සඳට බැළුම් හෙලූ අය

Apr 24, 2018

මුලාව !





ලෝකෙට පේන්නෙ
ඔයාට මාවත්
මට ඔයාවත් නැතුව
පැවැත්මක් නෑ කියල....

            *
            *
            *
ඒත් අපිනෙ දන්නෙ
අපි අපෙන්
කොච්චරක්නම්
දුරින් දුරද කියල.....

30 comments:

  1. ආකී කවි බේස්ඩ් ඔන් ස්ට්‍රක්චරල් රියලිටි කියන්නේ මෙන්න මේවට....😂😂😂...

    දන්නෝ දනිති....!
    👍👍👍

    ReplyDelete
    Replies
    1. අප්පා දාමු ගමන්ම ආකියෙක්ම ඇවිල්ලනේ උත්තර දෙන්න... මට ඕක දකින දකින පාරට එක එක සිතුවිලි පහල වෙනවා අයියෝ... මේ ඒකක් විතරයි ... දෙන්නද දෙන්නද තා එකක්

      Delete
    2. දෙන්න දෙන්න...තව තව ඉල්ලයි..කියල සිංදුවකුත් තියෙනවනේද..?

      😂😂

      Delete
    3. හැබෑට එහෙනම් සිංදුව කියල ඉන්න බලන්න ...

      Delete
  2. උර මත වාරුවී..
    හති අරින ගමනුත්..
    ආඩපාලි කියන..
    ගෑණු කම.. :)))))

    ReplyDelete
  3. අපූරුයි සඳවතී.....

    ReplyDelete
  4. ඔබ වෙතට නැඹුරුවී
    සුරත පා පෙන්වුවද
    මා අහස තෙක් දිවෙන
    අයෝමය කනුවක්මි....!

    අහස තෙක් යන ගමනෙ
    විඩා බර නිවෙන්නට
    සුව විඳින ලෙසින් මම
    ඔබට පෙම් කලා මිස
    නුඹට බැඳි සිතක් නැත....!


    ඔබ කෙතෙක් මා ඇසුර
    කඳුලු බී පැතූවද
    ඔබ තවත් කනුවක්ය
    නැත වෙනත් බන්දන...!

    ඔබ මහා පොලොව මත
    රඳා සිටි පදනම
    මා නිසා දෙදරුවද
    එයින් මට පලක් නැත...!




    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මුලාවේ හොදම එක ...ස්තූතියි කමෙන්ටුවට

      Delete
    2. These are the words....🙂🙂👍
      Sorry for not writing in Sinhala. Something has happened .

      Delete
  5. Replies
    1. දැන් ඔයත් වැටවල් ගහන සංගමේද

      Delete
    2. මාත් වැටවල් සංගමයට බැඳුනා අක්කේ.. 😂😂

      Delete
    3. වල්කම් බ්‍රෝ

      Delete
    4. හ හා ඉතින් බලමුකෝ වැටවල් ගහන හැටි කට්ටිය

      Delete
  6. සිතින් දුර මුත් ගතින් ළං වෙමු

    ReplyDelete
    Replies
    1. සිතින් දුරනම් ගතින් ළං වෙලා මක්කටෙයි අප්පා

      Delete
  7. මේව බලාලා මා කල්පනාවේ
    මොනව ලියන්නද සිතුවිලි හිර වුනාවේ...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හිමිහිට කල්පනා කරල ලියන්නකෝ එහෙනම් හිරවෙච්චා

      Delete
  8. හෑ! මේක දැන් හදලා ඉවරද?
    කයිය නං කොට උනාට මරු...

    ReplyDelete
  9. සෑම කදුවැටි දෙකක් අතරෙම තිබේ යම්කිසි හිස් තැනක් ..කියල අහල තියෙන්නෙ . දැන් බැලුවම ගොඩනැගිලි අතරත් එහෙමයි නේ!

    ReplyDelete
  10. මට ඔබව දැනෙන තරම්
    කෙලෙස මා පවසම්ද?
    ඔබ දුන්නු ඒ මිහිරි මතක
    කෙලෙස මා අමතක කරම්ද?
    ඉතින් ඒ සෙනෙහෙ තුල
    මුලාවක් සැගවිලද???

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...