සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Mar 5, 2012

සම්මතෙන් එහා...........



සෂායා පුංචි මේසයට වාඩි වී මොනවාදෝ කුරුටු ගායි.මදක් හිස ඔසවා කල්පනාවට වැටෙන ඇගේ නෙත් පෑන රැඳි ඇගේ දකුණු අත ළඟ මොහොතකට නතර වෙයි. කහ පාටට හුරු පුංචි ගලක් ඇල්ලූ රත්‍රන් මුදුවක් ඇගේ වෙඳගිල්ලේ බැබලෙයි. මොහොතකට පෑන අත්හැර ඇය දකුනත දිගහැර මුදුවේ හැඩ බලයි. චාම් ලස්සනක් ඒ මුදුවේ වේ. ඇගේ සුදු දිගැටි ඇඟිලි වලට එය මනාව ගැලපේ. මේ මුදුව තුල වසර හතරකට එහා ගිය කතන්දරයක් තිබෙන බව ඇය දනී. දුක සතුට සහ තවත් මොන මොනවාදෝ මිශ්‍ර වුණ හැඟීම් කන්දරාවක් ගෙවා ආ ඒ වසර ගනනාව තුල ඈ අත්වින්දා නොවේද...

-----------------------------------------------------------------------------------

විරහ දුකින් දැවී පිළිස්සී ඒ පුළුගු කැට යාන්තන් නිවෙන්නට අර අඳින සමයක සෂායාට ඔහු හමුවෙයි. සැබැවින්ම එය අහම්බයකි. රිදුණු තැවුණු හිතට ඒ මිතුරු සමාගම සිහිල් පොඳ වැස්සක් වූවායැයි නොකීවොත් එය අඩුවකි. මුලදී ඇගේ ජීවිතේ බොහෝ තැන් ඔහුගෙන් වසං කරන්නට සෂායට සිඳුවෙයි.ඒ ඇගෙම යහපත ගැන සිතා ඈ ගත් තීරණයකි. එක අතකට ඒ පුංචි කොළු ගැටයාට ඒ මහාප්‍රාණ කියා වැඩකුත් නැත. ඇය කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වූයේද නැත.


නමින් ඔහු සමීර.. ඇයට වඩා වසර හතකට පමණ ලා බාල පුංචි කොලුවෙක්.එහෙත් ඒ වසර විසි එකක පුංචි කොලු ගැටයා ළඟ පෙනුමෙන් පමනක් නොව හැසිරීමෙන් පවා ඈ ඔහුටත් වඩා පුංචි එකියක සේය.ඒ සෂායා උපතින්ම අරන් ආ වාසනාවකි.ඇගේ වයසට වඩා බෙහෙවින්ම ලා බාල ස්වරූපයක් ඇයට නිතැතින්ම හිමිය.ඒ නිසාමදෝ පුංචි සංදියේ පටන්ම ඇගේ සිතුම් පැතුම් පවා වයසට වඩා සොඳුරුය , සුරතල්ය.

" ඔයාට 28 ක් කියල පිළිගන්නම බෑ.... "

අන් හැමෝම කියනා පරිදිම පළමු හමුවේදිම ඈ දැක ඔහු මවිත විය.

" ම්.... ඔව්... ඒත් මම ඔයාට ලොකුම ලොකු අක්කෙක් හොඳද..."

එහෙත් ඔහු කවදාවත් ඈට අක්ක කියා ආමන්ත්‍රණය නොකලේය.එහෙත් ඇයට ඔහු ඇගේම මල්ලි මෙන් විය.

සමීර පවුලේ එකම දරුවා විය.ඔවුන්ගේ මිතු දම ඇරඹෙන්නට මාස කීපයකට උඩදී හදිසි අනතුරකින් පියා මිය ගොස්ය.අම්ම සුව නොවන පිලිකා රෝගයකින් පෙලෙයි.එසේ බලද්දි ඔහු සෂයාට වඩා අසරණය.ඈ ඇගේ දුක පසෙක තබා ඔහුගේ දුකට හවුල් වී ඒ සිත සනසන්නට වෙහෙසවිය. මාස තුනකට වරක් අම්මා සමග පිළිකා රෝහලට ඔහු යන ගමනට ඇය එක් වූයේද ඒ නිසාමය.

