සඳට බැළුම් හෙලූ අය

Oct 22, 2019

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ !




අජිත් ධර්මකීර්ති එහෙමත් නැත්තං අපිට හුරුපුරුදු කොළඹ ගමයා බ්ලොග් පිටුවේ හිමිකරු අජිත් අයියාගේ " ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කියවා හමාර කරල දවස් කීපයක් වෙනව.පොත ගැන කියවා හමාර කල සැනින් යමක් ලියන්නට සිතුවත්  එහෙම නොකර ඉන්නට හිතුවා.ප්‍රථම ප්‍රේමය කියවන්නට කලින්  කියවපු 12.12.12  කතාව කියවල ඒ සැනින් බුකියට ලියූ සටහනක් බුදු අම්මෝ මෙන්න කතාව Spoil කරනෝ කියල කට්ටියක් බෙරිහන් දුන්නා.අනේ ඉතින් මං ඒ සැනින්ම ඒක ඔන්ලි මී කරලා පාඩුවේ උන්නා.ඊට පස්සේ සිත් බැඳි  පොත් කතා ලියන එක දෙපාරක් හිතන්න වෙන වැඩක් කියල හිතුවා.එහෙමෙයි කියලා අපි සැලෙයිද නෑනේ නෑනේ.දැන් හරි හමං කවියක් කතාවක්වත් මං අතින් ලියවෙන්නෙ නැති එකේ අඩු ගානේ මෙහෙම විචාරයක්වත් ලියලා සැනසෙන්න එපැයි.ඉතින් මේ මා දුටු අජිත් අයියාගේ ප්‍රථම  ප්‍රේමය ඔබ නොවේ ගැනයි.පොත ගන්න, කියවන්න හිතන් ඉන්න කෙනෙක්නම් මේක කියවලා Spoil වෙයි කියලා හිතනවානම් අනේ පීස් මෙතනින් හැරිලා යන්න හොදේ.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ ශිෂ්‍ය වීසා මත රුසියාවට සංක්‍රමණය වූ ලාංකික තරුණයෙක් එරට තරුණියක් හා ඇතිකරගන්නා පෙම් සබඳතාවයක් මූලික කරගත් කතාවක්.පොතේ පිටකවරය දකිද්දීම මට හිතුනේ මෙය බොහෝම බොළඳ මල් කතාවක් වෙන්නට ඇතැයි කියායි.කතාවේ ටිකක් දුරක් යනකම්ම ඒක එහෙමමයි කියා සිතෙන්නටත් කරුණු එමටයි.බොහෝ දුරක් යනකම්ම එහි තිබෙන්නේ ගිහාන්ගෙයි තාන්යාගෙයි ඒ දෙදෙනාට සම්බන්ධ තව අයගේයි කෑමයි බීමයි සිංදු කීමයි සෙක්ස් කිරිල්ලයි විතරයි.හෝව් ..හෝව් එහෙම කිව්වට ඒ සිද්දි ඇතුලේ විවිධ රටවල් වලින් එ රට ට පැමිණි මිනිසුන්ගේ ගැහැනුන්ගේ ජීවන රටාවන් ජීවත් වෙන්න කරන අරගලයන් වගේම එකල රුසියාවේ සමාජීය දේශපාලනීය සංස්කෘතීය විශමතාවන් විවිධත්වයන් බොහොම අපූරු ලෙස ගලා ගෙන යනවා.දේශපාලනය කියන්නේ මට අරහං මාතෘකාවක් නිසා ඒ ගැන මට අපූර්වත්වයක් දැනුනේ නෑ.මුල් හරියෙදි මට හිතුනේ මේකට දාන්න තිබුනේ මේ පිට කවරෙ නෙවෙයි අර  Fifty shade of gray කතාවේ  රංජිත් කුරුප්පු මහතාගේ සිංහල පරිවර්තනය ප්‍රේම සැඳෑවෝ එකේ වගේ රොමෑන්ටික් පින්තූරයක් කියල.

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ මම එක හුස්මට කියවලා ඉවර කරපු කතාවක්නම් නෙවෙයි. කීප වතාවක්ම පොත පැත්තකින් තියල මම කල්පනා කලා.දිගටම තියෙන්නේ මේ වගේ සිද්ධි විතරමද.? අන්තිමට ගිහාන් ඉගෙනීම ඉවර කරලා ටටා බායි කියල ලංකාවට ඇවිත් මේ ප්‍රේමය වගේම කතාවත් හමාර වෙයිද...?   අපෝ එහෙමනම් අජිත් අයියා වැනි පරිණත මනුස්සයෙක් ලිව්වේ මෙහෙම කතාවක්ද...?

