සඳට බැළුම් හෙලූ අය

Aug 8, 2022

අහන්නකො.....

 


මං ආසයි
කවදම හරි දවසක
ඔව්..කව....අ අ අ අ අ ....දම
හරි දවසක
ඔයා ළඟින් වාඩිවෙලා
හරි හරියට ඔයත් එක්ක
වැටෙනකංම  බොන්න

(මේකි යකෝ...පිස්සු උඹට...
  ඔයා එහෙම කියයි)

ඔව් මට ඕනේ මත්වෙන්න
සිහිවිකල් වෙලා සේරම අමතක වෙන තැනට
පෝ....ඩ්ඩක් මෙහායින් නතර වෙන්න...

සීරුවට ඔතපු කංසා වැටියක්
උගුර උගුර ඔයා එක්ක බෙදාගෙන උරන්න
කංසා දුමාරේ වගේ
ඔයාවත් පපුවටම ගන්න

ඊට පස්සෙ
ඔයාව බදාගෙන ඉඹගෙන
ඉඹගෙන යන්න
පපුවට තුරුල්  වෙන්න
තොල්පෙති හයියෙන් හපන්න
ඔයාව කොනිත්තන්න...
හූරන්න...මිරිකන්න

ඔව් මට ඕනේ ඔයාව
යටත්කරගන්න
හිතේ හැටියට විඳින්න..
මගේ කරගන්න...
කොටින්ම මට ඕනේ
ඔයාව රේප් කරන්න

( ඔය...ඉතින් ...
ඔහොම කට ඇරන් මං දිහා බලන්න එපා )

ඔයා දන්නවද?

ප්‍රේමය කියන්නෙම ගින්දරක්
මත්වීම කියන්නෙම නිවීමක් !!




                                                                        පින්තූර සේරම බුකියෙන් ගත්තුවා



Aug 3, 2022

රෝස කුසුමක් පිපී !!

 


කොළඹට වැස්ස..ඔව් එක සීරුවට ධාරාණිපාතෙට වැස්ස.අද ඉරිදා වෙලත් කොළඹ  පාරවල් පුරාම ට්‍රැෆික්. මේ වගේ හෙන ගගහා වහින වෙලාවකට ඒක සාමාන්‍ය  දෙයක්.අධි සුඛෝපභෝගී හයිබ්‍රිඩ් රථයේ වායුසමනය අඩු කරපු තේනුවර මෙච්චර  වෙලා ප්ලේ උන ඉංග්‍රීසි චැනල් එක සිංහල එකකට මාරු කලා.

රෝස කුසුමක් පිපී

නොවිදි සුවඳක් දැනේ...

නොලද සුවයක් සදා පුබුදුවා

සුවහසක් පැතුමන්.....

ඒ තේනුවර සුනිල් එදිරිසිංහගෙ කැමතිම සිංදුවක්...මහා වරුසාවක් මැද්දෙ දිගු වාහන තදබදයක සීත කල වාහනේක තනිවෙලා හිටපු තේනුවරට මේ වෙලාවෙ ඒ ගීතය ඕනාවටත් වඩා හැඟීම් බරව හිතට වැදුන.කොහොමත් තේනුවරට සංගීතයත් එක්ක තියෙන්නෙ පුදුමාකාර  බැඳීමක් මොන තරම් කාර්යබහුල  කෙනෙක් උනත් සිංදුවක් අහන්න තේනුවරට  වෙලාවක් කලාවක් නෑ.ඒ නිසාමද මංද  හිතට වදින දැනෙන පද වැලක් සංගීතයක් ළඟ තේනුවර ඕනාවටත් වඩා සංවේදී වෙනව....එහෙම දැනෙන ගීත එක්ක තේනුවර  එයාම හදා ගත්ත ලෝකෙක අතරමං වෙනව.

එක සීරුවට වින්ඩ්ස්ක්‍රීන් එකට වැටෙන වැහි බිංදු අස්සෙන් එක පාරටම දැක්ක කෙනෙක් හින්ද තේනුවරගෙ දැහැන බිඳුන.විකුම් ට්‍රේඩර්ස් එකේ chief security guard සිසිර ව අදුරගන්න තේනුවරට  මහ වෙලාවක් ගියේ නෑ. බස් හෝල්ට් එක ඇතුලෙ එක පොදියට සෙනග ගුලි වෙලා.සිසිරත් ඒ අස්සෙ යාන්තං නොතෙමෙන්න ඔලුව විතරක් රිංගවගෙන ඉන්න හැටි තේනුවර  දැක්ක.විකුම් තේනුවර කියන්නේ එහෙම දැක්ක පලියට මඟ තොට දකින දකින තමන්ගෙ සේවකයින්ට වාහනේ නවත්තලා ලිෆ්ට් දෙන කෙනෙක්  නෙවෙයි. ඒත් මොකද්දෝ හේතුවකට ඒ වෙලාවෙ තමන්ගෙ කම්පැනි එකේ security  ලඟ වාහනේ තිරිංග පෑගුනා.

