දැන් ඉතින් නුඹට හැකි හැරෙන්නට
මට අයිති නිහඬවම තැවෙන්නට
ප්‍රේමයේ ගෙල බලෙන් සිඳින්නට
වරදක්ද ගල් ගසා මරන්නට
කල්පයක් කල් බලා හමුවීම
කෙලවරේ ලියා තිබුනද මෙහෙම වෙන්වීම
ප්‍රේමයට ඇස් නෑ , ඒ තමයි අපේ අතපසුවීම
වීදුරුත් බිඳෙන්නේ, වැඩියෙනුත් පරිස්සම් කෙරුවාම
නොදන්නවා නෙවෙයි නේද
දැන් ඉතින් මට කොහෙද සැනසීම
හිතෙන්නේම නැතිද ? දරන්නට
හැකිද මේ පිපිරීම
ඊයේ අද මෙන් හෙටත්
මට උරුම මේ බලා හිදීම
ආදරේ නෙවෙයි මං ඔයාගෙන්
උගත්තෙම ඉවසීම
*
*
*
*
කොල එලිය දැල්වෙනා බව දකිමි
එහෙත් රතු එලි සිහිව නිහඬ වෙමි
රිදෙන හිත හුස්මකින් සිර කරමි
නාඳුන සේ ඉන්න වෙර ගනිමි