සඳට බැළුම් හෙලූ අය

Jan 27, 2019

ඇයි !





මට තියෙන ආදරේ
ඔය ඇසේ හොයන්නට....

දැනෙන්නට තොල් පෙත්ත
රිදෙන්නම ඉඹින්නට....

නුඹේ උර බාහුවේ
හිස තියා  නිදන්නට....

දෛවයට බැරි උනේ
ඇයි ඉඩක් හදන්නට....

Jan 24, 2019

මගෙ හිතත් යන්න අරන් !




                 මේ ගෙවෙන්නේ දුරුත්තේ සීතලම දවස්.මෙලහකටත් දුරුතු හඳ මිඳුල පුරා දිගේලි වෙලා ඇති.තරු කැට එක දෙක රෑ අහස පුරා සිත්තම් වෙනකොට තමයි රෑ අහස් චිත්‍රය ලස්සන වෙන්නෙ ..සම්පූර්ණ  වෙන්නෙ.ඒත් දැන් ඉස්සර වගේ නෙවෙයි තනියම එළියට ගිහින් පාලුවේ ඉදගෙන මේ සීතල විඳින්න...කඩං වැටෙන තරු වලින් අහිංසක ප්‍රාර්ථනා ඉල්ලන්න ..රෑ අහස එක්ක හිනා වෙන්න මම බයයි.ඔව් මං දැන් මේ පාලුවට බයයි...තනිකමට බයයි.ඇයි ඒ විතරක්ද මං බයයි ඒ පාලුවට තනිකමට ඔයා එනවට.මං හැමදාමත් කියනවා වගේ ඔයා හඳක්...ඒ හඳ මගේ ඉස්සරහට  ඇවිත් හුස්ම ගන්නව වගේ දැනෙනකොට මං කඩා වැටෙන තරම්.....

ඔයා මිරිඟුවක්...ඔව් පැහැදිලිවම නොපැහැදිලි මිරිඟුවක්....ඒත් ඔයාගෙන් ඈත් වෙන හැටි ඔයා ගැන නොහිතා ඉන්න හැටි තාමත් මට තේරෙන්නෙ නෑ.ඉස්සරහට තේරෙන එකකුත් නෑ.මට තේරුම් ගන්න ඕනෙත් නෑ.

කතා කරන ඇස් ගැන මම ඕන තරම් කවි කතා ගොතල ඇති.ඒත් හැබෑවටම මම එහෙම ඇස් දෙකක් දැක්කෙ ඔයාව දැක්ක මුල්ම දවසෙ.මම ගොඩක් උත්සහ කලා මුලු ජීවිත කාලෙම ඒක ඔයාට නොකිය රහසක් හැටියට තියාගන්න.ඒත්  ඔය ඇස් ළඟ මම පරාද උන හැටි.ඇත්තමයි මට තිබුනා ඔයාට ආදරෙයි නොකියා ඉන්න.

ඉතිං ..මම දැන් බය නැතුව කියනවා මේ ලෝකෙ මම දකින්න ආසම ඇස් තියෙන්නෙ ඔයාට කියල.සමහරවිට තව ගොඩක් ඉස්සරහටවත් ඒක වෙනස් වෙන එකක් නෑ.අයිතිකර ගත්තහම ගොඩාක් දේවල් අහිමි වෙනව.ඒ නිසා ඔයාව මට අයිතිද කියල මං අහන්නෙ නෑ.හැබැයි හැමදාමත් මගේ හිත ඔයාගේ මතකෙන් පිරිල.ඔයා නොදැක්කට නොහිතුවට මං ඔයත් එක්කම සැරිසරනව.

මං මේ තරම් ආදරේ කරන ඇස් ඉදහිටකවත් මට දකින්න ලැබෙන්නෙ නෑ...අපි කවදාවත් මීට වඩා ළං වෙන එකකුත් නෑ...අසම්මතේ කියන්නේ මේ තරම් ගොරහැඩි රළු දෙයක් කියල අසම්මතේට පෙම් බැඳෙනකංම්ම මම දැනගෙන හිටියෙ නෑ.

මං වගේ නෙවෙයි ඔයා නිහඬයි ගොළුයි ...මගේ සිතුවිලි  ළඟ ඔයාගේ සිතුවිලි  නිදි.ඒත් මේ තරම් දුරින් ඉදගෙනත් මං හැම මොහොතකම ඔයාව කියවන්න උත්සහ කරනව.ඒක ලේසි නෑ .ඔයාගේ නිහඬවීම් ළඟ ඔයාගේ ප්‍රතික්ෂේප කිරීම් ළඟ ඔයාගේ නොසලකා හැරීම් ළඟ මං තව තවත් ඔයාටම බැඳෙනව.