මෙච්චර  වෙලා නොතෙමී ඉන්න අච්චර ට්‍රයි කරපු මනුස්සයා තේනුවරගෙ වාහනේ දැක්ක ගමන් වැස්සට පැනපු පැනිල්ලට තේනුවරට  හිනාත් ගියා.ඒ එක්කම මූ මෙතන සැලුට් ගහලා ආචාර සමාචාර  කරලා තමන්ව වටේ ඉන්න මිනිස්සුන්ට  විකාරයක් වෙයිද කියලත් ක්ෂනිකව හිතට ආවා.ෂටර් එක පහත් කරල සිසිරට ඉක්මනට  නගින්න කියල තේනුවර අතින් සන් කලා.ඒ මනුස්සයා  මේ මහ වැස්සෙත් එකල මෙකල වෙවී ඉන්නකොට තේනුවරට යකා නැග්ගා...

නගිනවා මනුස්සයයෝ...

ටිකක් සද්දෙට  තේනුවර කෑගැහුවා.

සර් මගේ දුවත්....ඉන්...

සිසිරට කියල හමාර කරන්න උනෙත් නෑ

හරි හරි අයිසේ නගිනවා...

සිසිර වාහනේ පිටි පස්සෙ දොර  ඇරලා හෝල්ට් එකේ හිටපු කාටදෝ අතින් කතා කරනවත්  කවුදෝ දුවගෙන ඇවිත් වාහනේට නගිනවාත් තේනුවර යාංතමට ඇස් කොනෙන් දැක්ක. මෙච්චර  වෙලා කාර් එක ඇතුලෙන් හමපු  මිල අධික air freshener සුවඳ පසාරු කරගෙන වෙන මොකද්දෝ අපූරු සුවඳක් තමන්ගේ නාස් පුඩු අතරින් හදවතටම කිදා බහිනව වගේ තේනුවරට  දැනුන.ඒ තිගැස්මෙන්ම තේනුවර පිටි පස්ස හැරිල බැලුව.

අත් දෙකම පපුවට ගුලි කරගත්ත ...කැරළි කෙස් මාත්තු කරගෙන රූටගෙන එන පුංචි පුංචි  වැහි බිංදු මුහුණ පුරා රැදුන...හරිම හුරුබුහුටි යුවතියක්...තේනුවරට ඇස් අහකට ගන්න හිතුනෙම නෑ..තමන්ගෙ ඇස් එක්ක හරි කෙලින් පැටලැවුන ඒ ලොකු ඇස්  තප්පරේට දෙකට විසි තිස් වතාවක් ගැහිල බිමට බර උනා....ඒ ඇත් දැල පාට අත් වල  රෝම කූප කෙලින් වෙලා හීගඬු පිපෙන හැටි පවා තේනුවර  දැක්ක..

සර්...මේ මගේ දුව...අද මොන්ටිසෝරි කෝස් එකකට රෙජිස්ටර්  උනා...පලවෙනි දවස නිසා මමත් ආවා...

සිසිරගෙ ඒ කිව්වෙ තමන්ගෙ සුවිසල්  ආයතනයේ සිකියුරිට්ගෙ හඩින් තේනුවර  ගැස්සිලා පියවි ලෝකෙට ආවා .මවාගත්ත කලබලේකින් වාහනේ ප්‍රධාන මං තීරුවට ගන්න  උත්සහ කලා.එත් ඉතින් තාමත් ට්‍රැෆික්  එක ඉවර නෑ.

කොහාටද යන්නේ...

තේනුවරට  ඕන උනේ  මේ වැහි  බිංඳුව කොච්චර  වෙලා තමන් ළඟ රැදිල ඉන්නවද කියල දැනගන්න.

අපි මාකුඹුරෙ සර්...මන්චී එක ළඟ..

තේනුවර   සැනසුම් සුසුමක් හෙලුවා.තාම වැල්ලවත්තේ ....දිග ට්‍රැෆික්  එකක...අනික එයා මන්චි එක ළඟ...මං  ගොඩගම...මහ දුරක්ද...තේනුවරට  තනියම හිනා.

රෝස කුසුමක් පිපී

නොවිදි  සුවඳ දැනේ...

දැන් ටිකකට කලින් ගිය සිංදුව තේනුවරට ආයෙම මතක් උනා...අපරාදේ ඒක යන්න තිබුනෙ දැන්...

