සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම

කොච්චර අමාරුවෙන් කඳුලු හිර කරගෙන හිටියත් පිට පනින්නමයි හදන්නේ.ඒත් ඉතින් අඬා වැටෙන්න බෑ.. අලුත් ජීවිතේ තවත් අලුත් අත්දැකීමක්...අනිවාර්‍යයෙන්ම සිඳු විය යුතු දෙයක්.එහෙම හිතල මම ඇස් දෙක පියා ගත්ත චුට්ටක් සංසුන් වෙන්න.
" කෝ ඉතිං හිනාවෙලා කියන්නකෝ මට ඉක්මනට ගිහින් එන්න කියල "
ඔයා දොඩමළු වෙලා මගේ සිතුවිළි නොසංසුන් කලා.
" පරිස්සමින් ඉන්න... මං ඉක්මනට එනව..."
ඒ වදන් මුවින් ගිලිහෙන ගමන්ම පුංචි හාදුවක් තැවරුනා නළල මත.ආදරය උතුරන ඒ උණුහුමට සමුදෙද්දි මට දැනුනෙ පුදුමාකාර ලෝබකමක්.
" බුදුසරණයි... පරිස්සමින් ගිහින් එන්න රන්.."
එලිපත්ත පනිද්දි මගේ මුවින් පිටවුනේ නිරාසයෙන්. ඔයා හිනා වුණා මා දිහා බලල ලස්සනට.
ඉතින් නුඹ නික්මුනා හිත පුරා පාලුව තවරලා ඒත් හැමදේම සුන්දරයි.... සත්තයි කියාගන්න බැරි තරමටම. ආයේ නුඹ හවස එන තුරුම ඒ සුන්දරත්වය මගේ හිතේ පාලු කපාවි.මුලු දවස පුරාම නුඹ තුරුලේ දැවටී හිනැහුනු මං නුඹ නොමැතුව මේ පුංචි ගෙදර තනිවුණු පළමු දවස අද.ඉතිං අදින් පස්සේ මට නුඹට කියන්නට කොයි තරං දෙවල් තියේවිද...ඒ හැම දේටම ඇහුම්කන් දෙන්න ඔයා සූදානම් නේද....ඔව් සත්තකින්ම නුඹ මට ඇහුම්කන් දේවි.දයාබර හිමි සඳුනේ.......
ඉතිං මට අවසර.....!
හොද බිරිදකගේ අහිංසක පැතුමක්.....
ReplyDeleteඅයියො කවියො.. දරැමල්ලෙක් හදාගත්තානම් හරි නැත්තං ඔයාත් හබියත් එක්ක අමුඩයක් ගහාගෙන කුඹුරැ කොටන්න ගියානම් හරි...
Pooh - හික්ස් තව කල් තියෙනවා අනේ
ReplyDeleteඋඩින් දාලා තියෙන කමෙන්ට් එකත් එක්ක මාත් එකගයි.. ගෙදරට පොඩි එකෙක් ආවම ඔය පාළුව නැති වෙයි..
ReplyDeleteou pooh ape kawi hoda aadarabara biridak wela..habaata daru patiyek hadaa gaththa nam hari newa..
ReplyDeleteDinesh - අයියෝ දිනෙශ් මල්ලි ඔයත් පටන් ගත්තද...
ReplyDeletetweety - මම කිව්වනේ ට්වීටියෝ බැඳපු පිලිවෙලට තමා ඒක සිද්ධ වෙන්නෙ. එහෙම උනාම ඉස්සෙල්ලා ඔයා පස්සේ පූ ඊටත් පස්සේ තමා මම
sandu - හපෝයි ලෝකයා කිව්වනම් ඉතින් ඒක විශ්වාස කොරන්නට හොද දෙයක් නෙවෙයිනෙ
හරිම ලස්සනයි..හැමදාම සතුටින් ඉන්න..මේක තමයි පපුවට දැනෙන්න ජීවත් වෙනව කියන්නෙ නේද..හැමදාම එනවා මේ සුන්දර ආදරේ කියවල යන්න..:)
ReplyDeleteසිත්රූ සිහින - බොහොම ස්තූති සිත් රූ ඔයාගේ පැමිණීමට මට ගොඩක් සතුටුයි
ReplyDeleteකෙල්ලෝ බදින්නමයි බලං ඉන්නේ.. ඒකට කොල්ලෝ...
ReplyDelete