සඳට බැළුම් හෙලූ අය

Dec 27, 2018

වැවක කඳුළු !



ඇතුගලින් බැස ඇවිත් ඇත්කඳ
වෙහෙර ළඟ ඇත් ළිහිණියෝ
බලා උන්නට පිපෙන්නෑ අද
වැවේ මානෙල් කුමරියෝ

නෙලන්නට බැරි තරම් දුරකින්
පිපුණාම අරවින්දයෝ
මල් හොයාගෙන ගෙදර බුදුනුත්
කරවටක් දියඹට ගියෝ


අකුණු  තල තල මහා සද්දෙට
අහස බෑගිරි ගහනවෝ
වක්කඩේ දිය බිඳිල සැරටම
ඇස් බෝල පිට දානවෝ

බොර දියේ රඟ බල බලා
උඩ පනිනවා මඩ කනෙයියෝ
රතු චීත්තය වැවේ එලළද
බලාපන් කණ  කෙකිණියෝ

පුංචි කාලෙත් අහල තියෙනව
උන්නු බව දිය රකුස්සෝ
ඉරත් නැති මගෙ හඳත් ඩැහැගෙන
ගියානම් උන් නරුමයෝ

කන්ද මුදුනේ නිරාමිස සුව
විඳින අර බුදුහාමුදුරුවෝ
ටිකක් බුදු නෙත යොමා බැලුවද
පහන් ටැඹ නිවිලා ගියෝ


14 comments:

  1. ලඟදි කුරුණෑගල පැත්තෙ ගිහිල්ල වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ මුල් පද හිතේ ලියා ගත්තෙ ඇතුගල උඩ ඉදන්

      Delete
  2. හ්ම්....පව් නේ? මම කැමතිම ඉරත් නැති මගෙ හදත් ඩැහැගත්තු උපමාවට...

    ReplyDelete
  3. හරිම ලස්සන පරිසරයක් මේ කවි වලින් මැවෙනවා. ඒත් අන්තිම කවි වල හදවතින් දුක් විදින ගැහැණියක් මැවෙන්නේ. මේ මට හිතෙන දේ සදු.

    ReplyDelete
    Replies
    1. ලස්සන පරිසරයක දුක්බර අදෝනාවක්

      Delete
  4. සද හැමදාම වගේ ලස්සනයි..

    - ජේ මා -

    ඔව් ජේමා තමා

    ReplyDelete
  5. හම්මේ... ඒක..

    - ජෑ මා කාලී ජිනේ ජිනේ -

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාලෙකින් මකරාව දැක්කේ.

      Delete
  6. මේ පද වැල ලස්සන චිත්‍රයක් මැව්වා හිතේ .
    උපමා යෙදවීම් විශිෂ්ටයි !

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...