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවානම්

තනියට ඉන්නම් ...

දැන් ප්ලේ වෙන්නෙ ප්‍රියානි ගෙ  සිංදුවක්.ඒක ඇහෙද්දිත් තේනුවරගෙ හිතට මොකක්දදෝ උනා.තමන් එක පාරටම අවුරුදු විස්සක් විසිපහක් ආ පස්සට ගියා වගේ හැඟීමක්..මේ සිංදුවයි පිටිපස්සෙ දිලිසෙන වටකුරු සුදු මූණයි එකම  රාමුවකින් බලාගන්න තේනුවරගෙ ඇස් දෙක නලියන්න පටන් ගත්ත.හිමිහිට මැද කණ්නාඩියෙන් පිටි පස්සට ඇස් යැව්ව.සීතලට පෙරව ගත්ත අත් දෙක තාමත් ඒ විදියමයි.ලා දම් පාට අත් දිගට දාපු ගවුමක්..යුවතියකට ඒ පාට අපුරුවට ගැලපෙනව කියල තේනුවරට මෙච්චර කාලෙකට හිතිල තිබුනෙ නෑ..ඇස් දෙක එහෙමම පල්ලෙහාට ගියේ ගවුමෙ කෙලවර හොයන්න.දණහිසට අගලක් දෙකක් උඩින් ඉවර වෙන දම් පාට වාටියට යටින් පෙනෙන නොපෙනෙන ලා  රෝස පාට රේන්දයක් පනස් වෙනි සැතපුම පේන මානෙ ඉන්න තේනුවර ගෙ හිත නොතේරෙන හැඟීමකින් මුසපත් කලා.ඒක හුදු ලිංගික ආශාවක් නෙවෙයි.ගෑනියෙකුගෙ යට ඇඳුමක කොණක් දැක්කත් චූන් වෙන  තර්ඩ් ක්ලාස් හැඟීමක් නෙවෙයි.

තේනුවර  එහෙම කෙනෙකුත් නෙවෙයි.තේනුවර  ඕන තරම් ගෑනු  දැකල තිබ්බා ඕන තරම් ආශ්‍රය කරල තිබුන .තමන්ට ආස හිතුන තමන්ට ඕනෙයි කියල හිතෙන ගැනියෙක් ළඟට ගන්න තරම් හැකියාවකුත් තේනුවරට තිබුන. ජීවිතේ සමහර සමහර අවස්ථා ගනනාවකදි  තේනුවර එහෙම කරලත් තිබුන. ඒත් මේ සුවඳ දැනුන වෙලේ ඉදන්...මේ වටකුරු ඇස් දැක්ක වෙලේ ඉදන් මේ හිතට දැනෙන්නෙ එහෙම ආසාවක් එහෙම කැමැත්තක් නෙවෙයි.තමුන් එක පාරටම ආයෙමත් අවුරුදු විසි තිස් ගාණක් ආපස්සට ගියා වගේ හැඟීමක් ..මුල්ම ආදරේ හිතට දැනෙද්දි දැනුනා වගේ කෝල බවක් ...තිගැස්මක්.. කෙල්ලෙකුට පලවෙනි හාද්ද දෙද්දි දැනුනා වගේ නුහුරු බවක්...කිතිකැවීමක්...

සිසිරට මෙච්චර  ලොකු ළමයි ඉන්නව කියල මං දැනගෙන හිටියෙ නෑනේ...

ඕනාවට වැඩි  නිශ්ෂබ්දතාවය තමන්ගෙ හිත අයාලේ ගෙනියන නිසාම තේනුවර  දොඩමළු  උනා.

මේ මගේ ලොකු දුව සර්...දැන් විසි හතරක්..

එතකොට සිසිරට ?

මට දැන් හතළිස් හයක් සර්...

සිසිර අහිංසක  විදියට හිනා වෙලා එහෙම කිව්වම තේනුවර කල්පනා කලේ තමන් සිසිරටත් වඩා අවුරුදු  තුනක් වැඩිමල් නේද කියල. කොහොමත් වයසට වඩා කඩවසම් පෙනුමක් තියෙන තේනුවරට වයස කියන එක මේ තාක් ප්‍රශ්නයක් වෙලා තිබුනෙ නෑ.ඒත් මේ වෙලාවෙ තේනුවරගෙ හිතට තමන්ගෙ වයස ගැන මොකක්දෝ  මදි පුංචි කමක් දැනුන.

මොකද්ද දුවගෙ නම

ඒ ප්‍රශ්නෙ ඇහුවෙත් සිසිරගෙන්.ඒත් සිසිර පිටිපස්ස හැරිල තමන්ගෙ දූ සිගිත්ත දිහා බැලුව.

