සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 18, 2018

මේක කෙටිම කෙටි කතවක් !





මම හිටියෙ නින්දත් නොනින්දත් අතර... හිස්ම හිස් අවකාශයක.... මුකුත්ම හිතා ගන්න බැරුව.ඒත් ඇස් වලින් කඳුළු ගැලුව ... මට ඒ කඳුළු වල ලවන රස දැනුන.හිස්ම හිස් වෙච්ච හදවතින් මම එහෙම කොච්චර වෙලා ඇඬුවද කියල මට මතක නෑ... කාලය ගැන මට වගක් තිබුනෙ නෑ...එක පාරටම කවුදෝ මගේ උරහිස් වලින් හොලවල හොලවල මාව ඇහැරුව.මම ඇස් අරිද්දි මම වගේම කෙනෙක් මගේ එහා පැත්තෙන් ඉනට  අත් දෙක තියාගෙන මා දිහා බලා හිටිය.

මොකද මේ ... පිස්සුද...?

එයා ඇහුවෙ තරහින්

ඇයි...?

මමත් ඇහුවෙ  ටිකක් තරහින්.

උඹ ආයෙත් ආදරේ කරන්න පටන් අරන් නේ...? දෙවෙනි පාරටත්... ඔව් දෙවෙනි පාරටත්....

ම්ම්ම්.. ඔව්... මම පිලිගන්නවා... ඉතින් ආදරේ කරන එක වරදක්ද...

අනේ නෑ.... කවුද කියන්නෙ ආදරේ වැරදී කියල...ඒත් ඔය තරම් ආදරේ කරන්න උඹ තෝරගත්ත කෙනා වැරදි කෙනා වෙන්න පුලුවන්...

නෑ... නෑ... මම එහෙම හිතන්නෙ නෑ... මේ මම තෝරගත්ත කෙනා නෙවෙයි.මට එහෙම ආදරේ හොය හොය යන්න හේතුවක් තිබුනෙ නෑ...මට එයාව දැනෙනව... හරියට සංසාරගත පුරුද්දකට වගේ...එයා කවුද ... මොනවද  කරන්නෙ...මට ඒ මුකුත් වැදගත් උනෙත් නෑ... මුලින් මම දැනගෙන හිටියෙත් නෑ...මම එයාව හිතට ගත්තෙ එයාගෙ කතාවෙන්... මම එයාව මවා ගත්තෙ ඒ කතාවෙන්... මට ළඟයි කියල දැනුනෙ ඒ කතාව...

ඉතින්.... එයා කියපු හැමදේම උඹ විශ්වාස කරනවද ...?

ඔව්.... එයා බොරු කියන්නෙ නෑ....

 මම එහෙම කිව්වම ඒ මම වගේම කෙනා මහා හයියෙන් හිනා උනා.මට එයාව ඇඳෙන් බිමට  පෙරලලා දාන්න හිතුන.

උඹට පිස්සු... හොදටම පිස්සු.... ඔය ආත්මගත රොමෑන්ටික් කතා එයාට වැඩක් නෑ...එයා  මොහොතින් මොහොත වෙනස් වෙන කෙනෙක්...එයා කියන ලියන කරන ඕන දෙයක්. එයා ඒ වෙලාවට ඉන්න මූඩ් එකේදි විතරයි.ඊට පස්සෙ එයාට ඒවා මතක නෑ...

ප්ලීස් එහෙම කියන්න  එපා... ඔයාට අයිතියක් නෑ... මගේ ආදරේට ඔහොම කියන්න... මට එයාව විශ්වාසයි... මම තරමටම...

මම කෑගහල එහෙම කිව්වනම් එයාට ගොඩක් කේන්ති ගියා.

අයිතියක්...? උඹ ගැන දන්නෙ මම තරම් වෙන කවුද... ඉතින් මට අයිතියක් නැද්ද උඹ මේ ළඟකදි ඉදන් නටන පිස්සුවේ තේරුම හොයන්න...දවසට කී පාරක් උඹ ඔය ෆෝන් එක දිහා බලාගෙන හූල්ලනවද... ඇස් වලට කඳුළු ගන්නවද...ඒවා මම තරම් දන්නෙ වෙන කවුද...?

එයා සද්දෙට එහෙම අහුවමනම් මට කට උත්තර නැතුව ගියා. මම හිමිහිට  බිම බලාගත්තෙ ඒ ඇස් මඟාරින්න.

