සඳට බැළුම් හෙලූ අය

Oct 2, 2012

මාර සරණියෙන් උයන කෙරුවාව ගොඩදා ගත් මගේ සත්තලන් !




                                       අනේ දෙයියනේ මගේ අසරණ අහිංසක බ්ලොග් එක වල් බිහි වෙලා. අහු මුලු වල මකුළු දැලුත් බැඳිලා.....මොනා කරන්නද සති ගානකින් මේ පැත්තේ එන්න බැරි උනා.දැන් මේ ආවෙත් නෑවිත් බැරි කමට අප්පා.මේ දවස්වල මම ඉන්නේ බොහොම අසාධ්‍ය තත්වයක බ්ලොග් ලියනවා තියා ගෙදර වැඩ පලක්වත් කර ගන්න හැටියක් නෑ.කොටින්ම මේ දවස් වල කුස්සියේ සියලුම කටයුතු භාර ගන්න වෙලා තියෙන්නෙත් සත්තලන්ට තමා.අනේ බැරි බැරි ගාතේ උනත් නෑ බෑ නොකියා එයා ඒ සේරම කරට අරන් කරනවා.

                               උදේට උදේට පොල් ගෙඩියක් බිඳලා ගාලා දුන්නට, ඉදලා හිටලා රෑකට රොටියක් පිච්චුවට ,මගේ පොල් සම්බෝලෙට වැඩිය ඔයාගේ පොල් සම්බෝලේ රසයි අනේ කිව්වම පොඩ්ඩක් ගණන් උස්සල පොල් සම්බෝලයක් හැදුවට ඊට එහා දෙයක්නම් ඔය උයන පිහන අන්සෙන්  මගේ සත්තලන් පොඩ්ඩ දැනගෙන උන්නේ නෑ.ඒකට දැන් උදේට තේක හදන එකේ ඉදන් රාජකාරි එයා පිට පැවරිලා.නහය උඩට ඇද ඇද කඳුළු පෙර පෙර හොටු හූර හූර ලූණු කපද්දි, මිරිස් බදිද්දි අනේ මටනම් දුකත් හිතෙනවා.ඒත් ඉතින් එයා ඒවා කරන්නේ හරිම ආසාවෙන්.ටික දවසක ඉදන් උයන නිසා මේ වෙනකොට හොද ප්‍රගතියකුත් තියෙනවා හැබැයි ඉතින් චන්ඩියා වගේ උයන්න ගත්තට මුන්දැගේ කෑම ගැලපීම අන්තිමයි.මුල් දවස්වල  ඒවට මගෙන් සහයෝගය ගත්තට දැන් ඔන්න ඒකටත් කැමති නෑ.දැන් මිනිහට ඕනෙ වීරයා වගේ හැම දේම තනියම කරගෙන කට්ටියගෙ ක්‍රෙඩිට් එක තනියම  අර ගන්න.අනේ ඉතින් පොඩි එකාගෙ ආසවනෙ කියල මමත් ඉන්නවා  සද්ද නොකර.මෙන්න සමහර දවසට මේකා කැරටුත් උයලා අලත් උයලා මාලුත් කිරට හදනවා. කොහොමද ගැලපීම නියමනේ?


අනේ මම ඉතින් අමාරුවෙන් හරි කටක් දෙකක් කනවා. මොනවා උනත් මගේ සත්තලන්ගේ අතින් හදපු කෑමනේ.මම මුකුත් නොකිව්වත් ඔන්න පස්සේ එයාටම තේරෙනවා මේවා ගැලපෙන්නේ නෑ කියලා. එතකොට ඉතින් මූණ බෙරි කරගෙන එයාම එයාගෙ ඔලුවට ඇණ ගන්නවා.මේ ඉතින් වෙන මුකුත් නෙවෙයි අර සුජීව ප්‍රසන්නාඅරච්ච්ගේ නව කතාවක් දෙකක් නොබලපු එකේ වරද තමා මුන්දෑ.එහෙම බැලුවනම් අඩුම ගානේ රෙසපීස් දහයක් දොළහක්වත් ඉගෙන ගන්න තිබුනනෙ.අඩේ සුජීවගේ රෙසපීස් ගැන මතක් කර කර ඉන්නකොට තමා මට මතක් උනේ සුජීවටත් වැඩිය හොද බුවෙක් මේ සයිබරයේ ඉන්නවා නේද කියල මාර රෙසපීස් දෙන.මම දඩිබිඩි ගාලා ලැපත් ඉන් ඔන් කරලා සත්තලන්ටත් එන්න කියලා ඔන්න  බුකියේ මාරයාගේ
මාර සරණිය හොයා ගත්තා.

අඩෙ අප්පා මේ තියෙන්නෙ කෑම.මේ දවස්වල මට තියෙන ලෙඩෙත් එක්ක මේවා දකිද්දී කටින් කෙල බේරෙනවා.සමහර කෑම මේ දැන් කන්න ඕනෙ වගේ හිතෙනවා.සත්තලනුත් බොහොම උවමනාවෙන්  හොම්බ ඔබාගෙන මේවා බලනවා.බල බල ඉන්න ගමන්  මෙහෙමත් ඇහුවා.


මේ බුවා කොහෙද ඉන්නේ...?

මේ බුවා නිට්ටම්ඹුවේ...

ආ..පෝ... පට්ට දුරනේ... නැත්තං ගිහින් කෑම දෙකක් අරන් එන්න තිබුනා...


කොහොමින් කොහොම හරි මාරයාට පිං සිද්ධ වෙන්න දැන් මගේ සත්තලනුත් රස කෙසේ වෙතත් මැච් කරලා උයනවා.රෑට මාර සරණිය බලලා උදේට උයන ඒවත් තීරනය කරනවා. හි ... හී කොහොමද වැඩේ.


ඔන්න අද ඉව්වේ මෙන්න මේවලු. මේකත්  මාරයාගෙන් උස්සපු පින්තූරයක් හොදේ.අපොයි දැක්කොත් මට බනීද දන්නෙත් නෑ.අනේ ගැත්තීට අනුකම්පා කොරන්න හොදේ.



ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...