කාලයාගේ ඇවෑමෙන් ඇයට කෙසේ වෙතත් ඔහුට ඇය නැතුවම බැරි විය. ඒ පුංචි හිතුවක්කාරයා සියුම් ලෙස ඇගේ ජීවිතය පාලනය කරන්නට යන බව හසුරවන්නට යන බව ඇයට දැනෙන්නට විය. මිතුරු කමට , සහෝදරත්වයට එහා ගිය බැල්මක් ඒ ඇස් වල පළමුව දුටු දා සෂායා තිගැස්සුණි. ඇයටද හොරා ඔහු ඇය ගැන විපරම් කරතිබුණි. ඔහු හැමදේම දැනගන්නට ඇත.

" ඇයි මට බොරු කලේ.... "

" මං බොරු කලේ නෑ... මගේ ජීවිතේ සමහර දෙවල් ඔයාට නොකියා හිටියා විතරයි...ඒක අපේ යාළු කමට බාධාවක් නෙවෙයිනෙ නේද....? "

" මට දුකයි..." සැබෑවටම ඒ ඇස් මුල කඳුලක් දිලිසෙයි.

" දුක් වෙන්න එපා ... මේ මගේ උරුමේ... ඒකට මම දුක් විඳලා ඉවරයි දැන්..."

" මං ආදරෙයි... "


" දන්නවා මං ඒක ඔයා මගේ මල්ලිනේ...."

" මං කියන්නෙ එහෙම ආදරයක් නෙවෙයි...ප්ලීස්... තේරුම් ගන්න..."

" පිස්සුද ඔයාට... මං ගැන හැමදෙම දැනගෙනත්... අනික මගෙන් එහෙම දෙයක් අහන්නවත් පුලුවන්ද ඔයාට...? "

" මම ආදරෙයි... මම දන්නේ එච්චරයි..."

" මට අවුරුදු 28ක් "

" දන්නවා "

" මං කසාද බැඳල මිනිහ දාල ගිය ගෑණියෙක් "

" දන්නවා "

" දන්නවනම් ඇයි මේ විකාර ? "

" මට ඒවා වැඩක් නෑ... මම ඒවා ගනන් ගන්නෙත් නෑ..මං ආදරෙයි.. මගෙන් ඈත් වෙන්න එපා... මං බඳිනව ඔයාව..."

සෂායාට හුස්ම හිර විය. මේ හිතුවක්කාරයා මෙල්ල කරන හැටි ඇයට නොතේරේ.හිරිමල් වියේදීම නොගැලපෙන විවාහයකින් හෙම්බත්ව තනිවූවා මිස ඇයට ජීවිත අත්දැකීම් තිබුණේම නැත.ළිං මැඩියෙකු සේ සිරව ගත කල ජීවිතෙන් මිදුනේ මේ ඊයේ පෙරේදාය. ඈ ලෝකය සොයද්දී ලෝකය දකිද්දී මුණ ගැහුණු ප්‍රථම ළෙංගතු සිතැතැත්තා ඔහුය. ඇගේ හැසිරීම තවමත් හිරිමල් කෙල්ලකගේ මෙනි. ඈ අභියස ඒ අවුරුදු 21 ක කොළු ගැටයාද යෝධයෙකි.ඇගේ හුරතලයට ඒ ඇවතුම් පැවතුම් වලට ඔහු පිස්සු නොවැටුණානම් එයද පුදුමයකි.ජීවිතයට හමුවූ පලමු පිරිමි යාළුවා ඇයට මෙවැනි යෝජනාවක් කරතැයි ඇය නිකමටවත් නොහිතන්නට ඇත.එහෙත් එය එසේ සිදුවිය. නමුත් මෙය සිදුවිය නොහැක්කකි.ඒ අසම්මතයට ඉඩ හසර සාදා අනුබල දෙන්නට ඇයට උවමනාවක් නැත.