ඔව් ඒ උඹේ ආදරේ... උඹේ විශ්වාසය... උඹ බලන් ඉන්නවා කොයි වෙලාවෙ හරි ඉස්සර වගේ එයා උඹට වචනයක් කියාවි කියල....උදේ එලිවෙච්ච වෙලේ ඉදන් උඹ බලන් ඉන්නවා එයා ඉස්සර වේවි කියල... අන්තිමට රෑ වෙනකොට උඹ පරාදයි..උඹ කතා කරනකන්ම එයා කතා කරන්නෙ නෑ...උඹ ට මතකද ඉස්සර එයා තමයි උඹට මුලින්ම කතා කලේ. සමහර දවසට  ඒවා උඹ දවස් දෙක තුනක් යනකන්ම බලලත් නෑ.එහෙම හිටපු  උඹ තමයි අද මෙහෙම දුක් විඳින්නේ...

ප්ලීස් මාව අඬවන්න එපා....

මම බැගෑපත් උනා.

මට ඕනෙ අඬවන්න නෙවෙයි ඇත්ත උඹට තේරුම් කරල දෙන්න.

එයා වෙනස් වෙලා නෑ... එයාට මාව මතක ඇති...එයාට මාව කරදරයක්නම් එයා කෙලින්ම මට ඒක කියයි...අපි කතා උනා එහෙම. මම යන්නෙ කවදා හරි එයා කෙලින්ම මට ඒක කිව්ව දවසට...

එතකොට එයා උඹට කිව්වෙ කොහොමද...?

මම යන්න කිව්වත් එයා පස්සෙන් එනවා කිව්වා..

හා... හා.... හා... දැන් මොකක්ද වෙලා තියෙන්නෙ....උඹයි එයාගෙ පස්සෙන් යන්නේ...එයා පාඩුවේ ඉන්නවා...

නොකිව්වට ඒක නේද ඇත්ත කියලා මටත් නොතේරුනා නෙවෙයි.ඒත් මේ නපුරි ඉස්සර ඒක කියන්න මම බය උනා.

එයා තාම කිව්වෙ නෑ මාව එයාට කරදරයක් කියල....

කෙලින් නොකිව්වට මේ වෙන්නෙ ඒ ටික නේද... එයා උඹව මඟාරිනවා... උඹට උත්තර නොදී ඉන්නවා... එයා කවදත් ඔහොමයි.එයාට කෙනෙක් එපා කියල දැනුනනම එයා ඒ කෙනාව මඟාරිනවා.උඹ තාමත් ආදරේ කරන්න පුරුදු වෙනවා.... ඒත් එයාට ආදරේ කරන්න ඕන තරම් අය ඉන්නවා... එයා ආදරේ කරන අයත් ඕන තරම්... මතක තියාගනිං උඹ එතනින් එක්කෙනෙක් විතරයි... ඔව් එක්කෙනෙක් විතරයි...මතකනේ එයා උඹට කියපු දෙයක්...එයාට එපානම් එයා 'කවුරු 'එක්කවත් කතා කරන්නෙ නෑ... උඹ ඉන්නෙ ඒ 'කවුරුත්' කියන තැන මිසක් ඊට වැඩිය ඉහල තැනක නෙවෙයි.... උඹේ හිතේ මහා උඩක එයාව තියන් හිටියට එයා එහෙම නෑ...  ඒක තමයි උඹ පිලිනොගන්න.. ඒත් ඇත්ත...

මට කෑගහල අඬන්න ඕන උනා... මේ නපුරි ඇයි සැරින් සැරේ මගේ ඉස්සරහට ඇවිත් මාව මේ තරම් අසරණ කරන්නේ...සමහර විට එයා කියන දෙවල් ඇත්ත වෙන්න ඇති.ඒත්... ඒත්... මම එයාටත් වැඩිය ඔයාව විශ්වාස කරන එක මගේ දුර්වල කම වෙන්න ඇති.