දහරා....

එයා එහෙම කිව්වෙ ඉස්සරහ කණ්නාඩියට.තේනුවරගෙ ඇස් ආයෙමත් ඒ ඇස් එක්ක පැටලුනා .වීදුරු බෝල දෙකක් වගේ දිලිසෙන ඒ ඇස් ලඟ තමන්ට මේ තරම් අපහසුවක් දැනෙන්නෙ ඇයි කියල තේනුවරට හිතාගන්න බැරි උනා.

කොට්ටාවට එනකොට මහ  වැස්ස තුරුල් වෙලා තිබුන නිසා මේ වැහි බිංඳුව එයාගෙ ගෙදරටම ගිහින් ඇරලවන්න දැක්ක හීනෙ තේනුවර  ආයාසයෙන් යටපත් කර ගත්ත.තමන් විකුම් ට්‍රේඩර්ස් එකේ කෝටිපති හිමිකරු කියන එක හදවතේ හැඟීම් යටපත් කරගෙන  උඩ මතු උනා.

 

  *     *    *    *     *     *     *    *     *   

ඩ්‍රීම් විලා තුන්මහල් පායේ  සද්ධන්ත  ගේට්ටුව තේනුවරට විවර වෙද්දිත්  එයා හිටියෙ වෙනමම ලෝකෙක.ඒත් තව මොහොතකින් ඒ සොඳුරු මනෝලෝකෙ සුන්නද්ධූලි  වෙනව කියල තේනුවර නොදැන හිටිය නෙවෙයි.ලැබ්‍රඩෝර් වර්ගයේ සුනඛ පෝතකයව හුරතල්  කර කර නිරූපමා වැරන්ඩාවේ කොනක වාඩි වෙලා උන්න.තේනුවර  ආවා කියල දැන දැනත් ඒ ඇස් නිකමටවත් තේනුවර  දිහාට එල්ල උනේ නෑ.

ළමයි නැති ගෙදර හුරතල් වෙන බල්ලො..

අවුරුදු  දහයක් පහලවක් තිස්සෙම බලු කෝලං දකිද්දි තේනුවරගෙ හිතට හැමදාමත් ආපු සිතුවිල්ල ඒ වෙලාවෙත් එහෙමම දැනුන.

ඔන්න විකූ මැරි කරපු ගමන් බබාලනම් හදන්න ලෑස්ති වෙන්න එපා හොදේ...මට තව අවුරුදු පහක්වත් මේ ලයිෆ් එක එන්ජෝයි කරන්න ඕනේ....

තමන්ගෙ කසාඳෙට දින නියම වෙච්ච දා පටන් නිරූපමා කීප වරක්ම ඔහොම කිව්වත් තේනුවර ඒක හිනාවෙලා මඟහැරිය.නිරූපමා කලේ විහිලුවක් නෙවෙයි කියල බැඳල අවුරුද්දක් දෙකක් යනකනුත් දරුවෙක් ගැන වගක් නැතිව හැසිරෙනකොට තේනුවරට තේරුම් ගියා.ඊට පස්සෙ පවුල ඇතුලෙ ඇතිවුන අඬදබරකම්, හිත් අමනාපකම් නිමක් නැති උනා.අන්තිමට බැඳල අවුරුදු හයකට පස්සෙ නිරූපමාට දරුවෙක් ඕනෙ කියල හිතෙද්දි ඒ වාසනාව එයාගෙන් සදහටම දුරස් වෙලා ගිහින්.වසර ගනනාවක් හිතුවක්කාරෙට කරපු පවුල් සැලසුම් වලින් නිරූපමාව කවදාවත් දරුවෙක් පිලිසිඳ නොගන්න තැනට හැඩගස්සවල තිබුන.

ඉතින් ඊට පස්සෙ ඩ්‍රීම් විලා තුන් මහල් පාය අපායක වෙස් ගන්න වැඩි කාලයක් ගියේ නෑ.මලගෙදරක මුස්පේන්තුකමයි  මිනී කනත්තක පාලුවයි හතර වටේ රජයන්න ගනිද්දි කාලයත් එක්කම තේනුවර සහ නිරූපමා ඒ ගොල්ලො තනි තනියම හදා ගත්ත ලෝක වල තනිවුනා.

 

      *     *    *    *     *     *     *    *     *     *

 
දහරා.....