" ඔයා කතා කරන්නේ බුද්ධියෙන් නෙවේ මගෙ මල්ලි... හැඟීම් වලට වහල් වෙන්න එපා... කවදා හරි ඔයාට තේරෙයි මේක වෙන්න බැරි දෙයක් කියල...එදාට ඔයා පසුතැවිලි වේවි... ලජ්ජ වේවි මේ ගැන.

" මට බණ කියන්න එපා... මට ඔයා විතරයි ඕනෙ... අනිත් හැමදේම විසඳගන්න මට පුළුවන්..."

" පිස්සු ළමයෙක්.."

" මං ළමයෙක් නෙවෙයි... මට ආයෙ එහෙම කියන්න එපා..."

කවදාවත් නැති තරමට ඔහුට තරහ ගිය අපූරුව. ඉතින් මේ වෙන්වන්නට කාලය බව ගැහැණු බුද්ධිය විසින් ඇයට අනතුරු අඟවන ලදී.ඇය ඔහුගෙන් වෙන් වන්නට දිවා රෑ පිඹුරු පත් සකසද්දී , ඔහු අපූරුවට සෂායගේ සුන්දර දුර්වල ගැහැණු ආත්මය වටා පතාක යෝධයකු සේ නැගී සිටින්නට අහිංසක උත්සහයක නියැලෙයි.විටෙක මුඳු මොළොක් ලෙස හඬා දොඩා ඇගේ ප්‍රේමය අයදින ඔහු විටෙක රළු පරළු වෙසක් ගෙන රාක්ෂයෙකු සේ හැසිරෙයි.

" ඇයි මාව මඟ අරින්නෙ... මාව මරා ගන්නද ඕනෙ... වෙනදට මං නැතුව බස් එකකට ගොඩ වෙන්න බැරි ගෑණි දැන් මොකද මේ මට හොරෙන් පල්ලම් බහින්නෙ...?"

" සමීර.... මල්ලී... තේරුම් ගන්න.. මට දැන් ඉස්සර වගේ නිදහසේ ඔයා ළඟ හැසිරෙන්න බෑ..."

" ඒ මොකද ඇයි මට මොනවා වෙලාද...? "

" ඒ ඔයා මේ කෙහෙල්මල් ආදරයක් පටලවගෙන අපේ බැඳීම අපිරිසිදු කලා..."

" බම්බුව තමා..."

අත මිට මොලවා බස් නැවතුමේ තහඩුවට වැරෙන් පහරක් එල්ල කර ඔහු තරහ පිරිමසා ගති.ඒ අතසීරී ලේ පනිනවා සෂායා දුටුවේය.ඇගේ ඇස් වලට කඳුළක් එකතු විය. එහෙත් ඇය අනුකම්පා නොකලේය. එසේ විනිනම් ඔහු එයද වැරදියට ගන්නවා නොඅනුමානය.

" මේ මහ පාරේ විකාරයක් වෙන්න හදන්න එපා... මම ඉන්නේ ඔයා වගේ සෙල්ලම් කරන වයසක නෙවෙයි....ඔයා මට පුංචි එකෙක් ... තේරුම්ගන්න... වැරදි හැඟීම් ඇස් වල තියාගෙන මං දිහා බලන්නෙපා...එහෙම වුනොත් මං ඔයාගෙන් ගොඩාක් දුරට යනවා සත්තයි... පිස්සෙක් නොවී වැඩ කරන්න... අර අසරණ අම්මට ඉන්නේ ඔයා විතරයි... ඒක අමතක කරන්න එපා....

සෂායා වෙර යොදා ඇයට පුළුවන් උපරිම වේගයෙන් ඔහුට කතා කලේය.ඔහු හිනැහිනි... මහ හඩින් හිනැහිනි. ඒ උපහාසයටද අපහාසයටද දුකටද තරහටද කියන්නට ඈ තවමත් නොදනී.

