සඳට බැළුම් හෙලූ අය

May 9, 2018

සොඳුරිය !





මේ
හෙන ගගහා පතිතවන
කල්පා'වසාන වරුසාවට
ප්‍රේමයයැයි
නොකියන්න..

ඔය
නෙතු ඉහත්තාවේ
රැඳී නොරැඳී දිලෙන
එකම කඳුළට
ප්‍රේමයයැයි පවසන්න .

23 comments:

  1. ආදරය වෙනුවෙන් වැටෙන කදුළත් ප්‍රේමය නම් ..........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඒක නේන්නම් මේ කියන්නේ

      Delete
  2. හා එහෙම කියන්නම්

    ReplyDelete
  3. එහෙම බෑ.. අපිට ගිලිලා නාන්න තියෙන්න ඕනි පෙම් සයුරේ.. :D

    ReplyDelete
    Replies
    1. ඔය පෙම් සයුර කොහෙද අප්පා තියෙන්නේ....

      Delete
  4. වැස්ස සීතලයි. කඳුල උණුසුමයි. කවිය ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්.... ඔව් ඇත්තටම

      Delete
  5. මෙතුවක් කල් සෘංගාරය වෑහෙන කවි පද කල සඳවතිය ඇයි මේ කඳුලු වරුසා ගැනම පද අමුනන්නේ කියලයි අපිලටනං හිත් දෙන්නේ...!

    ReplyDelete
    Replies
    1. ශෘංගාරයටත් වැඩිය විරහව රහයි.... ප්‍රේමණීයයි වෙලාවකට.... ඒක නොවැ මේ....

      Delete
  6. වියලෙන්න නොදී පරිස්සම් කරගන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නීල නෙතු ඇ‍ගේ පෙර මගේ
      ඒ දෙනෙත් අද ‍අනෙකුගේ
      සිත් තුල සුපිපුණ සෙනෙහස් මල් දම්
      මිලින වී...
      වියොගේ ලං වීලා

      Delete
    2. dumi - ම්ම්ම්ම්ම් හා.... බලමු .... උත්සහකරලා

      kalana - මේක ගීතයක් නේද .... මොකක් උනත් ඒ පද අගේ

      Delete
    3. ඔව් මිල්ටන් මල්ලවාරච්චි මහත්තයා ගේ "විකසිත පැතුමන් ඔබෙ ලයේ" ගීතයේ කොටසක්

      Delete
  7. ප්‍රේමය ආදරය බොහෝ විට කදුළුමයි දෙන්නේ. හිතට දුකමයි දැනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒ විඳවීමත් අපූරුයි නොවැ

      Delete
  8. කල්පාවසාන වරුසවෙත් ප්‍රේමය තියෙන්න බැරිද දරුවෝ

    ReplyDelete
    Replies
    1. බැරි නෑ පොලී.... මහ හුඟක් තියෙන තැනක එකම එකක වටිනාකම දැනෙන්නෙ නෑනේ.... මට ඕන උනේ අන්න ඒක කියන්න

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...