සඳට බැළුම් හෙලූ අය
Aug 26, 2018
ආදරේ හරි සරළයි හිටං !
ආදරේ කියන්නෙම
එයා කන්න කැමතිම මට එපාම කරපු කරවිලයි වම්බටුයි දැන් මමත් ආසාවෙන් කන එකට...
මම කන්න කැමති එයා කන්න අකමැතිම බෝංචියි කැරටුයි එයාටත් කන්න පුරුදු කරපු එකට..
ආදරේ කියන්නෙම
එයා කැමතිම මිනි මරාගන්න ලේ පෙරාගන්න චිත්තරපටි ඇස් පියාගෙන හරි රෑ දෙගොඩ හරියක් වෙනකං මමත් බලන එකට..
මම කැමතිම ආදරේ වැක්කෙරෙන පෙම් කතා එයාටත් බලන්න පුරුදු කරන එකට...
ආදරේ කියන්නෙම
මම නැතුව කොහේ හරි ගියා ම එනකං ඇස් දැවිල්ල හැදෙන එකට..දහ දොළොස් වතාවක් කෝල් කරන්න හිතෙන එකට...
පොඩ්ඩක් පරක්කු උනොත් මහා මූසල දේවල් හිතෙන එකට..අම්මට මල්ලිට අක්කට වටේටම කෝල් කරල නහයෙන් අඬන එකට..ඊට පස්සේ බැනුම් අහන එකට..
ආදරේ කියන්නෙම
මම ලියන කිසිදේක අහුමුළු නොසයන එකට..
තෝ මේක ලිව්වෙ කාටදැයි අරක ලිව්වෙ කාටදැයි නොඅසන එකට
ලියද්දී මට මම ම වෙන්න ඉඩ දෙන එකට...
ආදරේ කියන්නෙම
මම තාමත් පිස්සු වැටෙන්නෙම
මාධවන්ගේ හිනාවටයි කියන එකට
මාව හිරිවට්ටන ඇස් තියෙන්නේ වෙන කෙනෙක් ළඟයි හිතෙන එකට...
ඒවට මූණ කොරහක් කර ගත්තම
හරි ඉතින් මම ආසම... මම ආදරේම... පපුව තියෙන්නේ ඔයා ළඟ නෙ කියා මුරුංගා අත්තේ තියන එකට...
ආදරේ කියන්නෙම
බබා අන්න මරු ගලක්....කෝමද අර ඩිකිය ...පාරේ තොටේ යන එනකාං ඉස්සර එයා මට පෙන්නපුවා දැන් එයාට කලින් මං පෙන්නන එකට...
කෑගහන්න එපා බා...න් අපි දෙන්නටම ගෑනුන්ගෙන් ගුටි කන්න වෙයි කියා උන්දෑ බය වෙන එකට...
ආදරේ කියන්නෙම
නිකමට හරි එයා මැරුනොත් මට ලස්සන උස හාදයෙක් කසාද බැඳගන්න කියල එයා කියන එකට...
හැබැයි මම මැරුනොත් ඒ සෙල්ලම් බෑ
ශිවන්යා වෙලා ඇවිත් කරන දේවල් බලා ඉන්නවායැයි මං හර්තාල් දැමීම...
ආදරේ කියන්නෙම
එයා දාරාණිපාතෙට වැඩ වෙලාවට
අම්මයි පුතයි ඔෆීස් කාමරේ ගෝරි දා ගන්න එකට..
ඒ පරිප්පු එයාටත් කන්න දෙන එකට..
අන්තිමට අම්මයි පුතයි එලියට දමා කාමරේ දොර වහන එකට..
ආදරේ කියන්නෙ දැන් එයාට මම ලියන ඒවා කියවන්න වෙලාවක් නෑ කියන එකට...
ඒකට මම ඇස් වල කඳුළු පුරෝගන්නකොට ඊළඟ ආත්මෙනම් කවි ලියන එකියක් කසාඳ බඳින්නේ නෑයි කීම...
හා... මටත් ඕනෙ නෑ බඳින්න ඒ උනාට ලබන ආත්මෙත් ඔයා මගේ ඩ්‍රයිවර් නම් වෙන්නම ඕනෙයි කියන එකට...
ඉවර නෑ... තව තියෙනවා පස්සෙ
Aug 22, 2018
ඇවිලෙමි ...නිවෙමි !
