සඳට බැළුම් හෙලූ අය

Mar 24, 2018

ඔයා අහසක් වගේ !





ඔයා දන්නැති
ලොකු කතාවක්
ඇස් අඟිස්සක තියෙනවා

හිතේ උන්නද
නොඋන්නද මා
ඔයා ගැන නිති හිතනවා

ඔයා අහසක් වගේ
දුර බව දැනෙනකොට
දුක දැනෙනවා

ගලක් වාගේ
දරා ගත්තද
ඇස් වලින් දුක ගලනවා

කමක් නෑ මම
හෙටත් අද වගෙ
මඟ බලාගෙන ඉන්නවා

10 comments:

  1. පීස් සුදූ මග බලාන ඉන්ට එපා මීට තඩියා

    ReplyDelete
  2. කොයි තරම් මග බලාගෙන හිටියත් එයා එන්නේ නැත්නම් මොනවා කරන්නද සදු. හැමදාම ඇස් වලින් දුක ගලයි නේද???

    ReplyDelete
  3. ඇස අගිස්සක රැදුණු ඇරයුම මටත් නිතරම දැනෙනවා
    හිස තියාගෙන උකුල මත්තෙම ළඟින් ඉන්නට හිතෙනවා
    උස අහස්ගැබ දූලි සුවඳට තාම සෙනෙහස බෙදනවා
    බැස ඇවිත් උණුහුම ලබන්නට ළඟදි දවසක් තියෙනවා....

    ලස්සනයි සඳූ.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දැනෙන කවි... ස්තූතියි දුමී

      Delete
  4. යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් ......
    :(
    :(

    ReplyDelete
  5. මග බලාන ඉන්න එහෙනම්

    ReplyDelete
    Replies
    1. මොකෝ බොට වෙලා තියෙන්නෙ ආ... කොහේ අරි ඉදලා ඇවිල්ලා යාන්තන් පොඩි කමෙන්ට් එකක් දාලා යනවා

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...