සඳට බැළුම් හෙලූ අය

Mar 15, 2017

රත්තරං....


ලිවීමයි කියවීමයි දෙකම  එපාවීමෙන් මේ දිනවල පීඩාවිඳිමි. ඒත් බ්ලොග් එක පාලු වෙන්න දෙන්න බෑ අප්පා ඒ නිසා පරණ කතන්දර ආයෙම ආයෙම දාන්න හිතුවා.



මේ මහ වැස්ස
හරිම සීතලයි
අනවසරයෙන් ගොඩ වදින හිරිකඩ
හිත හිරිවට්ටනව...
රත්තරං ,
හාදු කන්දක්ම අරගෙන
එනවද...
අහස් දියට තෙමෙන
මේ හිත
උණුහුමින් පුරවන්නට...

30 comments:

  1. ගත්තත් පික් මී
    වැස්සට යටවූ
    නගරයේ
    හිරවුනා නොව me...!

    ReplyDelete
    Replies
    1. ඔහෙත් වැස්සද
      මෙහෙත් වැස්ස නොවැ

      Delete
  2. ඒ වැඩෙත් නරක නෑ. මං කිව්වේ පරණ පෝස්ට් ආයෙ ආයෙත් දාන එක.

    ....ඒ රත්තරනුත් මේක බලන්න ඇති නේද ?...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මේවා අලුතින් බ්ලොග් එකට එකතු උන අය දැකලත් නෑනේ, හි හී එයා මේවා දැක්කා මේ අවුරුදු පහ හයකට කලින් ලියපු එකක්

      Delete
  3. ඔයාගෙ ඒ කාලෙ රොමෑන්ස් වල ශෘංගාරය අඩුයි. වැස්ස .. ප්‍රේමය..හාදු...රාත්‍රිය..උණුසුම ..සීතල..හිරිගඩු..
    අන්න වචන...

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ කසාඳේ කෙරිලා තිබ්බේ නෑ කියන්නේ....

      Delete
    2. ඒකනේ කොච්චි ඒ කාලේ මම බැඳලා නෑනේ ඔය කටුසු කියලා තියෙන්නේ. අත්දැකීම් වලින් තමා පරිනත උනේ. හි හී

      Delete
  4. වහිද්දි මෙහෙව් කවි අලුතිනුත් ලියවෙන්න ඕන සඳූ....
    ලියන්න කියවන්න බැරි වෙන සංක්‍රාන්ති සමයන් මටත් එනවා අවුරුද්දකට කීප වරක්ම....ඔහොම තමා ඉතින්...
    මේක ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව් විසිරි වෙනදටනම් වැස්ස කියන්නේ මට කවි මවන උල්පතක් ඒකට මේ දවස් අයියෝ එපා වෙලා පැත්තකට වෙලා කල්පනා කරලා කරලා ලිව්වොත් මිසක් ඉබේ ලියවෙන්නෙම නෑ. මම ආස නෑ ලියන කවි වලට මට ඕනෙ කවි ඉබේ හිතේ ලියවෙන්න.

      Delete
  5. පරන පෝස්ට් දාන එකත් හොඳයි මේව අපි දැකල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මීට අවුරුදු පහ හයකට කලින් මට හිටියේ වෙනමම කියවන්නෝ සහ ලියන්නෝ සෙට් එකක්. දැන් එයාලගෙන් දෙතුන් දෙනයි ඉන්නේ අනිත් අය සේරම අලුතින් හමුවෙච්ච අය බ්ලොග් ලෝකෙදී

      Delete
  6. සොඳුරු සඳවතීට වගේ මමත් මේදවස් වල ගොඩාක් වැඩ වලට හිරවෙලා මුකුත්ම ඔලුවට එන්නේ නෑ. අඩුගානේ කොමෙන්ට් කරන්නවත් කිසිම අදහසක් එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කාලෙකට ඔහොම තමයි අප්පා

      Delete
  7. හ්ම්ම්ම්... ලස්සනයි සඳවතී.

    හිරිවැටුණු හිත ලඟට
    උණුසුමක් දෙන්නට
    ඔහු ඒවි දුවගෙන
    වැස්සේ තෙමීගෙන

    ජය වේවා...

    ReplyDelete
  8. ඔහොම තමයි සඳ.....මාත් මේ බොහොම අමාරුවෙන් යමක් ලියාගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ දවස්වල හැමෝටම මට වගේ

      Delete
  9. හැරිල බලලා ආසාවෙන් ඉදිරිපත් කරන්න අතීතයක් තියනවා කියන්නෙ සොඳුරුයි තමයි ඉතින්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත ලබු.. ඒ අතින් මම ලකී

      Delete
  10. එහෙම හරි කමක් නෑ මොනා හරි වැටෙන එක

    ReplyDelete
    Replies
    1. ඒකනේ කම්මලි උනොත් උනාම තමයි

      Delete
  11. Replies
    1. මක්කටෙයි සුබ පැතුම්

      Delete
    2. Nomination වලටනේ මෙයා....!

      Delete
    3. හුටා..මේ සොඳුරු ජෝඩුව ටැපලෙනව අප්පා...කමක් නෑ..මේ බ්ලොග් එකත් ඉන්න ඕන අප්පා ඒවා අතරේ...

      Delete
    4. මම හිතුවා පටලගෙන තමා කියලා..අම්මෝ මම තාම කූඹියෙක්නෙ තව කල් තියෙනෝ මට ඕවට

      Delete
  12. මේ වැහි වැටෙද්දි
    සත්තමයි මතක් වෙන්නෙ
    නුඹව විතරමයි..
    එමි හැකි විගසින්ම
    පිසදාලන්න හිත හිරිවට්ටන
    ඔය හිතුවක්කාර හිරිකඩ
    අරගෙන හාදු කන්දක්ම..


    ජයවේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී මෙහෙ ආවටත් මේ කවියටත්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...