්තෙන්ම ආදරේ වෙනස් වෙන්නෙ නෑ ඒක සදාතනිකයි වෙනස් වෙන්නෙ අපි ආදරෙන් දුරස් වෙන්නෙ අපි ඕක පොඩ්ඩක් එහා මෙහා වෙනකොට අපිම තමයි ළඟට ඇදලා ගන්න ඕනේ.කොච්චර වයසට ගියත් ආදරේ ආදරේමයි

      Delete
    4. මං ලියුම් ලියන්න ඇති දහස් ගානක්....අයියෝ කණගාටුව...ලියුම් පරෙස්සම් කරන්න දුන්න යාලුවා ආගිය අතක් නැති වුණ එකයි..

      Delete
    5. අපරාදේ සංරක්ශණය කරලා තියා ගන්න එපැයි

      Delete
    6. ////ලියුම් පරෙස්සම් කරන්න දුන්න යාලුවා ආගිය අතක් නැති වුණ එකයි../////

      ඔයා ලියුම් ලියපු එක්කෙනයි, ලියුම් පරිස්සම් කරපු එක්කෙනයි, එක අවස්තාවකද ආගිය තැනක් නැතිවුනේ...මරු හලෝ...

      Delete
  13. සිතා සතොසින් සදයි මනරම් කව්ලුවෙන් අද්දර නෙතු ගසා ඉමි
    රැය ගෙවේ
    සද කොහේ කෝ ?

    ReplyDelete
  14. ඕක මගේම කතාව කියලා හිතෙනවා මට..මාත් ප්‍රේම කලේ 90 දශකයේ...අපේ උන්දැට නම් ඕව මතකත් නෑ..ඔන්න ඕවාම තමා ඒ පෙම් පලහිලව්වෙත් වුනේ..හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අමතක වෙලානම් මතක් කරල දෙන්න විසිරි... මොන තරම් සුන්දර මතකද

      Delete
    2. විසිරි අපි ටියුෂන් දෙනවා හොඳේ....!

      Delete
    3. /////විසිරි අපි ටියුෂන් දෙනවා හොඳේ....!//////

      ශෙෆා.....+++++මෙහෙම එකක් දාන්නද x2මෙහෙම එකක් දාන්නද....

      Delete
    4. දැන් මේ ඔය දෙන්න මොනාටද ටියුශන් දෙන්නේ

      Delete
  15. මාරු...!! වෙන වචනයක් ආවෙම නැ හිතට.... සොඳුරු... හැබෑම සොඳුරු කවිකාරියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතී එරන්දි... මම ඒත් බැලුවා කෝ ඔයා මොකද සද්දයක් නැත්තේ කියලා

      Delete
    2. මාරු...ඇයි...මාරු සල්ලි හම්බුනේ නෑ...?

      Delete
    3. Oops I mean superb. Extremely sorry සොඳුරු
      Thanks Archi...

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...