නාභි විල් දිය මත
පිපි රන් තඹරු කුසුමක,
සුවඳ දෙතොලින් ගෙන යත
පයෝධර දාගැබ් වෙත,
සුසුම් නිවනකි,
හිතුවක්කාර පෙම්වත…
~ දිස් ඊස් නොට් රයිටර් ~
ඩන්හිල් සුවද හුස්මක තෙත
උරාගෙන පිපෙන පෙති මත ,
නිල්මල් විලක සුව දෙන
පිපී එන පයෝදර තුඩ ,
ගැහෙන ප'පුතුර මත
ඇවිලෙමි ...නිවෙමි
විසේකාරිය නුඹ...
~ දිස් ඊස් නොට් සඳවතී ~
හිතුවක්කාර පෙම්වත…
~ දිස් ඊස් නොට් රයිටර් ~
ඩන්හිල් සුවද හුස්මක තෙත
උරාගෙන පිපෙන පෙති මත ,
නිල්මල් විලක සුව දෙන
පිපී එන පයෝදර තුඩ ,
ගැහෙන ප'පුතුර මත
ඇවිලෙමි ...නිවෙමි
විසේකාරිය නුඹ...
~ දිස් ඊස් නොට් සඳවතී ~
Aug 14, 2018
උන්මාදිනී !
ග්ලැසියර සීතල
දැනෙන හවසක
මන්දාකිණි දිස්නයකි
ඒ දුඹුරු ඇස් අස
ගිනි සිළක උණුහුම
රැඳුණු මුඳු පපුවක
වෙලෙමි දැවටෙමි
උන්මාද සිහිනයක
Aug 7, 2018
ඔව් ඇයි අවුල්ද !
( රූපය අන්තර්ජාලෙන් )
මං ආසයි මුඩුක්කුවක ඉපදෙන්න
ඔව් මං ආසයි මුඩුක්කු කෙල්ලෙක් වෙන්න
වැහි කාලෙට දෝරෙ යන කුණු ඇලක් ළඟ
ගන්දස්කාරෙට හරි අපූරුවට
නිදහස් හුස්මක් ගන්න
සුදුම සුදු ඇගිලිකරු අස්සෙන්
චිරි චිරි ගගා මඩ විදෙන්න
සද්දෙට ඇවිදින්න
ටකරං වහලෙට එක සීරුවට
වැහි වැටෙනකොට
යාන්තං නොතෙමෙන තැනක
ඇණ තියාගෙන හූල්ලන
අම්මගෙ හුස්මකට ගුළිවෙන්න
ඉදහිට දවසක වත්තෙ කොලු රැළ එක්ක
හීනියට මලක් ඔතන හැටි ඉගෙන ගන්න
පිරිමි දාහක් මැද්දෙ හිටියත්
උන්ගෙන් සල්ලං නොවී ඉන්න
මුඩුක්කුවෙ අනිත් කෙල්ලන්ටත් එහෙම
නොවී ඉන්න හැටි උගන්නන්න
පාරේ පයිපෙන් නාද්දි
තෙත බේරෙන ගෑනු කම් ළඟ
කෙල හලන මදාවින්ට
මොනාද ඩෝ බලන්නේයි සද්දෙ දාන්න
හිමිහිට මාරුවෙන උන්ට හයියෙන් හූවක් තියන්න
බිස්නස් එකට හිඟාකන තාත්තගෙ රස්සාවට
ජල්තර දාන ටවුමෙ මහත් හොරු එක්ක ගේම ඉල්ලන්න
ඔය පොර ටෝක් දුන්නට ඕකී ඉන්නෙ
අහවල් මුඩුක්කුවේ කියල උන් හිනාවෙද්දි
ඔව් අයියෙ ඇයි අවුල්ද අහන්න
ලොකු ගෙවල් වල පොඩි බේබිලට
උගන්නල ගන්න සොච්චමෙන්
අම්මගෙ මූණෙ හිනාවක් අඳින්න
කීයක් හරි ඉතුරු උනොත්
බෙනාගෙ කවි පොතක් අයිති කරගන්න
රෑට නිරුවත් වෙන කොළඹ අහස යට
තරු එළියෙ කවියක් ලියන්න
මුඩුක්කු කුමාරියෙකුට ආදරේ කරන
පොලවෙ පය ගහපු රස්තියාදු කාරයෙක්
ගැන කතාවක් ගොතන්න
කවද හරි ඒ කතාවේ ඉන්න
රස්තියාදුකාර තරු ඇස් ළඟ
හැබෑවටම නිවෙන්න...සැනසෙන්න
ඉතින් ඇත්තමයි
මට ඕනෙ මුඩුක්කු කෙල්ලක් වෙන්න
මං ආසයි මුඩුක්කුවක ඉපදෙන්න
ඔව් මං ආසයි මුඩුක්කු කෙල්ලෙක් වෙන්න
