සඳට බැළුම් හෙලූ අය

Oct 16, 2020

කියන්නම ඕනේද !

 




මම ආසයි...ඔබව බදාගන්න.

ඔබව ඉඹින්න...ඔබත් එක්ක හුරතල් වෙන්න..

මොනවත්ම නොකිය ඔහේ උරහිසේ ඔලුව තියාගෙන ඉන්න..  බෙල්ල අයිනෙන් අල්ලලා හපන්න.. පපුවට  මූණ ඔබාගෙන ඔය හදවත විනාඩියකට කී සැරයක් ගැහෙනවද කියන එක අහන් ඉන්න.. ඔයාගෙ අතින් අල්ලගන්න.. සීතල ඇඟිලිතුඩු අගින් හෙමිහිට පිරිමදින්න..අතේ ඇඟිලි ටික එකතු කරලා තද කරන්න.. කොනිත්තන්න..හූරන්න..ආයෙම රිදෙනවද අහන්න..

කම්මුල පුරාවට රැවුල් අස්සෙන් මගේ හාදු පාකරන්න.. හුස්ම හිරවෙනකම් හාදු දෙන්න..ආදරෙයි ආදරෙයි ආදරෙයි  කිය කිය බැඳෙන්න..

ඇවිදින්න යන්න..මූදු වෙරළවල් කඳුමුදුන් කැලෑ ගානේ රස්තියාදු වෙන්න.. ගංගාවලට ඇලදොළට ඔහේ පනින්න.. ආයෙම පුංචි වඳුරු පැටියෙක් වගේ ඔය ඇඟේම එල්ලෙන්න.  කම්මුල් දෙපැත්තෙන් අදින්න..

අනේ  මට පුළුවන්  තව දිගට ලියන්න..ඒත් මම ආසම...

ඔබ දිහා බලන් ඉන්න.. !


( තිළිණි N ලියනාරච්චි )




මේ මම ලියපු එකක්නම් නෙවෙයි. ඕං ඔය පල්ලෙහායින් දාලා තියෙන්නේ අයිතිකාරිගේ නම.මම දැන් ලියන්නෙ නෑනේ.ඔව් ඔව් මේ වගේ එව්වා ලියන එක නැවැත්තුවා. දැන් මම ලියන්නෙ  කොහිල අල , කෙහෙල්මුව, කතුරුමුරුංගා , කැරට් වගේ එව්වා.එහෙමෙයි කියල මෙහෙම එව්ව හිතෙන එක නවත්තන්න පුලුවන්යැ.බෑනේ..බෑනේ. එතකොට ඉතින් වෙන කවුරු හරි ලියපු එකක් බලලා කියවලා අනේ මේ මම ලියන්න හිටිය එකක් නේද මේ මගේම හිත නේද කියලා විස්සෝප වෙනවා.අපි ගෑනුනේ අනේ ඉතින් එහෙම තමා.මේ ළඟදී මගේ ලෝකය ලියන ආටියත් ඔය ගෑනු සම්භන්ධ මහප්‍රාණ වගයක් ලියලා තිබුනානේ.ඒකේ තියෙන සමහර එව්වාට එකඟ උනාට සමහර එව්වාටනම් එකඟ වෙන්නම බෑ.

ගැහැනියක් හිතන්නේ බොහෝ විට ආදරයක අවසානය ලිංගිකව එකතුවීමක් කියා ය

ආටියා කියන්නේ ඔහොම.මට මේ කියමන පොඩ්ඩක් පැටලිලි සහිතයි.ආටියා මේකෙන් අදහස් කලේ ගැහැනියක් තමන් ආදරේ කරන පිරිමියා එක්ක ලිංගික සම්භන්ධයක් ඇති කරගත්තාට පසු ආදරේ හමාර වෙනවායැයි කියා සිතන එකටද එහෙමත් නැත්තන් ආදරේකදී ලිංගිකව එකතුවීමක් ඕනෙමයි කියල හිතන එකටද කියල.මට අනුවනම් ඔය දෙවිදියේම පොඩි පොඩි හුටස්පර තියෙනවා.ගැහැනියක් තමන් ආදරේ කරන  පිරිමියෙක් එක්ක ආදරෙන් එහාට තවත් දුරක් යන්නේ ඒ කෙනා ගැන විශ්වාසයක් ප්‍රේමයක් ලොකු බැඳීමක් ඇතිකරගෙන.තමන් ආදරේ නොකරන  විශ්වාස නොකරන කෙනෙක් ගැන අනුරාගී හැඟීම් මටනම් ඇතිකරගන්න බෑ.මංදා අනිත් අය ගැනනම්.ඊළඟ එක ආදරේකදී ලිංගික සම්භන්ධයක් ඇතිකර ගත යුතුමයි කියලා ගැහැනිය හිතනවායි කියන එක.අනේ ඇත්තමයි මට ශුවර් නෑ මම දැන් ස්තිරියාවක් ද කියලා ඇයි වදේ  මට මෙහෙම එව්වා හිතිලා නෑනේ.