වතුර මලේ සීතල දිය යටට යද්දි  තේනුවරගෙ මුවින් ඒ නම පිටවුනේ නිරායාසයෙන් .ඒ කතා කරන ඇස් මතක් වෙද්දි ජීවිතේ මෙතෙක් දැනුන අහිමිවීම් පරාදවීම් පසුතැවීම් සුවපත් වෙනව වගේ හැඟීමක් තේනුවරට දැනෙන්න ගත්ත.

දහරා....ඒ නම ගැලපෙන්නෙ ඔයාටමයි කෙල්ලෙ..

තේනුවර තනියම මිමිණුවා. සීතල වතුර හිම කටු වගේ ඇගේ වැදෙද්දිත් ඒ ඇස් මතක් වෙන වෙන පාරට අමුතුම උණුහුමක් තේනුවරට දැනුනා නාන කාමරෙන් එලියට එද්දි දුම් දාන කලු කෝපි බඳුන වෙනද වගේම කණ්නාඩි මේසෙ උඩ තිබුන.මොන රාජකාරි තිබුනත් ආයාම්මට තේනුවරගෙ ඕනෑ එපාකම් වතාවත් වගේ ඉටු කරන එක මඟ ඇරෙන්නෑ. කසාඳ බැඳපු මුල් කාලෙවත්  නිරූපමාගේ අතින් තමන්ට තේකක් කෝපි එකක් තරම්වත් දෙයක් හදල දීල නෑ නේද කියල ඒ වෙලාවෙත් කල්පනාවට ආව.මොන තරම් සල්ලි බාගෙ තිබුනත් මොනතරම් ප්‍රසිද්ධ ධනවත්  බිස්නස්මන් කෙනෙක් උනත් තමන්ගෙ ජීවිතේ එක පැත්තක් සදාකාලික අඳුරේ නේද කියල හීන් රිඳුමක් තේනුවරගෙ පපුවට කිදා බැස්ස.

සිහිල් සුළං රැල්ලේ

නුඹේ සවඳ මුසුවේ

ආදරයේ මුඳු සිනිඳු පහස

ලැබ හදවද දලු සෙලවේ...

තේනුවරගෙ කාමරේ ඇඳ ගාවම තියෙන කුඩා ප්ලේයර් එකට තේනුවර කාමරේ ඉන්නවනම් කිසිම විවේකයක් තිබුනෙ නෑ.ඉරිදා කියන්නේ විඩෙන් විඩේ එක එක රේඩියෝ චැනල් වලට එහෙමත් නැත්තං ඩීවීඩී තැටියකට ඒත් නැත්තං පෙන් ඩ්‍රයිව් එකක ගබඩා කල  ගීත වලට ප්ලේයර් එකට මාරු වෙන්න සිද්ධ වෙනව.සිත FM එකේ ඒ වෙලාවෙ ප්ලේ වුනේ තේනුවර හිටිය මූඩ් එකට හාත්පසින්ම වෙනස් සිංදුවක්.

ඔබේ ආදරේ වරුසා වැහැලා

කතර දෙව් ලොවක් වේ...

හිත කඩාගෙන බිඳගෙන ගිහින් ආයෙමත් නැවතුනේ දහරා ළඟ.නිල් පාට බතික් සරමට බැහැල ටවල් එක එහෙමම  බිමට අතඇරල තේනුවර ඇඳෙන් වාඩි වුනේ කෝපි කෝප්පෙයි ෆෝන් එකයි දෑතින් අරන්.ක්ෂනිකව හිතට ආපු සිතුවිල්ලකට තේනුවර එයාගෙ ෆේස්බුක් ගිනුමට ලොග් උනේ දඩිබිඩියෙ.සර්ච් බාර් එකේ දහරා කියල ටයිප් උනේ අසුරු සැනින්.දහරල කප්පරක් ස්ක්‍රීන් එකට ආවත් ඒ රෝස වැහි බිංඳුව එතන හිටියෙ නෑ.

අපරාදේ මුලු නමම අහගන්න තිබුනා...අඩු ගානේ සර්නේම් එකවත්....

සර්නේම් එක.... තේනුවරගෙ කට කොනට විසේකාර හිනාවක් ආව.තේනුවර ඒ හිනාවෙන්ම  විකුම් ට්‍රේඩර්ස් වල මුර කුටියට ඇමතුමක් ගත්ත.ඊට විනාඩියකට පස්සෙ දහරා සිරිවර්ධන  කියල ඉංග්‍රීසියෙන් ටයිප් කරල තේනුවර ස්ක්‍රීන් එකට ඇස් තියාගෙන උන්න.ඒ කැරළි කොන්ඩෙ...ඒ ලොකු වටකුරු ඇස් .....තේනුවර  දිහාම බලාගෙන හිනා වෙවී උන්න.තේනුවර හිරිවැටුන. උදේ ඒ ඇස් සජීවීව දකිද්දි වගේම...ඒ සුවඳ දැනෙද්දි වගේම තේනුවරගෙ ආත්මෙම හිරිවැටීගෙන ගියා.ගැහෙන ඇගිලි තුඩු වලින් දහරා දෙව්නි සිරිවර්ධනට මිතුරු ඇරයුමක් යවල  තේනුවර ෆෝන් එක පපුවට තියාගත්ත.