නෑ...කතාවේ අවසානයට ළං වෙද්දි මගේ ඒ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙනව.තාන්යාගේ ඩුබායි සංචාරය තමයි මේ කතාවේ හැරවුම් ලක්ෂය විදියට මා දකින්නේ.ඔව් එතැන් සිටන් අවසානය තෙක්ම ත්‍රාසජනක හොලිවුඩ් චිත්‍රපටියක් වගේ.ඩුබායිහිදි තාන්යා විඳින අනේක වදහිංසා මාව අතිශය කම්පනයට පත් කලා.මට මතක් උනේ මීට අවුරුදු දහයකට විතර පෙර මම බලපු Trade කියන ඉංග්‍රීසි ෆිල්ම් එක.ඒක බලල මං දවස් ගානක් ඇඩුවා.එහෙම දේවල් ලෝකේ හැබෑවටම සිද්ධ වෙනවා කියන එක මට දරාගන්න බැරිඋනා.ඊට පස්සෙ කවදාවත් මං ඒ ශානරයේ  ෆිල්ම් බැලුවේ නෑ.සමහරවිට මේ පොතේ එතන ඉදන් දිගටම තිබුනේ ඒ වගේ සිද්දිනම්  මම පොත නොකියවා අතහරින්නත් ඉඩ තිබුනා.හොද වෙලාවට තාන්යා ඒ අපායෙන් සතියෙන් ගැලවුනා.

කොහොමහරි අපිට හිතාගන්නවත් බැරි විදියට කතාව වෙනස් වෙනස් මාන වලට ගිහින් හමාර වෙන්නේ අපූරු අවසානයක් සනිටුහන් කරමින්.ඒ අවසානය දවස් ගානක කම්පනයක් විදියට හිතේ ඉතුරු වෙනව.ඒ තමයි කතුවරයාගේ හැකියාව.

ආ ...එක තැනක නම් පටලැවිල්ලක් වෙලා තිබුනා.ඒක අජිත් අයියගේ ඇස ගැටුනාදෝ මන්දා. 320 පිටුවේ " තාන්‍යා සමඟ කාරයට නැගුනු ගිහාන් රිය පැදවූයේ...." එතන ප්‍රියාන් ලෙස නිවැරදි විය යුතුයි. ඒ වගේම පොත කියවා අවසානයේදීත් මට හිතුනේ මේ කතාවට පිට වැස්ම කිසිම සාදාරණයක් නොකරන බවයි.

ඉතින් අවසානයේ හොද කතවක් කියෙව්වා කියන ආත්මතෘප්තිය මට ලැබුන නිසා තමයි මෙහෙම යමක් ලියන්නට සිත්වුනේ.හැබැයි කතාව කියවලා ඉවර උන හැටියේ ඒ කම්පනයෙන්ම ලියන්න තිබුනානම් මේ සටහන බොහෝ විට මීට වඩා වෙනස් වෙන්න තිබුනා.මම කැමති එහෙම ලියවුනානම් තමා.


  


16 comments:

  1. ඒ ගැම්මට ලිව්ව නං තමා හරියට එන්නේ.

    එළ

    ReplyDelete
    Replies
    1. ඔව් ඒත් බැරි උනානේ..... ස්තූතියි..

      Delete
  2. අගේ ඇති විචාරයක් . . ☺️😊

    ReplyDelete
  3. තවම පොත ගත්තෙත් නෑ, කියෙව්වෙ බ්ලොග් එකෙන්. සමහරවිට මේ දෙකේ වෙනස්කම් තියෙන්න පුලුවන්. කෝකටත් ඉක්මනට පොත ගන්නෝනෙ. නැත්නම් මිනිස්සු මේව කියවලා පලමුවෙනි ප්‍රින්ට් එක ඉවර කරන්න බැරි නෑ.

    ReplyDelete
    Replies
    1. පොත බ්‍රේල් වලට ගහන්නේ කොහොමද කියන එක සත්‍යා නංගි හමුවෙලා කතා කරන්න හිටියේ. අවසන්වට අතපසු වුනා ඒ වැඩේ. දන් මතක් වුනා ආයේ

      Delete
    2. මමනම් එකම කොටසක්වත් බ්ලොග් එකෙන් කියෙව්වෙ නෑ.අප්පා.. එහෙම ඉවර වෙනවනම් ඒක සතුටක්.අජිත් අයියගෙන් කීයක් හරි ඉල්ල ගන්න බැරියෑ එතකොට...හි හී

      Delete
    3. බ්ලොග් එකේ කතාව ඉවර කලේ නැහැ. අයින් කළා. එක පාරටම කොපි එන්න ගත්ත තැන් තැන් වල

      Delete
  4. මේ විචාරයට මම හරි කැමතියි. කවරය ගැන ලිපියක් ලියන්න ඉන්නේ. ස්තුතියි නංගි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඔබේ ප්‍රථිචාරයටත්

      Delete
    2. මම මුළු ලිපියම ෆේස්බුක් එකේ ෂෙයාර් කරන්නද

      Delete
  5. ඒක අජිත් අයියගේ ඇස ගැටුනාදෝ මන්දා. 320 පිටුවේ " තාන්‍යා සමඟ කාරයට නැගුනු ගිහාන් රිය පැදවූයේ... -// මම බැලුව.මේක මම හදල තිබ්බේ. නමුත් ඉතින් ටයිප් කරන මහත්මියට මිස් වෙලා

    ReplyDelete
  6. ආස හිතෙන විචාරයක්නේ... හොයාගෙන කියවන්න ඕනා.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...