සඳට බැළුම් හෙලූ අය

Jul 15, 2022

Blue My Mind..!!



ලා සඳ දිය බිඳිති උතුරයි
මදහසද නඟයි
හීන් මුඳු මද පවන හමයි
මැදියමද දඟයි 

නිල් තුරු පත් පවා සලිතයි
හදවතද ගැහෙයි
රණ තිසර තුඩු අවදිව ගයයි  
මුවරදද උමතුයි

කුමුදු මල් ඇස් අරින මුඳු සුමුදු යාමය
දෑසමන් පෙති මතට පිනි වැටෙන මානය
හදවතේ සමනල්ලු තටු සලන වේගය
මල් කෙමිය පාරවා රස සොයන තාලය

සරාගී අඩ නුවන් කැල්මෙන්
සිතුම් පොබයන වෙලාව
ලවන් පහසින් සලිත කරමින්
අකීකරු හසඟනාව
මදින් මද ගිලිහෙනා අරුමය
සොඳුරු මනිමේඛලාව
විදා සියපෙති මුදාලනවද
තවරන්න රස නුරාව

තබා තුඩ තුඩ උරා අම මී
මෑ මලක රොන්පිරි කළාප
මදිරාය මන්මත් සවනතට
ඒ නැගෙන කෙදිරිළි විලාප
ශෘගාර රස අවුළුවා සියොළඟ
මද කිපුණු ගිජිදෙකු විලාස
කිමිද සිඳු රළ ගිලී කරවට
මකරන්ද ඉහිරෙන වෙලාව

                       


                                                                  ( පින්තූරේ බුකියෙන් ඇහිදගත් එකකි )

14 comments:

  1. මෙවුන්දමෙහි උත්කර්ෂය හා ප්‍රමෝදය හැඟවීම සඳහා පරිසර වර්ණනා හොඳින් උපයෝගී කරගෙන ඇතිබව පෙනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඒ ඇගයීමට

      Delete
    2. ඒ විතරක් නෙමේ.... සංයමයකින් මෙහෙම ලියපු ගීයක්වත් අද කාලෙ ඇහෙන්නෙ නෑති තරම්. කයිය ඉතා අගෙයි✍️🎶🌹❤️....

      Delete
    3. ස්තූතියි ඉතින් නමියගෙ ඒ ඇගයීමත්

      Delete
  2. සොඳුරුම සඳවතිය......!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්...සොඳුරු සඳක් යට තමා මේ..

      Delete
  3. වචන වගේම, චිත්‍රයත් "සාමාන්‍යයෙන් නොකියවෙන" කතාවක චමත්කාරය, දක්ෂ ලෙස ඉදිරිපත් කරල තියනවා.👌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බසූ...ඔව් ඇත්තටම මේක කවිය ලියල පින්තූයක් හෙව්ව නෙවෙයි මාස ගානකට කලින් බුකියෙ දැකල සේව් කරගෙන පස්සෙ පින්තූරෙ දිහා බලාගෙන කවිය ලියවෙච්ච අවස්ථාවක් .

      Delete
  4. කයිය දැක්කහම මතක් උනේ... W D ආරියසිංහගෙ තිසර තුඩට තුඩ නගන්න සින්දුවයි, එඩ්වර්ඩ්ගෙ මුව මුක්තා ලතා සින්දුවයි

    ReplyDelete
    Replies
    1. අන්න සිංදු...අද අහන්න ඕනේ ..තිසර තුඩට තුඩ..ඒක ලස්සන සිංදුවක්..

      Delete
  5. සඳත් සොඳුරුයි
    සඳවති හිතත් සොඳුරුයි
    කවි බසත් මිහිරියි
    ඉතා අනගියි!

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

අහන්නකො.....

  මං ආසයි කවදම හරි දවසක ඔව්..කව....අ අ අ අ අ ....දම හරි දවසක ඔයා ළඟින් වාඩිවෙලා හරි හරියට ඔයත් එක්ක වැටෙනකංම  බොන්න (මේකි යකෝ...පිස්සු උඹට.....