සඳට බැළුම් හෙලූ අය

May 3, 2020

දැකුළු මලක හිරවෙලා !



දියමල යටින් අරගෙනම මුඳු ෂැම්පු සුවඳ
ගසමින් දිය බේරෙන දිගු නීල වරල
එකවරම  ගස්සා බඳිද්දී හිස් මුදුන් කර උඩට
පුදුමයි කඩා නොවැටුනු හැටි
තිසරුන් මැදට කර ඇදි රෝස සළුව

පද්දා ඉඟසුඟ බල බලා හැඩ
කැඩපතකට උනත් ඔය තරම්
මුකුලු කරන එක හොදද ?

තවරමින් සුදු මුණ මත සුවඳ ක්‍රීම්
හල හලා මල් පුසුඹ යායකම සෙන්ට්
ඔය හැටිම දම දමා උඩ
පිරිමැදුම් ඕනෙමද සුදු කොමළ පය ?

දැන් දවස් කීයක්ද මං මෙතන තනිවෙලා
තවත් ඉවසන්න බෑ මගෙ හිතම මත්වෙලා
මටත් ඇස් කන් එක්ක හැඟුම් ඇත සිරවෙලා
අද ඇඳුම් අඳිනවද කෙටි සළුව බිම නොලා



( මේ කවි නිමිති පහල වූයේ කොහොමදැයි නො අසන්න. මාස දෙකක් බ්ලොග් එක අප්ඩේට් නොවීමේ දුකට පහල වූ ඒවා බව සලකන්න )

10 comments:

  1. ඇති යන්තම් බ්ලොග් එක මතක් වෙලා..

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් බ්ලොග් එක මතක් වෙලා..x 2

      Delete
    2. ඔව් අනේ මොනවා කරනන්ද සමහර කාල වලට ඔහොම තමා

      Delete
  2. හම්මේ ඒක , හිත මන්දෝ වුනා

    ReplyDelete
  3. ටවල් එක කඩාගෙන වැටුනානම් ඔලුව ගස්සද්දී.. හෙහ් හෙහ්.. එහෙනම් කවිය තව ටිකක් රහ වෙනවා.. ජයවේවා! හැපී කොරෝනා හොලිඩේස්.

    ReplyDelete
    Replies
    1. කැත හිත වෙන මොකක්ද... හි හී...හොලිඩේනම් දැන් එපාම වෙලා

      Delete
  4. හැමදාම වගේ අරුත් බරයි . දැනෙන්න ලියල තියෙනවා

    දිගටම ලියමු ....හා ද ?

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු....බ්ලොග් පලාතේ ආපු නැති පහුගිය දවස්වල ගොඩක් අයගෙ බ්ලොග් අප්ඩේට් වෙලා කොරොන්ටයින් හොද දේවලුත් කරලා

      Delete
  5. කොරෝනා... කොරන ... කෙරුවාවක්...

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...