සඳට බැළුම් හෙලූ අය

Dec 14, 2019

සැඟවී ගියාදෝ සෙනේ !


සැනකෙළි සමය ඇරඹී ඇත.බැලූ බැලූ අත සැරසිලිය..රාත්‍රියට මුලු නගරයම දිව්‍යලෝක වෙස් ගන්නා සෙයකි.කඩ සාප්පු වලත් මහ මඟත් හිස් ලූ ලූ අත දිව යන මිනිසුන්ය..ගැහැනුන්ය..ඒ සියල්ල දැකීමත් විඳීමත් වෙහෙසකරය.හිත බල කරන්නේම කොහේ හරි නිස්කලංක තැනක තනි වෙමු කියාය.

ඉතින් සීරුවට ගැහෙන සිතිවිලි වත්තන් කරන් මම රෑ අහස යට තනිවෙමි.පාලුවට ගිය රෑ අහසෙ වෙනදාට වඩා තරු එකදෙක මෝඳු වී හිනැහේ.උදුවප් හීතල ගත පුරා දැවටෙද්දී හිත පුරාවට ඔයා එන එක නවත්ත ගන්න තමා අසීරුම.ඉතින් රෑ අහස පුරා ඔය ඇස් මවාගන්න
මට මහ වෙලාවක් යන්නෙ නෑ.ඔයාව නොදැක මේ ගෙවී යන්නෙ කී වෙනි දවසද කියල හරියටම මට කියන්න පුලුවන්... ඒත් වැඩක් වෙන්නෙ නෑ ඒ ඉලක්කම මාව සංතාපයෙන් සංත්‍රාසයට පත් කරනව.

 ඇත්තටම ඇයි දෛවය අපිව මුණගැස්සුවේ...? ඇයි මං ඔය ඇස් වලට වහ වැටුනෙ...? ඇයි අපි අපිට ආදරෙයි කිව්වෙ...?  හමුවීම් වෙන්වීමි යාම් ඊම් විතරක් උරුම ජීවිත වල මේ ප්‍රශ්න වලට ඔයා ළඟවත් මා ළඟවත් උත්තර නෑ තමයි. ඒත් ඇයි ඔයාට බැරි මේ තරම් දුරින් දුරස් වෙලා ඉන්නවා වගේ මගේ හිතිනුත් යන්න...? ඔයා දන්නවද දවසට කී පරක්...කී පාරක් මට ඔයාව මතක් වෙනවද කියල...ඉලක්කමින් කියන්නද...? නෑ ඕනෙ නෑ ...ඇයි දන්නවද ඒ ඉලක්කම ඔයාව සංත්‍රාසයෙන් සංතාපයට  පත්කරාවි.

සමහරවිට මාව උන්මන්තක කරපු ඔය මනමාල පාට ඇස් දෙකේ මා ගැන ආදරයක් සෙනෙහසක් හෝ ප්‍රේමයක් නොතිබෙන්නට ඇති.මම ඔය ඇස් බැල්මට රැවටුනා වෙන්නත් ඇති.ඒත් ඒ රැවටීමට මම ආදරෙයි.ඔයා මට පෙම් කිරීම හෝ නොකිරිම ඔයාගේ වැඩක්.ඒත් ඔයාට රැවටීම ඔයාට වහවැටීම ඔය ඇස් වලට ලෝබකම් කිරීම මගේ අයිතියක්.

ඔයා දන්නවද...මේ බවයේ මට අහිමි මට අයිති නැති කිසි දෙයක් මම යලිඳු බවයක පතන්නේ නෑ.ඉතින් ...මේ සංසාරයේ හමුනොවේනම්  තවත් කිසිම සසරක අප හමුවිය යුතු නෑ.

 ඒත් හැම රෑකම, හැම හීනෙකම ඔයා ඉන්න.


......................................................







10 comments:

  1. කොද මල් පිපී රෑ මට ලන්වෙලා
    ගයනා වු පෙම් ගායනා
    නෑසිලා ගියාවේ
    තනිවි තනිවුනාවේ
    හමුවෙයිද සිහිනෙන් රැයේ...

    ReplyDelete
    Replies
    1. කුමට එක්වුනාදෝ
      කෙලෙස වෙන් වුනාදෝ
      සැඟවී ගියාදෝ සෙනේ...

      Delete
  2. ඔයා යමෙක් හෝ යමක් පතන්නේ අනිත්‍යය, අනාත්මය, දුක්ඛය කියන තිලකුණ අමතක කරල නේද? මේ තිලකුණ මතකයේ තියාගන්න...ඔබට ඔබවත් හිමි නැති ලෝකයේ මං එනකල් බලං ඉන්න එක කොච්චර අනුවණකමක්ද සිසිරයේ සදවතිය...?

    ReplyDelete
    Replies
    1. ඒකනේ මිල්ටන් අංකල් ඒක දන්නෙත් නෑනේ...ඒකනේ මගේ නිධාන කතාවත් එහෙම උනේ... දැන් එතකොට කවුද වැරදි...?

      Delete
    2. දැන් එතකොට කවුද වැරදි...?
      බලන්ඩකො ඒක අහන ලස්සන විතරක්.

      හරියටම කියනවනං මිසී, ඕකට මිසීම තමා වැරදි.

      අඳුර එළිය නොපෙනෙයි
      කල දේ කී දේ නොදනියි
      මුදා නොහැර මසිතින්
      රඳවා ගත් වරද මගෙයි

      දැන් තේරෙනවද වැරැද්ද

      මිසී, .what is gone is gone. forget those and move forward. because life is short and good things are yet to come!

      ජයවේවා!

      Delete
    3. විට්ටර් මල්ලි - මොනා උනත් ඒ සින්දුවනම් ලස්සනයි

      Delete
  3. තරුවකට පෙම් බැන්දා නම්...

    ReplyDelete
  4. ඇස් දෙකට විතරක් පෙම් බැන්දම වෙන වින්නැහියක් ඔය...!!
    සම්පූර්ණ සත්වයාටම බඳින්නකෝ පෙම්...එතකොට සැඟවී නොයාවී සෙනේ....!!!

    ReplyDelete
    Replies
    1. මේකනේ සත්වයාටම පෙම් බඳින්න කලින් අපි දැක්ක ගමන් කෙනෙකුට ආකර්ෂණය වෙන යම් යම් දේ තියෙනවනේ.මේ කියන්නේ එහෙම හුට පටයක් ගැන. ඇස් හයිලයිට් කලාට පස්සෙ හිමිහිට සත්වයාටම පෙම් බඳින්න බැරියෑ

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...