සඳට බැළුම් හෙලූ අය

Mar 2, 2017

බතීගෙන් අරවින්දට !






සරෝජනී නමට වෙන් කරපු ඔය හිත
දෙන්නෙ නැති බව ඉතින් දන්නවා මට
ඒ වුනත් මහත්තයො නුඹ නොකී පෙම
නෙලුමක්ව පිපිනවා පපුවෙ හරි මැද

ලෝකයා කීවාට කයි කතන්දර
තාත්තෙක් වගෙයි නුඹ මහත්තයො මට
ඒ වුනත් තාම නාඹර මගේ හිත
හොයනවා ඔය පපුවෙ නිරාමිස සුව

ජීවිතේ සියලු සැපතටම වැට බැද
හුදකලාවම ගෙවන සාදු පිලිවෙත
මගෙ ගැහැනු කම් අසල දැහැන් බිඳගෙන
මහත්තයො ඇවිලෙනව නේද ඉදහිට

ළං වෙන්න ළඟ ඉන්න නැතත් සදහට
දාසියක් හෝ වෙලා හිදිමි පා මුල
විරාගික ඔය හිතෙන් ගලන සුවඳට
මහත්තයො දුරින් හිඳ ඉව කරමි මම

හමුවෙලා ආයෙ සසරකදි මග තොට
නුඹ එක්ක මහ දුරක් යන්න හිත ඇත
මගේ සෙනෙහස් විලේ කොඳ කැකුළු මත
අරවින්දයක් සේම පිපී එනු මැන

36 comments:

  1. Replies
    1. ස්තූතී මේ ඇගයීමටත් මෙහෙ පැමිණීමටත්

      Delete
  2. Replies
    1. ඔබටත් ස්තූතී මේ ඇගයීමටත් මෙහෙ පැමිණීමටත්

      Delete
  3. පිපුනත් අරවින්දය
    නොදේ සුවඳ වෙන හිතකට
    පුරාගෙන සාදු පිලිවෙත
    හිදී උරුම කරගෙන හුදකලාව.

    ලස්සන කවි පන්තියක්.....:)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී මේ වචන වලටත් ඇගයීමටත්

      Delete
  4. ඇයත් සමග වෙන්වූවත් හිතට නිතී
    මටත් දැනෙනවා සුවඳක් නෙලුම් පෙතී
    උඹත් මමත් ළඟ හිටියත් ළංව නැතී
    හෙටත් අඳුරු නෑ ඉවසා ඉඳින් බතී......

    සඳූ.... හැමදාමත් වගේ ලස්සන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇගේ මතක අස්සෙම හැංගිලා නිතී
      මගේ සෙනෙහෙ ගැන කෝ කිසි වගක් නැතී
      නෙළුම් පතේ රැඳි පිණි බිඳ වෙලා මදී
      මමත් ඉඹින්නට ආසයි සියක් පෙතී

      ඔන්න හැමදාම දුමීගේ මේ සුන්දර කවි වලට ස්තූතී කියල විතරක්ම මදිනෙ ඒ නිසා කම්මැලි කම අතඇරල ලිව්වා පිලිතුරක්

      Delete
    2. ලස්සනයි සඳූ... සතුටුයි කවියට කවියකින්ම පිළිතුරක් දුන්නට.

      Delete
  5. ඒක නම් වදිනවා තදටම.. ඔය ලිව්වෙ ඒ අරවින්දට මද?
    සඳවතී ගේ රොමෑන්ස් වල තවත් පැත්තක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා ඒ අරවින්දටම තමා, මම ඒ අරවින්දට හරිම ආදරෙයි

      Delete
    2. යුගාන්තයේ අරවින්ද ගැන මොකෝ හිතන්නෙ

      Delete
    3. ගම්පෙරලිය තරම් කලියුගයවත් යුගාන්තයවත් මගේ හිත ගත්තෙ නෑ පොඩි කාලෙ ඉදන් ගම්පෙරලිය විරාගය කීප පාරක් කියවල තිබුනත් පොඩිම කාලේ කියෙව්වට පස්සේ අනිත් කතා දෙකම මේ වෙනකන් කියවලා නෑ.මාලින් ඉන්නෙත් ඔය කතාවෙ නේද ?

      Delete
    4. ගම්පෙරළිය ට වඩා කලි යුගය සහ යුගාන්තය දෙකම මට වැදිච්ච පොත්...කලියුගයේ ඇලන් වගේම යුගාන්තයේ මාලින්,තිස්ස සහ අරවින්ද තුන් දෙනාම මට මගේ ඇතුලේ ඉන්න චරිත වගේ දැනෙනවා..එදත් අදත්

      Delete
    5. ම්ම් ඒකත් එහෙමද ? අවුරුදු 13 දි විතර කියෙව්වට පස්සෙ තාම කියෙව්වෙ නෑ බලමු ආපහු කියවලා මටත් වැදෙනවද කියලා

      Delete
  6. රහයි කවිය..