*     *    *    *     *     *     *    *     *     *

දවසක් දෙකක් නෙවෙයි දවස හතරක්ම ගත වුනා. ඒත් දහරා දෙව්නි තමන්ගේ ඇරයුම පිලිගන්න පාටක් තිබුනේ නෑ.පස්වෙනි දවස වෙනකොට තේනුවර උන්නෙ ලෝකෙම අහිමි වෙච්චි ගානට. කඳුකරේදී දැනෙන හීතල තරම් හීතලක් පොම්ප කරන සියල් සපිරි සද්දන්ත කාර්යාල කාමරය ඇතුලෙදිත් තේනුවරට දැනුනෙ මහා අපහසුවක්.

ඇයි එයාට බැරි මාව accept කරන්න.... මං එයාගෙ තාත්තගෙ බොස්  කියන එකත් එයා care කරන්නෙ නෑ වගේ... හ්ම්ම්ම්....ගෑනු ළමයො ඔයා එච්චරටම ආඩම්බරද...?

You took my heart away
When my whole world was grey
you gave me everything
and a little bit more
And when it's cold at night
And you sleep by my side
You become the meaning of my life…

කාමරේ පුරා හිමිහිට නින්නාද වෙන ඒ ගීතයේ පවා වෙනදට වැඩි දුකක් තියෙනවා කියල තේනුවරට හිතුන.ඇහෙන ඇහෙන හැම ගීතයම ඒ ගයන්නෙ තේනුවරගෙ හිත කියල හිතුන.

අතිශය කාර්යබහුල වෙලාවලත්  දහරාව හිතට එන එක නවත්ත ගන්න තේනුවරට බැරි උනා. දවසට විසි තිස් වතාවක් ෆේස්බුක් එකට ගිහින් දහරාගේ ප්‍රොෆයිල් පික්චර් එක දිහා බලන් ඉන්න එක පුරුද්දක් වගේ උනා.කොයි මොහොතෙ හරි ඇය තමාව පිලිගනී කියල තේනුවර බලාගෙන හිටිය. උදේ හවස සිසිරව දකිද්දි වාහනෙන් බැහල ඇවිද ගෙන යද්දි සිසිර එක්ක කතාවට වැටෙන්න තේනුවරගෙ හිත පොරකෑවා. ඒත් තේනුවර ඒක ආයාසයෙන් යටපත් කරගත්ත.


*     *    *    *     *     *     *    *     *     *

එදා රෑ මහා හයියෙන් වැස්ස.තේනුවර බැල්කනියට වෙලා වැස්ස දිහා බලාගෙන උන්න.කාමරේ කැසට් ප්ලේයර් එකෙන් ඒ වෙලාවෙ ගලාගෙන ආවේ අමරදේවගේ කුමරියක පා සළඹ සැලුවා ගීතය.
ඒ වැහිබර රාත්‍රී යාමෙට  ඒක හරිම අපූරුවට ගැලපෙන සිංදුවක්.දහරා.... මේ වගේ වැහි දහරාවක් යට  ඒ සීතල වැහි බිංදුව කොහොමත් අමතක කරන්න බෑ. බලල බලල හිත රිදවගෙනම ටික වෙලාවක් පැත්තකට විසි කරල තිබුන ෆෝන් එකට  තේනුවර ආයෙමත් ඇස් යැව්ව.දහරා දෙව්නි සිරිවර්ධන... ඔව් .. ඈ ඊට තප්පර ගානකට කලින් ඔහුගෙ මිතුරු ඇරයුම පිලිඅරගෙන.තේනුවරගෙ හදවත ගැගෙන හඬ පිටතටත් ඇහෙන තරමට වේගවත් උනා.හා හා පුරා තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කරපු හිරිමල් කොල්ලෙක්ගෙ වගේ  තේනුවරගෙ හිතම හිරිවැටුන.ඇගේ මැසෙන්ජරයේ කොළ පාට දැල්වෙනව. දෙවරක් නොහිත තේනුවර හායි කියල  ටයිප් කරල සෙන්ඩ් කලා.තප්පරයක්....දෙකක්...තුනක්.... ගියා.

සර් ඔයා ....?

