සඳට බැළුම් හෙලූ අය

Dec 9, 2010

රත්තරං ඔයාගේ ආදරේ............



මුඳු සමන් පිච්ච මල් සුවදක් වගේ
හීනියට හීනියට පාවෙලා ඇවිල්ලා
හදවතේ උඩම මහළට වැඩිය
රත්තරං ඔයාගේ ආදරේ
....පන්සලක සිල් සුවඳ වගේමයි....
දළදාවෙ තේවාව වෙලාවට
උන් හිටි ගමන් ඇද හැළෙන
හීන් හිරි පොද වගෙ
නොකියාම හදිස්සියෙ හිතට එන
රත්තරං ඔයාගේ ආදරේ
........නුවර වැවේ දිය කඳ වගේමයි........
හීතළම හීතළ මීඳුම් සළුවක වෙළි වෙළී
ආදරේ මිහිරිතම සුව විඳින
කප් සුවහස් කාලයක් නොවෙනස්ව
සමනළ්ළු වන්දනාවෙ යනෙන
රත්තරං ඔයාගේ ආදරේ
........මේ මහා සමන් ගිර වගෙමයි........

දිනූ මගේ යකෝව්....!

මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල්‍ ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...