සඳට බැළුම් හෙලූ අය

Mar 8, 2018

සිනාසෙනු මැන රත්තරන් !




නීල කඳු ගැට සිරස සිඹ සිඹ සීත මීඳුම වට කරන්
දෑල දෙවුරේ පීන පීනා රහස් කොඳුරන හසඟනන්
කෝල කර කර පාන රැඟුමට ආදරේ තව එක් කරන්
ආල අනුරා දෑස විදහා සිනාසෙනු මැන රත්තරන්

පෑව සෙනෙහස ඈත භවයක හුරුකමක් හිතටම කරන්
ආව හැටි නුඹ මගේ දිවියට සෙනෙහසම දෝතට අරන්
කාව වත් වෙන දැනුනෙ නෑ ආදරේ දෙන්නට නුඹ තරන්
පාව යන්නට එපා ඈතක ආදරෙයි මම රත්තරන්

ගතින් මහ දුර ඈතකට වී ගියත් සෙනෙහස ගුලි කරන්
හදින් පිටමං කරන්නට පුලුවන්ද මතකය මට කියන්
ඉතින් දවසක යද්දි සදහට ඈත්වී නෙතුයුග පියන්
ළඟින් ඔබ උන් මතකයම මම අරන් යමි මගෙ රත්තරන්


දුමීගේ බ්ලොග් එකේ මැදින් මහ මැද සැනසුමයි මට සිනාසෙනු මගෙ රත්තරන් කවියට පිලිතුරක් ලෙස ලියූවකි.හැබැයි මේක චුට්ටක් ඒකට වඩා වෙනස් දුමීගේ  එකට ලියපු ගමන්ම දැම්මා.. මේක  හරි වැරදි හදලා හිමිහිට දැම්මා.

22 comments:

  1. "ගතින් මහ දුර ඈතකට වී ගියත් සෙනෙහස ගුලි කරන්
    හදින් පිටමං කරන්නට පුලුවන්ද මතකය මට කියන් "

    ලස්සන නිමක් නෑ වචන ගැලපීමේ .

    ReplyDelete
    Replies
    1. ඒ අගය කිරීමනම් වටිනවා...ගොඩක්

      Delete
  2. ආවා +++++++++++++ ගැහුවා ගියා

    ReplyDelete
  3. ඔය තියෙන්නෙ නොම්බර එකේ කවි. මාර රහයි. මම ආස කරන ලස්සන සිංදුවක් මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසවින්ඳාට ඔබට

      Delete
  4. හම්මෝ, ලස්සනම ලස්සනයි රත්තරං

    ReplyDelete
  5. "ඉතින් දවසක යද්දී සදහට ඇත්වී නෙතු යුග පියන් ලගින් ඔබ උන් මතකයම මම අරන් යමි මගෙ රත්තරන්" හදවතට ගොඩක් සමීපයි සදු මේ කවිය.

    ReplyDelete
  6. අපූරුයි සඳූ. දෙවෙනි කවියේ 3 පේළිය ටිකක් වෙනස් වුනානම් හොඳයි වගේ. ඒ නැතත් පිළිතුරු කවියනම් රහයි. හොදටම දැණුනා.
    කවියකට මේ වගේ පිළිතුරු කවියක් ලියලා තියෙනවා දැක්කම දැනෙන්නේ සතුටක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවිය රහනම් ඒ රසින් බාගයක් ඔයාටත් අයිතියි ඉතින්...ඒ කවිය නැත්තන් මේ කවිය නැත.ම්ම්ම්ම් ආයෙනම් පද වෙනස් කරන්න කම්මැලී අප්පා...ස්තූතියි ඔයාට

      Delete
  7. පිළිතුරත් අගෙයි

    ReplyDelete
  8. හරිම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔයාට... ඔන්න මමත් ආවා කේෂම භූමිය පැත්තේ

      Delete
  9. හම්මේ රස ගගුලක් දැන් නොවැ දැක්කෙ

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...