වැහි කාලෙට දෝරෙ යන කුණු ඇලක් ළඟ
ගන්දස්කාරෙට හරි අපූරුවට
නිදහස් හුස්මක් ගන්න
සුදුම සුදු ඇගිලිකරු අස්සෙන්
චිරි චිරි ගගා මඩ විදෙන්න
සද්දෙට ඇවිදින්න
ටකරං වහලෙට එක සීරුවට
වැහි වැටෙනකොට
යාන්තං නොතෙමෙන තැනක
ඇණ තියාගෙන හූල්ලන
අම්මගෙ හුස්මකට ගුළිවෙන්න
ඉදහිට දවසක වත්තෙ කොලු රැළ එක්ක
හීනියට මලක් ඔතන හැටි ඉගෙන ගන්න
පිරිමි දාහක් මැද්දෙ හිටියත්
උන්ගෙන් සල්ලං නොවී ඉන්න
මුඩුක්කුවෙ අනිත් කෙල්ලන්ටත් එහෙම
නොවී ඉන්න හැටි උගන්නන්න
පාරේ පයිපෙන් නාද්දි
තෙත බේරෙන ගෑනු කම් ළඟ
කෙල හලන මදාවින්ට
මොනාද ඩෝ බලන්නේයි සද්දෙ දාන්න
හිමිහිට මාරුවෙන උන්ට හයියෙන් හූවක් තියන්න
බිස්නස් එකට හිඟාකන තාත්තගෙ රස්සාවට
ජල්තර දාන ටවුමෙ මහත් හොරු එක්ක ගේම ඉල්ලන්න
ඔය පොර ටෝක් දුන්නට ඕකී ඉන්නෙ
අහවල් මුඩුක්කුවේ කියල උන් හිනාවෙද්දි
ඔව් අයියෙ ඇයි අවුල්ද අහන්න
ලොකු ගෙවල් වල පොඩි බේබිලට
උගන්නල ගන්න සොච්චමෙන්
අම්මගෙ මූණෙ හිනාවක් අඳින්න
කීයක් හරි ඉතුරු උනොත්
බෙනාගෙ කවි පොතක් අයිති කරගන්න
රෑට නිරුවත් වෙන කොළඹ අහස යට
තරු එළියෙ කවියක් ලියන්න
මුඩුක්කු කුමාරියෙකුට ආදරේ කරන
පොලවෙ පය ගහපු රස්තියාදු කාරයෙක්
ගැන කතාවක් ගොතන්න
කවද හරි ඒ කතාවේ ඉන්න
රස්තියාදුකාර තරු ඇස් ළඟ
හැබෑවටම නිවෙන්න...සැනසෙන්න
ඉතින් ඇත්තමයි
මට ඕනෙ මුඩුක්කු කෙල්ලක් වෙන්න
Aug 2, 2018
තාත්තේ ඔයා නැතුව දැන් අම්මට ඉස්සරටත් වඩා පාලුයි !
එතකොටත් මගෙ වයස යාන්තං දාහතයි
අම්මටත් ඒ හැටිම නෑ වයස හතළිස් තුනයි
හිරවෙලා ලේ කැටිය නැවතුනේ හදවතයි
තාත්තා ගිියෙත් හරි ඉක්මනට හතළිස් හතයි
එදා අම්මා උහුල ගත් කඳුළු ගංඟාව
අදත් දියවෙලා වැක්කෙරෙනවා මහ රෑට
ඒ තරම් ඉක්මනට හිස් උනත් යුග යහන
අදත් ඈ පෙරවන්නේ ඔයාගේ කොටු සරම
තාත්තා කෝ කියල කවුරු හරි ඇහුවාම
කොච්චරක් කල් ගියත් ගැස්සෙනව හිත තාම
අඩුවෙන්ම ලියන්නේ මං ඔයා ගැන මෙහෙම
අඩු වෙලා නෙවෙයි ආදරේ ඔබ දන්නවා ඒක
උහුලලා බැරිම තැන නාය යන මහ කන්ද
වගේ සද්දයි විටෙක අම්ම හංගන හුස්ම
තනියෙන්ම දිය වුනත් ජීවිතේ හොද හරිය
අදත් අපි තුන් දෙනා තමා අම්මට හයිය
දැනුත් පහු කරද්දී ඔයා නැවතුනු සොහොන
එදා වාගෙම පාලු මූසලයි හැන්දෑව
පැන් වඩන්නට කලින් ඇස් කඳුළු ඉස්සාට
තාත්තේ මතක බණ හෙටයි ඔබ එනවාද
Subscribe to:
Posts (Atom)
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...