" චන්ඩි පාට් දන්න හැදුවට ඔයාට චන්ඩියෙක් වෙන්න බෑ... ඇත්ත හංගගෙන මං ඉස්සරහ රඟපාන්න එපා...ඔයා මට ආදරෙයි...ඒත් ඔයා ඒ හැඟීමට බයයි...ඒක මට පෙන්නන්න බයයි...ඔයා මේ ලෝකෙට බයයි... කතා හැදෙනවට බයයි..."

" නෑ... නෑ... නෑ... ඔයා මට මල්ලී කෙනෙක් විතරයි. දෙයියන්ගේ නාමෙට මාව පටලවන්න එපා.... මට ඔයා මෙයා නොකියා අක්කා කියන්න...."

" ආමන්ත්‍රණයකට බෑ හිතක හැඟීම් වෙනස් කරන්න..."

" පුළුවන් බැරි නෑ... ඔයා මට එක සැරයක් අක්කා කියලා
බලන්න..."

" හරි මං කියන්නම්...මුළු ජීවිත කාලෙම කියන්නම්... ඊට කලිං මං දෙයක් දෙන්න බාර ගන්නවද...?"

" මොකක්ද..."

" ප්‍රශ්ණ අහන්නෙපා බාර ගන්නවද කියන්න..."

" හරි බාරගන්නවා... හැබැයි පොරොන්දුවක් පිට... මෙතනින් පස්සේ මේ පිස්සු වැඩ නවත්තනවා කියලා පොරොන්දු වෙන්න ඕනෙ..."

" මගෙන් පොරොන්දු ගන්න එපා... ඒත් ඔයාට ඕන දේ වෙවි..."

ඔහු කලිසම් සාක්කුවේ රුවා සිටි රතු පැහැ ජුවලරි බොක්ස් එකක් එළියට ගෙන එයින් පුංචි රන් මුදුවක් එලියට ගත්තේය.

" මං දන්නව හරි ඉක්මනට ඔයාට මාව අමතක වෙයි. ඔයාට මාව කරදරයක්නෙ.. කමක් නෑ මාව අමතක කලාට පුළුවන්නම් හැමදාකටම මේක ඔය අතේ දාගෙන ඉන්න.. බෑ කියන්න එපා... එපා කියනන් එපා... මේක විතරයි මන් මගේ ආදරේ වෙනුවෙන් ඉල්ලන එකම දේ..."

ඒ හිතුවක්කාරයාගේ ඇසින් ගිලිහුණ උණු කඳුලක් මුදුව මත වැටිණි.සෂායගේ ළාමක හිත කීරි ගැසුණි. එපා කියා ඔහු කෝඅප ගැන්විය යුතු නැති බව ඇයට වැටහුණි. ඇය ඔහු ඉදිරිපිටදීම ඒ මුදුව ගෙන ඇගේ දකුණතේ වෙඳගිල්ළට පළදා ගති.කඳුලු අස්සෙන් ඒ ඇස් හිනැහෙනවා සෂායා දුටුවේය.

" මං ආදරෙයි අක්කා... ඔයාට මහ ගොඩක්.... "

එසේ කියා ඔහු දෙනොදාහක් යන මහ මඟදීම ඇගේ මුහුණට පාත්වී ඒ තොල් පෙති මත යාන්තමට හාදුවක් තවරා සැනෙන් පාර පැන නොපෙනී ගියේය.සෂායා සිහි එළවා ගත්තේ ඇගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් එන හඩටය.

" me dan mama bus ekakata yatawela marunath mata sapayi.mata me labuna de athi mage malu jeevitha kaletama sanasenna. sathutin inna. budusaranai. "

ඒ ඔහුගෙනි. මගමඟ කියා අමතකව සෂායාට ඉකිගැසුණි.