ප්‍රේමයට තියෙන්නෙ ඉපදිම් විතරයි.ප්‍රේමය  මරන්න බෑ... මැරෙන්නෙත් නෑ.ඉතින් ඔයාට හිතෙනවනම් මේ ප්‍රේමය මරන්න ඒක කවදාවත් වෙන්නෙ නෑ.ඔයා ආවත් නාවත් , කතා කලා නැතත් ඔය ඇස් කවදාවත්ම ආයේ මට දකින්න නොලැබුනත් මම ආදරෙයි... මම හැමදාමත් හිතින් ඔයා ළඟ....











Jan 21, 2019

ඇවිලෙමි නිවෙමි !






නිවෙන ඇවිලෙන
හැඟුම් පොකුරක්....

නුඹේ ඇස් මට
කංසා උගුරක්....

Jan 19, 2019

Wrong Number !


සියක් වර
ඒ අංකය
ජංගමේ මුහුණ
මතට ගනිමි !

මේ මහා දුර
ඇඟිලි තුඩු
පහසකින්
යා කරන්නට සිතමි !

ඔය හඬින්
සවන් පත්
පුරවා ගන්නට
සිහින දකිමි !

ඇසිල්ලෙන් සිතට
ස්වයං වාරණ
දා ගනිමි !

ඔබේ පැය වලින්
මිලි තත්පරයක්වත්
මට අයිති නැති බව
සිහිකරමි !

මං ඔබේ
කවුරුවත්
නොවන බව
කකියන හිතට
යලි යලිත් කියමි !

Jan 17, 2019

ප්ලීස්, මට ඇත්තම කියනවද ...!




මගේ නිහඬ බව
මට ඔබව අමතකව
ඇති බවට
සුබ ලකුණක් යැයි
ඔබ තුටින්ද...?

නෑ...ඔබට වැරදීමක්

මේ මට ඔබව මහ හුඟාක්
ඕනෙම කරන දවස්...
ඔබ නැතුව ඔබ එක්ක
අරගල කරන දවස්...
ඔය පපුවෙ හිස තියා
දුක දිය කරන්නට හිතෙන දවස්...

හෙන වැදිච්ච හිතකට ඕනෙ
වදන් කුළුගෙඩි නොවන බව
ඔබ ඇත්තටම තාමත් දන්නෙ නැද්ද...?

හා...ඉතින්
ඔබ දැන් අසාවී මගෙන්

ආදරේ කියන්නේ
පාලු මකන එකටද...?
මගේ හැම වැඩේම නවත්තලා
ඔයාගේ දුක අහන එකටද..?
ඔයා හිතන්නේ ඔයාට වගේ
කාබාසිනියා  කරන්න මට
කාලය තියෙනවා කියන එකද...?

අනේ...නෑ...
ආදරේ කියන්නේ ඔය
එක බම්බුවකටවත් නෙවෙයි

මගේ හැම දුකක් සතුටක් ළඟම
මට ඔයාව තිස්පැයේ මතක් වෙන එකට...
කොහේ කොතැනක නිදුකින් ඉන්නවාදැයි
නිරන්තර  හිත විමසන එකට...
පුංචිම පුංචි මතක ටික
කප්පරක් සෙනෙහසින් හදවතේ
නිධන් කර විඳින විඳවන එකට...

කොටින්ම ආදරේ කියන්නේ
මතක් කරන්න තරම් දෙයක් නැතුවත්
මට ඔයාව අමතක නොවෙන කරුමය...

හරි..හරි..ඉතින්
මේ කිසිම දේකට ඔයා පලි නෑ තමයි
මොකද මට වගේ ඔයාට පිස්සු නෑනේ...

ඒ උනාට කමක් නෑ...
මම එකම එක දෙයක් අහන්නද.?

එකම එක දවසක්වත්
ඔයා මට ඇත්තටම ආදරේ කලාද...?

Jan 16, 2019

සඳකිඳුරාණෙනී !







මාත්තු කල කඳුළක තෙත ඇස් අතරින් හෙලා
මතක් වෙන්න මතකය විතරක් තනියට තියා
එකම වරක් එක සුසුමක් ළයගිර මත හොවා
වාත්තු කල සෙනෙහස නුඹ අරගෙන දුර ගියා

අයිතිකාර කම් කියන්න අහිමි උනත් ලොවේ
වහන් කරන්නේ කෝමද වාං දමන සෙනේ
පමාවෙලා හමුවූ සඳකිඳුරාණෙනි මගේ
ආලවන්ත කම තියෙන්නෙ නුඹෙ ඔය ඇස් දෙකේ

දෙනෝදහක් නුවරුන් ඇස ගැටෙනා තනි මඟේ
නුඹෙ සෙනෙහස දෝරෙ ගියේ හද මැදළස දිගේ
පාත් කරන් දෙනෙත් පහන් මගාරින්නෙ කෙසේ
දීප දේස නොතකා නුඹ නැවතුනාම හිතේ



පසු සටහන - .......................................................................................

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...