 මට හිතා ගන්න බෑ... මීට අවුරුදු ගනනාවකට කලින් උඹ ඉස්ස ඉස්සෙල්ලාම ආදරේ කරද්දිවත් උඹ මෙච්චර වැටුනෙ නෑ...උඹ සැරින් සැරේ අහුමුළු වලට වෙලා හූල්ලන හීල්ලිල්ල   වැටෙන්න නොදී හංඟන  කඳුළු ... කාගෙන් හැංඟුවත්  මගෙන් කොහොමද හංඟන්නේ...?එයා වෙනස් .... උඹ වෙනස්.... කරුණාකරල ඒක තේරුම් ගනින්.එයා ජීවිතේ  එක්තරා රේස් එකකට වැටුණු කෙනෙක්..උඹට වගේ කාලය  නෑ එයාට කා වෙනුවෙන්වත් කැප කරන්න.එයා උඹත් එක්ක කතා කරන්න අරන් තාම අවුරුද්දයි...උඹට බැරිද  ඒ අවුරුද්ද අමතක කරලා ඉස්සර වගේ ඉන්න...?

බෑ... ඒක කවදාවත් වෙන්නෙ නෑ....මම එයාව දන්නේ ආත්ම ගානක ඉඳලා... ඔව්  දැන් මට හිනාවෙන්න බැරියෑ මේකිට පිස්සු කියල.. ඒත්  මම දන්න ඇත්ත ඒක..

 හරි හරි... ඒක උඹේ කැමැත්ත... ඒත් එයා නම් පෙරුම් පිරුවෙ හැම ආත්මෙකම වෙන කාගෙදෝ වෙන්න... ඒක උඹට අමතක වෙන්න විදියක් නැතුව ඇතිනෙ..

 ඒ නපුරි එහෙම කියල මට හිනා උනේ සම්ච්චලේට.

වෙන්න ඇති ... ඒත් මම ආදරෙයි....අයිතියක් නැති තැන බැඳීමක් නැති තැන සැබෑ ආදරේ තියෙනව කියලයි මම අහල තියෙන්නෙත් ... මට දැනෙන්නෙත්...

ඔය පිස්සුව ... ඔය හීන දැකිල්ල නවත්තගනිං පින්සිද්ධ වෙයි...මට බයයි උඹ අතරමං වෙයි කියල...

ආදරේ කියන්නෙ පිස්සුවක්නම්.. ඔව් මට පිස්සු... ආදරේ කියන්නෙ බලා ඉන්න එකටනම්  ඔව් මම බලන් ඉන්නව අද වගේම හෙටත්...ඔව් මම බලන් ඉන්නව එයා  යන්න කියනකන්ම... ඊට පස්සෙ මම කරදර කරන එකක් නෑ එයාට වචනෙකින්වත්... හැබැයි එහෙම ගිහිල්ලත් මම බලන් ඉන්නව කියන එක ඔයා විතරයි දන්නෙ... ඒ නිසා කරුණාකරල ඔයා මට බනින්න එපා...

 මම එහෙම කිව්වමනම් නපුරිට දුක හිතුනා... ඒ ඇස් වලත් කඳුළු ගුලියක් ඇවිත් හිර උනා.

උඹ පව්... ඇත්තටම උඹ පව්...මම දන්නව  උඹ මේ දවස්වල ඉන්නෙ වේදනා ගොඩක..උඹ එයාගෙන් හිත හැදෙන වචනයක් බලාපොරොත්තු උනා...උඹේ දුක ළඟ හයියට ඉඳී කියල හිතුව...ඒත් එහෙම නෑ.... එයා මේ මුකුත් දන්නෙත් නෑ... ඔව් .. අඩුම ගානෙ දන්නෙත් නෑ...ඒකයි මම කියන්නෙ උඹට  එයා  එහෙම කෙනෙක් නෙවෙයි... එයාට ඕන උනොත් විතරක් කතා කරන.. එයාට ඕන උනොත් විතරක් හිනාවෙන... එයාට ඕන උනොත් විතරක් ආදරේ කරන..එයා එහෙම කරනකොට අනිත් කෙනා පත්වෙන වේදනාව ගැන තැකීමක් නොකරන කෙනෙක් කියල...

 එපා.... ඇති.... තවත් එයාට දොස් කියන්න එපා.... එයා කොහොම උනත් එයා කවුරු උනත් මම එයාට ආදරෙයි... අනික  මම දන්නවා.. මට දැනෙනවා... එයාගේ හිතේ  කොහේ හරි මම ඇති... ඔව් කොහේම හරි මම ඇති.

