ගොම්මනේ අඳුර වැටෙනකොට ගෙපළ මත
කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ
හැට පැන්නත් ඉළන්දාරි තාම මගෙ හිත
ගැස්සෙනව නුඹ ළඟදි අදත් නිතරම
හතර පෝයටම සිල් ගන්න නුඹෙ අතිනුත් ඉඳල හිට
ඒකමයි ගිලිහෙන්නෙ නොදැනිම නවගුණ වැල
පින් පුරා නැග එද්දි පුර පෝය හඳ
අල්ලගෙන රැළි වැටුණ නුඹේ සුදු අත
කලා සොළසම පිරුණු මේ සදේ සෙවනැල්ල යට
තුරුල් වෙන්න ආසයි ඔය ළයට ආයෙම
හිස තියා ඔය ළයට පෙර පුරුදු ලෙස
විඳිනකොට මේ දිවියෙ නිරාමිස සුව
සිල් සුවඳ මුහු වෙච්ච නුඹේ පුසුඹට
ආදරෙයි මැණිකෙ මම එදා වාගෙම
ජීවිතේ මහ දුරක් එක්ව එක ලෙස
මා එක්ව ආව පින නුඹට එය ඇත
ජීවිතේ ගිම් නිව්ව නුඹෙ සෙනෙහෙ ළඟ
මේ දැන්ම මියැදුනත් එයයි මගෙ සැප
කඩාගෙන පිච්ච මල් වට්ටියක් සුදට සුද
පුරෝගෙන හිනා කට , ගොඩ වෙද්දි ගෙට
සැවැන්දරා පුසුඹයි ඉස්සර වගෙම නුඹ ළඟ
හැට පැන්නත් ඉළන්දාරි තාම මගෙ හිත
ගැස්සෙනව නුඹ ළඟදි අදත් නිතරම
හතර පෝයටම සිල් ගන්න නුඹෙ අතිනුත් ඉඳල හිට
ඒකමයි ගිලිහෙන්නෙ නොදැනිම නවගුණ වැල
පින් පුරා නැග එද්දි පුර පෝය හඳ
අල්ලගෙන රැළි වැටුණ නුඹේ සුදු අත
කලා සොළසම පිරුණු මේ සදේ සෙවනැල්ල යට
තුරුල් වෙන්න ආසයි ඔය ළයට ආයෙම
හිස තියා ඔය ළයට පෙර පුරුදු ලෙස
විඳිනකොට මේ දිවියෙ නිරාමිස සුව
සිල් සුවඳ මුහු වෙච්ච නුඹේ පුසුඹට
ආදරෙයි මැණිකෙ මම එදා වාගෙම
ජීවිතේ මහ දුරක් එක්ව එක ලෙස
මා එක්ව ආව පින නුඹට එය ඇත
ජීවිතේ ගිම් නිව්ව නුඹෙ සෙනෙහෙ ළඟ
මේ දැන්ම මියැදුනත් එයයි මගෙ සැප