----------------------------------------------------------------------------------
සෂායා තවමත් මුදුව දෙස බලා හිදී.ඒ අතීතයේ මතකය මොහොතකට ඇගේ සිතුවිලි සී සී කඩ කල තරමක්. එදායින් පසු සෂායාත් සමීරත් මුණ ගැසුනේම නැත. අද ඈ යහපත් ස්වාමියෙක් ලැබ සතුටින් දිවි ගෙවයි.ඔහුද දැන් හැඩි දැඩි තරුනයෙකු විය යුතුය.අතීතයේ සිදු වූ දේ ගැන අද ඔහු පසුතැවිලි වනවාද විය හැක. එසේත් නැතිනම් ඔහු ඔහුගේ පලමු පෙම් සිතුවිල්ල ගැන තවමත් කඳුළු සලනවා ද විය හැක.ඒ කෙසේ වෙතත් ඔහුට නිදුකක්ම වේවායි ඔහු සිහිවන හැම විටම සෂායා දෙවියන් යදී.


ප/ ලි කෙටිම කෙටි කතා කියන ලේබලයේ පල කලත් මේක සත්‍යට බොහොම සමීප කතාවක්.මේ කතාව අහපු වෙලේ මගේ හිත පුදුම තරම් සසළ උනා.ඒ සසල වීමෙන්මයි මම මේක අකුරු කලේ නිර්මාණයක් විදියට.

27 comments:

  1. සෂායා ගනිපු තීරනේ හරි. ඒක කවදාවත් කෙරෙන්නෑ. පොඩි පරතරයක් නෙවෙයි නේ. අම්මලා කවදාවත් කැමති වෙන්නේ නෑ. ඒක ඉරහදවගේ ෂුවර් .
    ඇරත් ළමයි හම්බවෙලා ගෑනු වැහැරෙද්දී මගේ වෙයි කියලා හිතන් හිටිය මහත්තයගේ අම්මා කිව්වා ආදරේ පෑලදොරෙන් යනවා කියලා. ඉතිං හොද වෙන්වෙන එක. දෙන්නම වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. හ්ම්..ඔව් ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා අපි කිව්වට හිතුවට ඒ වගේ දෙයක් අපිට කරන්න වුන දවසට තමා ඒකෙ බරපතල කම තෙරෙන්නෙ.

      Delete
  2. godak hageembara kathaawak..e dennama wenuwen sashaya gaththu thiirane hari..eth sashaya e boyta thaama adarei ehema neda..?

    ReplyDelete
    Replies
    1. ඔව් මට හිතෙන විදියටත් සෂායා එයාට ආදරෙයි.ඒත් ඒ ආදරේ කවදා හරි දුකක් වේදනාවක් වෙනවා කියලා දැනෙන නිසා එයා ඒ හැගීම් පෙන්නුවේ නෑ. අනික එයා හිතුවේ එයා සමීරට ආදරේ කලොත් ඒක සමීරගෙ ජීවිතේට කරන අපරාදයක් කියල.

      Delete
    2. ou kawi...sashaya gaththu thirane hari...eth adareta wayasa prashnayak newei..adare wiwaahayakin kelawara wenne naha kiyalai man hithanne..

      Delete
  3. මම මොනාද මේකට කියන්නේ.. මටත් මල්ලි කෙනෙක්ගේ කතාවක් තියෙනවා කියන්න. මම ලගදීම එකත බ්ලොග් පොස්ට් එකක දාන්නම්

    ReplyDelete
    Replies
    1. ම්.... එහෙනම් දාන්න අපිට බලන්න.මේකත් මම දන්න කෙනෙකුට වුණ සැබෑ සිදුවීමක්

      Delete
  4. ඇත්තටම සංවේදි කතාවක්.. වයස් පරතරයනම් ඉතින් ටිකක් බලපානවා තමයි.. ඒත් හැගීම් වලට ඒවා යට වෙන්නේ නෑනේ..