 හරී... ඒකනම් උඹේ අවසාන තීරනේ මීට එහා මට කතා කරන්න දෙයක් නෑ.... ඒත් එයා නිසා කවදා හරි උඹ මීටත් වඩා දුකක් පපුවට ගන්න දවසට උඹේ තනියට ඉන්නෙත් මම විතරයි කියල උඹ මතක තියාගනින්....ඔව් මම විතරමයි....

 එහෙම කියපු නපුරී මගේ ඔලුවත් අතගාගෙන යන්න ගියා...ලොකූ හුස්මක් එක්ක මම ආයෙමත් මඟබලන් ඉන්න පටන්ගත්ත.



                                                     - ඉවර නෑ -

34 comments:

  1. හෑ..... කෙටිම කෙටි කතාවක් වුනාට අවසානෙද නිමිත් නෑලූ. :):)
    ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අවසානයක් නැති කෙටි කතා තියෙන්නෙ බැරිද දුමී...

      Delete
  2. හැමෝටම හිතේ තියන දුක ඔය විදියට හරි එලියට දාන්න පුලුවනිනම් කොයි තරම් හොදද? ඒත් එහෙම නොකර හිතේ තද කරගෙන දුක් විදින අය කොයි තරම් නම් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අනේ මේක දුක පිට කිරීමක් නෙවෙයි.... වෙනස් විදියට හිතලා ලිව්ව කෙටි කතාවක්....ලියන හැම අකුරෙම ලියන කෙනා හොයන එක තේරුමක් නෑ අනේ...

      Delete
  3. Replies
    1. ඉවර නෑ කිව්වෙ මඟ බලන් ඉන්න එකටනේ.... තව කොටහක් තියෙනවා කියන එකට නෙවෙයි.

      Delete
  4. මගබලගෙන ඉන්නවා හැමදාමත්

    ReplyDelete
  5. මේ කතන්දරේ රහයි...

    අවුරුදු ගානකට කලින් ලියපු කවියක් මතක් වුනා...


    හිතුවාද හීනයක බොඳ වෙලා යයි කියා
    නුඹේ ඇස් ලේසියට...අමතක වෙයි කියා
    දුන්න දා තුරුළු කර...හාදු නළලේ තියා
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහේ හරි ඇති කියා...

    කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා
    කවියක් ලියන්නට නිමිත්තක් දුන් නිසා
    නොදැක්කා නෙවේ නුඹ...ඒ වගේ උන් නිසා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහේ හරි ඇති කියා...

    නිදි කුමාරිය නුඹේ පණටත් වැඩි කියා
    නුඹ කියද්දී මට දැවෙන සුසුමක් හෙලා
    දරාගෙන මං උන්නෙ...ඇය නින්දෙ උන් නිසා...
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
    කොහේ හරි ඇති කියා...

    ඇය අවදි වී ඇවිත් නුඹ අරගෙන ගියා
    මං ඇවිත් නුඹලාට සුබ පතලා ගියා
    අදටත් ඉන්නකොට ඉඳහිටක ඇස් පියා
    මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ
    කොහෙද උන්නේ කියා...

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ...
      කොහේ හරි ඇති කියා...

      Delete
    2. මොන කෙටියක් ද මේක....ඒත් ලස්සනයි

      Delete
    3. ඒකනේ ටිකක් දිගයි වගේ.... ස්තූතියි කියෙව්වට

      Delete
  6. කතාවේ අමුතුම නැචුරල් ෆීලින්ග් එකක් තියෙනවා .

    මේක ඔයාගේ ඇත්තම කතාවක් ද කියල මම අහන්නේ නෑ .... හරිම ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. එහෙම ෆීල් වෙනවනම් මගේ කතාව සාර්ථකයි කියල හිතෙනව... ඌකනේ ගොඩක් අය එහෙම ෆීල් වෙනකොට හිතනව මේවා මේ ලියන අයගෙ කතා කියල...

      Delete
  7. ගැහැනියකට ආදරය මුළු ජීවිතයම වුනාට පිරිමියෙකුට එය එක් ඉසව්වක් පමණි.

    සමහර පිරිමින් ගැහැනුන් සේ ආදරය දකින අතර ගැහැනුන් පිරිමින් දකින ලෙසට දකිති.

    සිදු වියයුත්තේ ආදරය මුළු ජීවිතයම යැයි සිතන අය එක් වීම හෝ එය ජීවිතයේ තවත් එක් ඉසව්වක් යැයි සිතන අය එක් වීමය.

