සඳට බැළුම් හෙලූ අය

Jan 28, 2020

මට මල් සුවඳ දැනෙනවා....



 කඩරොළු බුනීල කපුරු
රෝස මුසැන්ඩාස් බාබන්ඩේසියා
හරි හරියට මල් පුරෝගෙන
මට හිනා වෙනවා

ඇත්තටම ඉස්සර
කොහොම හිටිය එකියක්ද.....
මල් වවන්න තියා හරියකට
කන්න බොන්නවත් වෙලාවක්
තිබුනෙ නෑ ඕකිට.....
 කහ බාබන්ඩේසියාවක් රතු බුනීලෙකට
රස කර කර කියනවා
මං ඇහුනෙ නෑ වගේ ඉන්නවා.....

ආදරේ ආදරේ කිය කියා
දවල් හීනමනෙ දැක්කෙ
කවි කතා විතරමනෙ ලිව්වෙ
අපි ඕන් නෑ කියලමනෙ කිව්වෙ.....
දම් පාට කපුරු මලක්
තැඹිලි පාට දාස්පෙතියාවකට
කනට කර කියනවා
මං ඇහුනෙ නෑ වගේ ඉන්නවා.....

ඔව් එයාලා හරි
ඔයාව අමතක  කරන්න හිතාගෙන
මං දැන් මල් වවනවා.....

ඔයා මං ළඟ නැති වුනාට
දැන් අපේ මිඳුලෙත් මල් පිපෙනවා
මට මල් සුවඳ දැනෙනවා.....

Jan 5, 2020

Still Burning.....




Marlboro අධි මාත්‍රාවකට පසු
සුවඳ හුස්මක මුද්‍රාව
තාමත් ඇවිලෙන හැටි
ගෙල බෙයද පාමුල

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...