    ReplyDelete
    Replies
    1. මේ කතාවෙ නිමිත්ත සැබෑවටම සිදු වුණ දෙයක්.ආදරේට වයස ප්‍රශ්නයක්ද කියන එක මටනම් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක්.මේ කතාවේ සෂායා සමීරට තාමත් ආදරෙයි.හැබැයි ඒ ආදරේ දුර දිග ගියානම්, විවාහයකින් කෙලවර උනානම් ආදරෙත් එතනින්ම කෙලවර වෙන්න තිබුන.මොකද ඒ තරම්ම ප්‍රශ්න ගොඩකට එයාලට මුහුන දෙන්න වෙනවා බාහිර ලෝකෙදී

      Delete
  5. හිතුවේ නැති විදිහට කතාව ඉ වර වුනේ.. මුල ඉදන් මම කියවනකොට හිතුවේ දෙන්නා බදි කියලා.. එ වගේ සින් නේ අපිට අහන්න දකින්න තියෙන්නේ.. ඇත්තටම හොද කතාවක් කවියෝ... ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතී පූවෝ.... ම්...ඔව් අද කාලෙ ඔන තරම් මේ දේ වෙනව නේද... මේ වගේ වයස් පරතර තියෙන අය බැඳලා සතුටින් ඉන්න කතාත් මම අහල තියෙනව.

      Delete
  6. හපොයි අනේ මේකේ අනිත්මට එනකොට මගේ හුස්ම ටිකත් හිරවෙලා තිබ්බේ...මාරම මාරයි අක්කි....ඇත්තටම ඉතින් මෙහෙම දේවලුත් වෙනවද?හැබැයි ඉතින් ආදරේට වයස ප්‍රශ්නයක් නෙමෙයිලුනේ....හැබැයි අනේ මමත් හිතුවෙම මේකේ සතුටුදායක අවසානයක් තියෙයි කියල..ගොඩාක්ම ලස්සනයි අක්කි..ඔයාගේ අතින් ලියවුනු උපරිම නියම නිර්මාණයක්..එල..

    ReplyDelete
    Replies
    1. මේක දුකින් කෙලවර උනාට මෙ කතාවෙ කෙනා අද සතුටින් ඉන්නව මල්ලි ඒ නිසා මටනම් සතුටුයි

      Delete
  7. :) කියන්න ඕන ඒවා අනිත් අය කියලා..
    තමන් ගැන නොහිත අනිත් අය ගැන හිතන්න හිතක් උරුම අය ඉන්නෙ ගොඩක් කලාතුරකින්...
    මේ මම දැකපු දෙවනි චරිතෙ.. :)

    ReplyDelete
  8. මේ බ්ලොගේ පටන් අරන් තියෙන්නෙ 2010 නෙව‍‍‍... මෙච්චර කල් ගියාට පස්සෙ ආයෙ ලියන්න අරන්... :/

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලෙ පටන් අරන් නවත්තලා තිබුණා ආපහු ළගදී තමා පටන් ගත්තෙ. බොහොම ස්තූති මේ පැත්තට ආවට

      Delete
    2. අයියෝ ඒක මොකක්ද...

      Delete
  9. හරිම ලස්සනයි අක්කි..හරිම

    ReplyDelete
  10. මේ ගැන නම් මගේ අදහස පොස්ට් එකකින්ම දාලා තියනවානේ.... ඇත්තටම ආදරේට වයස ප්‍රශ්නයක් නොවුනත් සමාජයට ඒක ප්‍රශ්නයක් වේවි..........

    කොහොම උනත් අවුරුද්දක් දෙකක පරතරය මම හිතන්නේ නැ ගැටලුවක් වේවි කියලා ඉට වැඩි වෙන එක නම් භයානකයි

    ReplyDelete
  11. වයස ප්‍රශ්නයක් නෑ සාෂායා කරගත්තේ එක අතකට මෝඩ වැඩක් මොකද කවදාවත් මේ තරම් ආදරයක් වෙන කොහෙන්වත් නොලබන්න පුළුවන්... ගොඩාක් ගෑණු ලමයි බයයි වටේ පිටේ මිනිස්සුන්ගේ කතා අහන්න වගේම සමාජයට ඒත් හිත ඇතුලින් මේ වගේ වෙන බැඳීම් ළඟ තියාගන්න බැරිවුනු එකට ගොඩක් දුක් වෙනවා එයාලා...