මං දැන් සුට්ටං බට්ටිච්චි කාලේ ඉදන් අර මාධවන් කොල්ලට ලව්නේ.ඒ උනාට මට මෙච්චර කාලෙකට ඒකාව හොයාගෙන ගිහින් ඇඳක පෙරලගෙන උම්මා දෙන්න හිතිලා නෑනේ.හරි හරි එයා ඉන්නේ ඉන්දියාවේ නිසා එයා හෙන  සෙලිබ්‍රිටි පොරක් නිසා ඒක ප්‍රායෝගිකව කරන්න බෑමයි කියමුකෝ.අඩු ගානේ හීනෙන්වත් මට එහෙම කරන්න හිතිලාවත් පෙනිලාවත් නෑනේ.මාධවන්ව පැත්තකින් තියමුකෝ   ආදරේ කරන කෙනෙකුට  හරියට ආදරේ පෙන්නන්නවත් වෙලාවක් අවස්ථාවක් නැතුව දකින්නවත් අවස්ථාවක් නැතුව හැබෑවටම ඊට එහා දුරක් යන්න කොහොමටත් බෑනේ.ලිංගික එකතු වීමකින් ආදරේ කෙලවර කර ගන්න ගෑනු පෙළඹෙනවායි කියන එක මටනම් තේරුම් ගන්නටම බෑ.


එහෙමෙයි කියලා ගෑනු අපි ,අපි ආදරේ කරන පිරිමි එක්ක අනුරාගයේ බැඳෙන්නේ නැද්ද..මොකෝ නැත්තෙ බැඳෙනවා බැඳෙනවා.ඒ අර සිග්මන් ප්‍රොයිඩ් උන්නැහෙ කියල තියෙන විදියට මනෝමයෙන්..සිතින්මවාගෙන ...සිහින වල.ඕං ඔය උඩ මම උපුටගෙන තියෙන දේවල් අපි ආසයි  අපි ආදරේ කරන කෙනාට කියන්න...කරන්න.ඒත් මොනයම් හෝ හේතු නිසා අපිට ඒ කෙනාට ඒවා කියන්න බෑ.මෙහෙම හිතමු ඒකපාර්ශ්වික ප්‍රේමයකදී  අපි කොහොමද මේ  ටික එයාට කියන්නෙ ? බැහැනේ.එතකොට ඉතින් හිතින් විතරනෙ ප්‍රේමයෙන්  සහ අනුරාගයෙන් බැඳෙන්න පුලුවන්.ද්වීපාර්ශ්වික  ප්‍රේමයකදීනම් මෙව්වා කියන්න කරන්න  ලැජ්ජවෙනවනම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.මොකද තමන්ගේ පෙම්වතාට හෝ  සැමියට මෙව්වා කියන්න කරන්න ගෑනු ඇඹරෙන්න ඕනේ නෑ.වැඩේ කියන්නේ ගෑනු වේවා පිරිමි වේවා අපි ජීවිත කාලෙම  ආදරේ කරන්නේ එකම කෙනෙකුට නොවීමයි.පෙම්වතෙක් ,සැමියෙක්  සිටිද්දී පවා අපිට තව කෙනෙක් ගැන  ප්‍රේමණීය හැඟීම් පහල වෙන්න පුලුවන්.ආදරේ හිතෙන්න පුලුවන්.ගෑනු  කොහොමත් කැමතී නොලැබෙන දේකට  මැරීගෙන ආදරේ කරන්න විඳවන්න  විඳව විඳව විඳින්න.තමන් අතිශය  පෙම් කරන පිරිමියෙක් එක්ක හීන වල ක්ලියෝපැට්‍රාගේ සනී ලියෝන්ගේ පාට් එක ඇක්ට් කලත් නිකමට හරි ඒ කෙනා  එක්ක සැබෑවටම එහෙම අවස්ථාව  ලැබුනොත් ඒ හීන තරම් රසවත් නොවෙන්න පුලුවන්.සමාජය  විසින්  හදපු barrier  තමන් විසින් හදාගත්ත barrier  තව නානාප්‍රකාර හේතු ඒ මොහොත විනාශ කරන්න නීරස කරන්න හේතුවෙනව.ආදරය ,ප්‍රේමය,විශ්වාසය,ආසාව,කැමැත්ත මේ  හැමදේම එකට එකතු වුනාට පස්සෙ ගැහැනියකට සෙක්ස් කියන එක මහලොකු මැජික් එකක් නෙවෙයි.


