සඳට බැළුම් හෙලූ අය

Apr 17, 2017

මග හැරුන ආදරේ.......







දළඳාවෙ තේවා හඩ ඇහෙන මානයේ
නුවර වැවේ දිය කඳ රැළි ගසන යාමයේ
හන්තාන දෙසින් එන මුඳු සීත මඳ නලේ
සැරිසරා සැරිසරා මේ නුවර වීදියේ
මං තාම හොයනවා මග හැරුන ආදරේ.......

තව එකම එක වරක්
අපි ආයෙ හමුවෙලා
වැව් බැම්ම කෙලවරේ
නෙත් වලින් පැටලිලා
හුරු සුවඳ විඳින්නට එනවද
ලෝකයෙන් සැඟවිලා.....

අපෙ මතක කප්පරම
වැව් දියේ සඟවලා
මහවැලිය වගේ ගළන කඳුලු
වැව් දියට එක්කලා
හන්තාන වගේ නොසැලී යමු
ආයෙ වෙන්වෙලා......

23 comments:

  1. සුපර්ප් ..
    ජය වේවා ..!!!

    ReplyDelete
  2. ඉවරයක් නැති සුසුමෙ තැවරුණු දුකත් මේ සුළඟට දැනේ
    නුවර වීදියෙ මම හොයන්නෙත් අතරමංවූ නුඹෙ සෙනේ
    කවරදාකවත් වෙන් නොවන්නට හිතුව මුත් නෑ ඒ දිනේ
    නුවර වැව ළඟ හිඳින්නෙමි මම ඇවිත් තුරුලුව ඉනු පනේ.....

    සඳූ.... හැමදාම වගේ ලස්සන අදහසක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ස්තූතී ඉතින් දුමී

      Delete
  3. මඟ හැරිච්ච හන්තාන සිහිනය ගැන පෝස්ට් එකක් ලියලා ඉවර වුණු ගමන් මුලින්ම දැක්කේ මේ කවිය.. ඇබින්දක් හිත රිදුණා ඉතින්..

    වෙනදා වගෙමයි - කවිකම් මනරම්..!

    ReplyDelete
    Replies
    1. ස්තූතී වැසි දැරිවියේ... මම කලින්ම ඒ පැත්තේ ගිහින් කමෙන්ටුවකුත් කෙටුවා ඕං

      Delete
  4. ක්ලැසික් මියුසික් එක්ක ඇහෙන විදිහ නිකං හිතල බැලුව. නියමයි ඈ!

    ReplyDelete
  5. හන්තාන දෙසින් එන මුදු සීත පවන් රැලි ඔබ තාම හොඳින් හඳුනනවානම්

    සින්දුව මතක් වුනා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් බොහොම අපූරු ගීතයක් නොවැ

      Delete
  6. ලස්සනයි සඳු
    හන්තාන සුළඟ තාමත් රිද්දනවා අපේ හිත්

    ReplyDelete
    Replies
    1. ඒ රිදුමත් බොහොම සුන්දර රිදුමක් වෙන්න ඇති

      Delete
  7. හන්තානයි,මහවැලියයි ලංකාවේ ජීවිත සෑහෙන්න වෙනස්කරන්න දායක වෙලා ඇති.

    ReplyDelete
  8. අපිට නෑනෙ ඔය නුවර වැව වටේ ගිය හන්තානේ ඇවිද්ද පෙම්කතා

    ReplyDelete
    Replies
    1. අපිටත් හිටියෙ නෑ ඉතින් ඔය කිව්වට

      Delete
  9. ඒක හරිම ලස්සනයි නංගී

    ReplyDelete
  10. ලස්සන කවියක් සදවති. බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනෙ... සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ඒ ගීතයනම් හරිම සුන්දරයි මම කැමතිම එකක්

      Delete
  11. සින්දුවක් ලියල වගේ. තාමත් හොයනවද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් තාම හොයමින් ඉබාගාතේ සැරිසරමින්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...