    අපි ජීවත් වෙන්න ඕනේ අපිට ඕනේ විදියට මිසක් ලෝකයට බයෙන් නෙමෙයි... මම නම් බාධක බිඳලා ඉදිරියටම තමා

    ReplyDelete
  12. ලස්සනම ලස්සන කතාවක් අක්කේ. ලින්ක් එකක් දැකල ආවේ.. ඒ කතාව හරිම ලස්සනට කියල තියනවා.

    ReplyDelete
  13. දේවා ගේ අඩවිය - ඔව් ආදරේට වයස ප්‍රශ්නයක් නෙවෙයි හැබැයි ආදරෙන් එහාට ගිය විවාහය වගේ දෙකදී මේක ටිකක් වෙනස් වෙනවා.මේක ආසියාතික රටක් නිසා තවමත් ගතානුගතික අදහස් බොහේ අය තුල තියෙන්න පුලුවන්.විවාහ වෙන දෙන්නට වයස ප්‍රශ්නයක් නොවුනත් සමාජෙට ඒක ලොකු දෙයක් වෙනවා.

    ගැමියාගේ පත් ඉරුව - මේක ඇත්තම ඇත්ත කතාවක් මල්ලි මගේ ලඟම නෑ වෙන අක්කෙක් මූණ දීපු.එයා අදටත් අර මල්ලිව මතක් වුන වෙලාවට දුක් වෙනවා.එයා ගොඩාක් හොද කෙනෙක් කියලත් කියනවා. ඒත් අද එයාට හොද මහත්තයෙක් ලැබිලා එයා සතුටින් ඉන්නවා. මම දන්නේ නෑ අර බෝයිව කසාඳ බැනදනම් එයා මීට වැඩිය සතුටින් ඉදීද කියල.අක්කගේ හිතේ ඒ බෝයි ගැන තියෙන්නෙ ආදරේටත් වඩා අනුකම්පාවක් වගේ දෙයක්.අනුකම්පාව කවදාවත් ආදරේ කියල අර්ථ දක්වන්න බෑ නේද?

    පැතුම් [සිතුම් පැතුම්] - බොහොම ස්තූති මල්ලි

    ReplyDelete
  14. මං කෙටිකතා කියවල තියෙන්නේ අඩුවෙන්.. ඒවත් මහ බොළඳ බාල ඒවා.. මට වගකීමෙන් කියන්න පුළුවන් මේක තමයි මම කියවල තියෙන හැඟීම්බරම කතාව... ලඟදී මටත් මේ වගේ සිද්දියක් සිද්ද උනා හැබැයි මෙච්චර දුර ගියෙ නෑ.. මටත් අත්දැකීමෙන් තේරෙනව මේ වගේ අසම්මතයක තියෙන බරපතලකම ගැන..! හරිම සතුටුයි මේ කතාව ගැන.. :D තව මේ වගේ කතා ලියන්න... :D :D

    ReplyDelete
  15. මාත් අක්කියෙක්ට අදරේ කලා.. එයත් සෂායා වගේමයි, පොඩ්ඩක්වත් අනුබල දුන්නෙ නෑ.. එයා නම් දැන් කසාද බැඳලා.. හැබැයි අපි දෙන්නා තාමත් හොඳ යාලුවෝ..

    ReplyDelete
  16. මාතරේ - බොහොම ස්තූති මාතරේ. මේක මේ තරම් හැගීම්බරව මට ලියන්න පුලුව්න උනේ මේක මම දන්න මගේ ළඟම සහෝදරියකට උන ඇත්තම ඇත්ත කතාවක් නිසයි

    ReplyDelete
  17. Lokkaiyaa - නම ලොක්කයියා ඒත් ආදරේ කරලා තියෙන්නේ අක්කියෙක්ට හි හී සතුටුයි මේ පැත්තට ආවට හොදේ.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.