සඳට බැළුම් හෙලූ අය
සඳවතී මං

- සොඳුරු සඳවතී
- රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...
Nov 25, 2019
ඔබ නො ඒනම් !
හුදකලා නිම්නයක
ග්ලැසියරයක්ව
මිදෙමි !
ධ්‍රැවාසන්න ගිරි විලක
හිම කුණාටුවක්ව
රැදෙමි !
ඝන මීඳුම් වලාවක
හිම තුහිනයක්ව
පාවෙමි !
වසන්තය ඔබ....
නොඑන බව
දැන දැනම
මේ රුදුරු
සිසිරයේම
ගිලෙමි !
Nov 5, 2019
.ඔබට දැනෙනවානම් !
හීතලට හිම මිදුණු
මීඳුම් හැන්දෑවක
සිසිරයෙන් තෙත බරිත
මුඳු ලැවැන්ඩර් යායක
සරත් සමයට මඟහැරුණු
තද ලේ පාට මේපල් පතක
හීතලට ඇවිලිච්ච
උස බීර බඳුනක
සත්තමයි
මම ඉන්නවා...ඔබට දැනෙනවානම්.....
අළු පාට ආකහේ අරුණෝද
සළු අඳින කනිසමක
උණුහුමට වක්කරන
කලු කෝපි බඳුනක
කවුළුවෙන් එහා අන්න අර පේන
දම් පාට මෝනිං ග්ලෝරියා මලක
හිම යායක හුදකලාවම
වැලපෙන විලෝ ගසක
සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ....
හීතලේ හිම කටුව ඇනෙනකොට
හිරිවැටෙන කොපුලක
දෑත් පා පෙරවගෙන ගුලි ගැහෙන
උණු හිම කබායක
ප්‍රියසාද තෙපුල් මැද පිරෙන
ඉතිරෙන රතු වයින් බඳුනක
ලයෙහි ලෙය උණු කරන
ශෘගාර සල්සා නැටුම කෙලවරක
සත්තමයි
මම ඉන්නවා....ඔබට දැනෙනවානම් ..
Subscribe to:
Posts (Atom)