    මම බොහොම අඩුවෙන් පොත් කියවූ කෙනෙක්....ඒ කියවූ සුළුතරයක් පොත් වලින් විරාගය කියන්නේ මගේ ප්‍රියතම පොතක්, අරවින්ද කියන්නේ මම කැමතිම චරිතයක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතී පොකුරු, මමනම් පොඩි කාලේ ඉදන් පොත් කාවෙක් වගේ කෑවා ඒ අතරින් විරාගය කියන්නෙ මගෙත් ප්‍රියතම පොතක්.

      Delete
    2. මමත් ඉස්සර කාවෙක් වගේ පොත් කෑවා. ඒත් මාර්ටින් වික්‍රමසිංහ කියන්නේ කවමදාවත් මට ටේස්ට් වුනේ නැති රහක්. අඩුමගානේ මම මඩොල් දූවවත් කියවලා නෑ. මම දන්නේ නෑ ඒ ඇයි කියලා. ඒ වුනාට එයාගේ පොත් වලින් හදපු චිත්‍රපටනම් ඔක්කොම බලලා තියනවා. අදටත් මට අරවින්ද කිවුවහම මතක්වෙන්නෙම සනත්ව.

      මේ කවියට පට්ටයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද.....

      Delete
    3. නිකමට කියවලා බලන්න ඉතින් කියවලා නොබල කොහොම්ද සෙට් වෙන්නෙ නෑ කියන්නේ ? එයාගේ පොත් කියෙව්වෙ නෑ කිව්වම මට පොඩි දුකකුත් එනවා අනේ. ඒත් ඉතින් ඔයාගේ කැමැත්ත නොවැ

      Delete
  7. //සරෝජනී නමට වෙන කරපු ඔය හිත// ???
    සරෝජනී නමින් වෙණ වයපු ඔය හිත....
    සරෝජනී නමට වෙන් කරපු ඔය හිත.....
    ඔන්න ඕක හදලා දාන්න සඳූ...මේක මරු..!

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද ඔයාට විතරයි ඒ අඩුව පෙනිලා තියෙන්නේ , ස්තූතී චෙෆාකි ඔන්න මන් හැදුවා ඒත් ඉතින් ඔයා ලියපු පදේ නොදා ඉන්නම් හරි නෑනේ.

      Delete
    2. ගනන් එපා සඳූ...!
      ඉවසිල්ලෙන් ලියන්න...!

      Delete
    3. ඉවසිල්ල කියන්නේ කවියක් ලියලා දහ දොලොස් වතාවක් බලනවා හරි වැරදි ඒත් සමහර මේ වගේ ඒවා අහුවෙන්නෙම නෑනේ

      Delete
  8. පුදුම ලස්සනයි සොඳුරු මේ කවිය

    ReplyDelete
  9. Mama photo kella nisamae balanna awe 😂😂😂,

    Lassanae

    ReplyDelete
    Replies
    1. ෆොටෝ කෑල්ල බලන්න හරි ආව එක සතුටක්

      Delete
  10. කුමට ඉගි කරනවද
    විරාගික හිතින් ගලන සුවදට
    දුර ඉදන් සොදුරියේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙහෙ ආවට වැව් ඉස්මත්ත ඒකෙන් මට තව අලුත් බ්ලොග් එකක් ලැබුනා කියවන්න

      Delete
  11. ගොඩක් ලස්සනයි යාලු. ජය වේවා...

    ReplyDelete
  12. මන් නවකතාවක පරිකල්පනය කියන දේ මුලින්ම තේරුම් ගත්තේ විරාගය කියෙව්වයින් පස්සෙ.
    මාටින් වික්‍රමසිංහගේ අතිශය සියුම්ම නවකතාව. අරවින්දගේ හිත ගොඩක් ගුප්තයි සොදුරු...
    සොදුරුගේ බතී හිතනවටත් වඩා වඩා......රහයි කවිය.....

    ReplyDelete
    Replies
    1. මමත් ඔහුගේ කැමතිම කතාව අරවින්ද කියන්නෙත් මම ප්‍රිය කරන චරිතයක් මම කියවන බලන දෙයක් මම උපරිම වින්දම තමා මට මෙහෙම ඒ ගැන ලියන්න පුලුවන් වෙන්නේ

      Delete
  13. ඒක හරි ලස්සනයි. සරලයි.
    ස්තූතියි සොඳුරු සඳවතී මගේ බ්ලොගයට ගොඩ වුනාට

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...