    එසේ නොමැතිව ආදරය මුළු ජීවිතයම යැයි කියාගන්නා අය ; එය එක් ඉසව්වක් පමනක් යැයි සිතා ඉන්න වුන් එක්වූවිට පෙර පාර්ෂවයේ හදවත් තැලී පොඩි වීයනු ඇත!

    ලෝකයේ නරකම සත්වයා පිරිමියා යැයි පිරිමියෙකු ලෙස මා නිර්වචනය කරණුයේ මෙවන් ; ආදරය ජීවිතයේ එක් ඉසව්වක් යැයි සිතන බහුතරය ගැන සිතාය.

    මා වරෙක ලීවා " ඔබ බසයෙන් බසින්නට සූදානම්වූ විට බෙල් එක ගසා "උදව්වක්" කරණා එකා ගෙදර යන්නේ ඔබව ග්‍රහණය කර ගන්නා ආකාරට පිඹුරු පත් සකසමින්!" කියා.

    බොහෝ විට ඔබේ කඳුළු පිසලන්නට ලං වන්නන් වෙන් වන්නේ ඔබට පිසදමා අවසන් කල නොහැකි කඳුළු උල්පතක් ඔබට උරුම කොටය!

    මේවාට සමාජ මාධ්ය සුපිරි දඩබිම්ය!

    කෙටි කතාවට වඩා මගේ කොමෙන්ටුව දිග වැඩි උනාද මන්දා?
    එය ඇතාට ඉහළින් ගිය උරුලෑවා වාගේ වෙයිද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ මේ පැමිණීමටත් ඒ වගේම දීර්ඝ කමෙන්ටුවටත්.ඔබේ සමහර අදහස් හා එකඟයි... ඇත්ත තමා බොහෝ විට ස්ත්‍රීන් ආදරේ මුළු ජීවිතේම කර ගන්නවා... ඒත් පිරිමින්ට එය ජීවිතේ එක කොටසක් පමණයි.ඒ වගේම බොහෝ ආදර කතා මියැදෙන්න හේතුව වැරදි අවබෝධය සහ අදහස් හුවමාරු නොකර ගැනීම කියල මට හිතෙනව.ප්‍රශ්නයක් උන වෙලාවට ඒක කතා කරලා වැරදි වැටහීම් නිවැරදි කර ගන්නවානම් බොහෝ ආදර කතා ලස්සන වේවි.

      Delete
  8. http://tharurasi.blogspot.com/2018/02/blog-post_16.html

    Thattayage KolamaFebruary 16, 2018 at 3:09 PM

    ඕනෑම සමාජයක ගැහෑනුන්ට සලකණ ආකාරය මත එහි පැවැත්ම රැඳී ඇත.
    මේවා ගැන ලියන්නට වෙලාව මදිය.

    කාන්තාවන් ගැන හඬන දොඩන කඳුළු පෙරණ එවුන් අතටද අනාරක්ෂිත ගැහැනියක පත්වුවහොත් සිදුවන්නේ අවැඩක්මය.

    සමාජ මාධ්ය හරහා කඳුළු පිසලන්නට එන පිරිමින් ගේ කටයුතුද කෙලවර වන්නේ එලෙසින්මය. මේවා සමාජගත සත්යයන්ය. එහෙත් දන්නා එවුන්ද නොදන්නා සේ සිටීම වඩාම අවාසනාවන්ත වන්නේය!

    ගැහැනුන් හොඳම යැයි මා මින් අදහස් නොකරමි!

    ReplyDelete
  9. අටවක පුත්තු මතක් උනා ලියනගේ අමරකීර්ති ගේ.. තිලකසිතේ ත් මේ වගේම කතන්දරයක් ගියා තමන්ගේ ඇතුළාන්තයත් එක්ක කරපු පිළිසඳරක්.. ලස්සනට ගලපලා තියෙනවා.. මේ වගේ කතන්දර ලියවෙනවා අඩු උනාට අපි හැමෝම අඩු වැඩි වශයෙන් අපේම වෙන වර්ෂන් එකක් එක්ක නොයෙක් විට තාරක විතරක් කරනවා. අන්තිමේ නිවැරදි තීරණයක් ගන්න ඒ දේවල් ම අපිට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.. ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳ කවුන්සලින් මෙතඩ් එකක්.. හෙහ්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමී....ඇත්තටම අපි අපේ හිත එක්ක කොච්චරනම් තර්ක විතර්ක කරනවද.. මටනම් ඒක හොද වෙන අවස්ථා වගේම එපා වෙන වෙලාවලුත් තියෙනවා.