පුදුමය දනවන ස්ටිකර් එකකුත් එක්ක ඒ වචන දෙක සටහන් වෙලා තිබුන.

                                      
ඉතින් එපමණයි !!

(තව බොහෝ දිග කතාවක ආරම්භය ඒ වචන දෙකේ සටහන් වෙලා තිබුන කියල ඒ මොහොතේ තේනුවරවත් දහරාවත් දැනගෙන හිටියේ නෑ
.)



                                                                


Jul 4, 2022

තව එක සැරයක් !!



ආදරේ කියන්නෙ දරාගන්නව කියන එකට නම්,ඉවසනව කියන එකට නම් දන්නවද මං ඒක හොදටම කරන අයගෙන් කෙනෙක්.හිතේ හැටියට මහා හයියෙන් කෑගහල මං ඔයාට ආදරෙයි කියන්න හිතෙන දවස්...අනේ මේ මොහොතෙ මට ඔයා ළඟ ඉන්න ඕනෙමයි කියල හිතෙන දවස්...කෝල් එකක් අරගෙන වරුවක් විතර කියවන්න ඕනෙයි කියල හිතෙන දවස්...ඔය පපුවෙ මූණ හංඟගෙන ඉන්න හිතෙන දවස්...දුවගෙන දුවගෙන ඇවිත් මූණ ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙන දවස්...පුංචි වචනයක් අල්ලගෙන දවසම බොරුවට රණ්ඩු වෙන්න හිතෙන දවස්...කොච්චරක්නම් මං මේ වෙනකොට පහුකරල ඇතිද..තව ඉස්සරහටත් තියෙන්නෙ එහෙම දරාගන්න ඉවසගන්න දවස් විතරමයි නේද කියල හිතෙනකොට ඇත්තමයි මට හිතෙනව මේ සාම්ප්‍රදාය කඩන්න.ලෝකෙට බම්බු ගහගන්න කියල එක දවසකට හරි ඔයාගෙ වෙලා ඉන්න එන්න.

‌ඒත් සාම්ප්‍රදායික සම්මතය බිඳින එක ඔය කියන තරම්වත් හිතන තරම්වත් ලේසි නෑ කියල මං වගේම ඔයත් දන්නව.අන්න ඒ නිසා තමයි මං ඔයාට වචනෙකින්වත් ඉඟියක් නොදී ඉන්න පරිස්සම් වෙන්නෙ.ඔයා කියන දේවල් නොදැනෙනව නොහැඟෙනව වගේ ඉන්නෙ.ගහක් ගලක් වගේ එහෙම ඉන්න එක සමහර වෙලාවට මැරෙන්න හිතෙන තරමට දුකක්.ඒත් මට ඒ දුක උරුමයි.

කවදාවත්ම ළං වෙන්න අයිතිකර ගන්න ළඟ තියාගන්න බැරි බව දැන දැනම මං ඔය ඇස් වල
පැටලුනා....අතරමංඋනා...දෙනෝදාහක් ගැවසෙන අධි කලබලකාරී තැනකදී උනත් මගේ ඇස් වල ඔය ඇස් ගැටුන පළවෙනි නිමේශයේදීම හිතට මොකක්දෝ උනා.ඒත්..ඒත් මට ඕන උනේ නෑ කවදාවත් ඔයාට ආදරෙයි කියන්න....ඔය බැල්ම මගේ ආත්මයම හිරිවට්ටපු බව කියන්න.ඒත් අවසානයේදී ඒක ඔයාට නොකියා ඉන්න බැරි තැනට ඔයා මාව ගෙනාව.ඉතින් දැන් අපි දෙන්නම විඳවනවා. ඔයා මං තරම් විඳවනවද කියල මං දන්නෙ නෑ.හෝව් හෝව් ඔන්න දැන් ඔයාට තරහ ඒවි.ඔයා තමා වැඩියෙන් ආදරේ කියලත් කියාවි.

ඒත් ඔයා දන්නවද කවදම හරි අපි දෙන්නට මැරෙන්න වෙන්නෙ.අපි අපිට කොච්චර ආදරේ කලාද කියල නොදැන...අපිට අපිව කොච්චර දැනුනද කියල නොදැන...අපි අපි වෙනුවෙන්  කොච්චර හොරෙන් හොරෙන් ඇඬුවද කියල නොදැන... අපි අපිව කොච්චර බලාපොරොත්තුවෙන් හිටියද කියල නොදැන...ඔයාට කලින් මං යන්න ගියත් මට කලින් ඔයා යන්න ගියත්  අන්න ඒක තමයි අපේ කතාවේ දුකම හිතෙන අවාසනාවන්තම කොටස.

Jun 16, 2022

ඉපැරණි !!