පිරිමියෙකුට   සමහර විට මේ  දේවල් මෙහෙම නොවෙන්න පුලුවන්.මේ කිසිම කරුණක් සම්පූර්ණ නැතුවත් ක්ෂණික ඇතිවන හැඟීමකට ගැහැනියක් සමඟ සෙක්ස් කියන දුරටම ගිහින්  නවතින්න පුලුවන් ඇති. ආදරය කැමැත්ත ආසාව තිබුනත් මෙච්චර කාලෙකට ඔයාව මට sexually feel උනේ නෑ කියල  කියන්නත්  පිරිමියෙක්ට පුලුවන් ඇති.අහඹු ස්පර්ශයක්,එක පුංචි සිප ගැන්මක් පවා ගැහැනියකට මුලු ජීවිත කාලෙම මතක තියාගෙන පරිස්සම් කරන්න පුලුවන් වෙද්දි පිරිමියෙක්ට ඒක ඒ මොහොතට විතරක් වෙන්නත් පුලුවන්.ඔය මොනවා කොහොම උනත් මම හිතන්නේ නෑ ආදරය ප්‍රේමය ,අනුරාගය ,ශෘංගාරය  සෙක්ස් ඔය මොන දේකදීවත්  පිරිමි ඔය කියන තරම් open,forward ,broad minded ,හෝ තව මොන මොනවා හෝ ඇතැයි කියා.පිරිමින්ට තියෙන්නෙත් මේ කාරණයේදී ගැහැනුන්ට තියෙන ප්‍රශ්නම අඩු වැඩි වශයෙන් වියහැකයි.

මොනතරම් broad minded මොනතරම් open මොනතරම් social පිරිමියෙක් හෝ ගැහැනියක් වේවා තමන්ගේ සහකරු හෝ සහකාරිය තවත් කෙනෙකුට ආදරේ කරනවා කැමැත්තෙන් ඉන්නවා එයා එක්ක feelings ශෙයා කරගන්නවා කියල දැනගත්තොත් "අනේ හරී සෝයී...ඒක තමයි වෙන්න ඕනේ....මාත් වටේ යනවා ඔයත් වටේ ගිහින් එන්න "කියන්නේ නෑ. මමත් එහෙමයි මං දන්නවා මගේ මනුස්සයත් එහෙමයි.හැම ගෑනියෙක්ම හැම පිරිමියෙක්ම එහෙමයි.චින්තනගෙ පොත් වල ඉන්නවා වගේ සුළු කොටසකුත් ඇති සමහරවිට එහෙම පුලුවන් අයත්.


ඉතින් අන්තිමට මට හිතෙන්නේ ආටියා ඔය කියනා තරම්  ස්ත්‍රීන් හෙන complicated වී පිරිමින් සරළ සාමාන්‍ය  වෙන්නට විදියක් නැති බවයි.අන්න ඒ නිසා ඔයාලට රහස් පෙමක් තියෙනවානම් දෙයියනේ කියල සිතින් විතරක් පෙම් කරන්න...දුරින් හිද බලන්න....හීනවලදී පමණක් අනුරාගයේ බැඳෙන්න.....මට ඔයාව ඉඹින්න ඕන..මට ඔයාව හපන්න ඕනේ...මට ඔයාව කන්න ඕනේ..බොන්න ඕනේ ...අනේ දෙයියනේ ඔය ඔක්කොම  හිතේ විතරක් තියාගන්න.


ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...