      Delete
  10. අනේ නංගි ඔයා ඔය කියන්නේ කවි ලියන වල් හාමු ගැන නේද? ඌ කොහොමත් ඔහොම තමයි. වටේ ඉන්නෙ ඕකාගෙ කටු ලෙවකන එවුන් තමයි ඌට ඔය වැඩ වලට සපෝට් කරණ්නෙ. කන්න දෙනව නම් අපිට බොන්න දෙනව නම් මොන කෙන් ගෙඩියද තව ඕනැ කියන්නේ? මේ වන කොට කියලා ඇති වටේටම මං අරක කලා මේක කලා කියලත්.
    ඕකා හිතාන ඉන්නෙ ඌ තමයි බ්ලොග් ලෝකෙ ගෝඩ් පාදර් කියලා.
    ටහිකෙයි! බල්ලා!

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නෙ නෑ මේ වෙන කොහේ හරි දාන්න ඕන කමෙන්ට් එකක් වෙන කාට හරි කියන්න ඕන එකක් මෙතන වැරදිලා දැම්මද කියල.මගේ කතාවත් එක්ක මේක කිසිම සම්භන්ධයක් නෑ නේද?මේක මේ කාටවත් මඩ ගහන්න , කාගෙවත් කුණු හොයන්න ලියන බ්ලොග් එකක් නොවේය.මේ කතාවද මගේ හිතේ ඉපදුන කතාවක් මිසක් කාගෙවත් කතාවක් නොවේය.ඔය කියන වල් හාමුලාද ගෝඩ් ෆාදර්ලාද මා අඳුනන්නේ නැත.අනේ කරුණාකරල ඒ නිසා මේ බ්ලොග් එකේ ඔවැනි කමෙන්ට් දැමීමෙන් වලකින්න.

      Delete
  11. මැදැයි ඔයින් ගියා.ආයිත් උබ මේ බොලොග් එකට අතක් එහෙම තිබ්බොත් මරාගෙන මැරෙනවා දැනගනියව්

    ReplyDelete
    Replies
    1. මූ අපිවත් එක්කාසු කරන ගේමට බහින්නේ සඳා නංගි....

      Delete
    2. රස්ති - බුදු අම්මෝ මට බයා....යි....

      විසිරි - ඔව් ඔව් අක්කා... අම්මෝ ජීවිතේට කතා කරල නැති දන්නෙවත් නැති අය මට මැසෙන්ජර් එකේ තර්ජනය කරලා තිබුනා. බ්ලොග් එක දාන්න කියලා

      Delete
  12. ඉවරයක් නැති එක තමා ගැටලුව. ඇයි දෙයියනේ අපි අවසානයක් හදා ගන්න එපැයි. මට නම් මේ වගේ ඉවරයක් නැති කතා කියෙව්වම ඔලුවත් එක්ක කුරුවල් වෙනවා, ඊළඟට මොකද වෙන්නෙ කියල හිතන්න ගිහින්... කොහොම නමුත් බලන් ඉන්න ආදරේ හරි ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ ... කතාවක් ඉවරයක් නැති උනාම හිතට ඔච්චර වදයක්නම් ආදරයක් බලාගෙන ඉන්න එක කොහොම වදයක් වේවිද...හිතට...

      Delete
  13. ලස්සනයි , ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න

    ReplyDelete
    Replies
    1. ඉවර නෑ කිව්වෙ මඟ බලන් ඉන්න එකටනේ.... තව කොටහක් තියෙනවා කියන එකට නෙවෙයි.

      Delete
  14. නියමයි...කියෙව්වා දාපු වෙලාවෙම.කමෙන්ට් කරන්න පරක්කු උනා

    ReplyDelete
  15. අවසන් කොටස බලාපොලොත්තු වන්න............

    ReplyDelete
    Replies
    1. හි හී දිගටම බලාගෙනම ඉන්න

      Delete
  16. උදුහිතයි යටිහිතයි ....ඒ කෙටිම කතාව අපුරුයි...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.