මලකඩ කෑ ඉන්බොක්ස් ඉතිහාසයකි
ඉපැරැණි  සල්ලාප
තැනින් තැන... කඩින් කඩ....
විසිරුණු

බොහෝ තැන් ම'ඟැර
ඉස්සරෝම තැනට යමි

..........ඔයා  !

ඒ විශ්මයාර්ථය ඔබේ අදිසි
මුණගැසීම වෙනුවෙන්...
සතුටය..සිනහවය
ආගිය තොරතුරුය...
ඒ හිමිදිරිය ...මිහිරි ය...

මුලම සිට නැවත පැමිණෙමි !

අතරින් පතර
දුරින් සිට හාදුය
විහිලුය...විනෝදය...
ඔය දෑසට දෑස සම්මුඛ  
වෙන තුරුම....එකී බැඳීම
නොකිලිටිය...පිවිතුරුය..
හදවත නතර වූයේ
ඒ ඇස් අසලමය...
ඒ මද්දහන..පෙම්වත් ය...

අමතක කරන්'නෙපා
මේ ආපස්සට ගොස් නැවත
එන අතරමගය !


වැඩි වැඩියෙන් හාදුය
ආදරය ය...අනුරාගය ය..
ඉදහිටක ඊරිසියා සහහත
නෝක්කාඩුය...පලිගැනීම්‍ ය
රණ්ඩු ය...මුරණ්ඩු ය.
බ්ලොක් කිරීමට අධිපතිය
සටනට සෙන්පතිය
නිහඬවීමට රුසිය
ඉතින් බැලූ බැලූ අත
කඳුළුය...විරහවය
ඒ පස්වරු ය ...ගිනියම්‍ ය...

ආපස්සට ගොස් නැවත අවසානයට පැමිණීමේ
අවසන් අදියර !

එකී සියල් සිප ගැනුම්
තාමත් උණුය..උණුසුම්ය
ඔය සුවඳ තාමත්
මෙතැනය...මෙතැනය....
සම්මතය බිඳහෙලූ තැනද
ප්‍රේමය ප්‍රේමයම ය...
ඒ හැන්දෑව..අතිශෘංගාරය..

ඉතින් මේ එකී කතාවේ අවසානය, නොහොත්
කෙලවරය !

හිස් ය...හිස්ම හිස්‍ ය
ප්‍රේමය උත්කර්ෂයට නැගූ තැනම
සාහසික නිහඬවීම් ය.
මේ සා කුරිරු රිදවුම්‍ ය..
අත් හරින්නට හෝ අත් හැරෙන්නට
ඕනෑ තරම් හේතුය
එහෙත්
යලි යලිත් යලි යලිත්
බැඳෙන්නට තරම් ප්‍රේමණීය ය...

ප්‍රියය ,
එතැන් සිට ගෙවන
මේ බොහෝ තත්පර
රළුය...කලුය...

ඉතින් පවසන්න..
ඔබට මා අමතක කර සැනසෙන්නට හැකිද ?

Mar 15, 2022

මට යසෝදරා වෙන්නටනම් බෑ !





හීත හිමේ හීතල හිත ඉඹිනවද

KFC රයිස් කුසගිනි නිවනවද

මාර දූතිකා තනියට රඟනවද

අනේ බුදු වෙලා දැන් මා අමතකද

 

සංසාරෙම ලඟින් ඉන්නට සපථ වෙලා

පින්සාරම හීන පෙන්නා තොදොල් වෙලා

පන්නං ගියේ ප්‍රේමයෙ දෙව් ලොවම මවා

අබිනික්මන් කලේ කුස එනකොටයි නෙරා

 

පාලු පැලේ මට තනි නෑ තනි අලියා එනවා

ගේන පලා අතින් තියා තොල කට ලෙවකනවා

වරක් දෙකක් හොඬ උස්සල ඌ යන්නට යනවා

ඊට පස්සෙ මං ආයෙත් හොද අම්මා වෙනවා

 

හොවා මුවේ තන බුරුල්ලෙ වෑස්සෙනා කිරි

රාහුලගෙන් හංගනවා ළය මඬලේ ඉරි

ඔයාට නම් දැන් සැප ඇති භව බෝගෙන් පිරි

තනියම බුදු වෙන්න ඔයා දැන් සේරම හරි

 

වනන්තරරේ වන සපුවන් මැද තනියම හිදිමී

නිරන්තරේ පුතු වෙනුවෙන් ලේ කදුළැලි හෙලමී

වරින් වරේ උඹ සිහියට එන හදවත දවමී

පය පැටලී නුඹට නිවන මඟහැරෙන්න පතමී

 

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...