සඳට බැළුම් හෙලූ අය

Mar 23, 2012

පෙම්බර හිමිසඳුනි මගේ......


සොඳුරු යුවතිය... පතිනියක වූ දා....
විඳින ජීවිතයක සොඳුරු පෙළගැස්ම


අලුත් ජීවිතේ ඩිංග ඩිංග හැමදේටම හුරු වෙනව.උදේට නලල ඉඹල ඔයා යන්න සමුගනිද්දි හැමදාමත් හිත හූල්ලනව.ඒත් හිත හිත ඉන්න වෙලාවක් නෑ...වැඩ කෝටියයි. ගෙවල්ල් මිදුල් අතු ගන්න... වළං පිගන් හෝදන්න... දවසට දෙකට මම මහා ලොකු ගෑණියෙක් වෙලාදෝ මංද...එහෙම හිතෙද්දී පුංචි පහේ ආඩම්බරේකුත් හිතට එනව.මේ හැම දෙයක්ම මම කරන්නේ පුදුමාකාර ආසාවකින්.හැමදේකම අවසානෙදී හිතට දැනෙන්නේ පුදුම තරම් සතුටක්.. තෘප්තියක්.

පුංචි කැදැල්ලක කූඩු වෙන්න... ඔයාට සෙනෙහෙබර බිරිඳක් වෙන්න...පුංචි ගෘහණියක් වෙලා ඔයාගේ ඕනා එපා කම් ඉටු කරන්න...මං හීන ඇහින්දෙ ඔයා මට ආදරේ කියපු මුල්ම දවසේ ඉදන්...වසරගනනාවක් තිස්සේ දැකපු ඒ හැම හීනයක්ම අද සැබෑ වෙලා...මං දැන් ඔයාගේ පුංචි බිරිඳ...මං දන්නවා ඒක විශාල වගකීමක්.

බිරිඳක් ගෘහණියක් උනාට මං තාම යුග දිවියට අත දරුවෙක්..මං අතින් අනන්ත අප්‍රමාණ අතපසුවීම්, වැරදි සිදුවේවි.මං විශ්වාස කරනව ඒ හැම අවස්ථාවකදීම ඔයා මාව ආරක්ශා කරගෙන මට ආදරෙන් කරුණු පහදල දෙවි කියල.යුග ජීවිතේ ප්‍රශ්ණ , බැඳීම් , වගකීම් දවසින් දෙකෙන් ලිහා ගන්න තේරුම් ගන්න බැරි වේවි. හැමදාම ඉගෙන ගනන් මොනවා හෝ තියේවි.ඒත් ඒ හැම වෙලාවකදීම ඔයා මා ළඟින් ඉදන් මට සහය දුන්නොත් ජීවිතේ හැමදාම ලස්සන වේවි.අපි දෙන්න අපි දෙන්නට ළං වෙන තරමට තේරුම් ගනන් තරමට ජීවිතේ ප්‍රශ්න අඩු වේවි.

දයාබර හිමියනේ....

අප අතඟිලි පටලා සෙනෙහසින් පිවිසුණු ලෝකය සුන්දර කර ගැනීම නුඹත් මාත් සතුයි.ඒ ලෝකයේ සුන්දර විඳින්න හැමදාම මගේ ලඟින් ඉන්නව නේද....?

13 comments:

  1. man hithanne pathiniyak wechcha hama uwathiyama ohoma pathanawa..e wagema kawi oyaage sithum pathum e lesama ishta wewi..hamadaama kiriyen miikiriyen ithirena sundara chuti pathiniyak wela inna labewa..

    ReplyDelete
  2. ඔයාගේ හබිය ගොඩාක් වාසනාවන්තයි.. කවදාවත් ඔයාලගේ ආදරයට ඇස්වහා කටවහා වදින්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා... හැබැයි කවියො දවසක ඔය කැදැල්ලට පැට්ටේක් එන දවසට දරැවට වගේම හබියටත් සලකන්න.. සමහර පවුල්වල ඔක වේන්නේ නැ..

    දරැවට මුල්තැන දෙන්න ඕනේ එ වගේම සැමියාගේ ඕනැකම් එපාකම් බලන්නත් ඕන..

    හරි අසාවෙන් කියෙව්වා.. ඔයා අපේ පවුල ලගදි හම්බ වුනාද?

    ReplyDelete
  3. තාම "L" බෝඩ් නේ අක්කේ.. පොඩි පොඩි වැරදි වෙනවා.. අපේ අක්කටත් මේ දවස් වල ඔහොමලු...

    ඒවා කොහොම් උනත් දෙන්නටම සුභම සුභ අනාගතයක් පතනවා..

    ReplyDelete
  4. tweety - බොහොම ස්තූතී ට්වීටියො......

    Pooh - මං මේ ඔයාගේ පවුල හම්බෙනකන් තම ඉන්නෙ... මට උන්දැට කියන්න දෙවල් ගොඩක් තියෙනවා හි හී

    Dinesh - ම් ඔව්නේ දිනෙශ් මල්ලි හැමදෙටම හිමින් හිමින් තමා හැඩගැහෙන්න වෙන්නේ.

    ReplyDelete
  5. සුභ පැතුම් අක්කේ :)

    ReplyDelete
  6. සුභ පැතුම් අක්කෙ...!! හම්මීයො!! අක්කා මෙහෙම ලියලා තිබ්බාම මට හිතුනෙ අපිටත් අනාගතේ දවසක් එයි නේද මෙහෙම කියන්න.. :O

    ජයම එවා!!

    ReplyDelete
  7. sAm (සෑම්) - ම් ඔව්නේ

    වර්ණා - ස්තූති නංගා

    හිතුවක්කාරි - ස්තූති නංගා, ම් ඔව්නේ හැම යුවතියක්ම මේ හීනෙට කැමතිනේ

    ReplyDelete
  8. ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා මමත් පතනවා..

    ReplyDelete
  9. ප්‍රවීණයෙක් වුනත් කවද හරි දවසක ආධුනිකයෙක් වෙලා ඉඳල තියනවා. ඒක හන්දා බය වෙන්න දෙයක් නෑ පොඩි පොඩි වැරදි උනාට.

    කතාව කියවද්දී හිතුනේ කතාවක් විතරයි කියලා. නමුත් කමෙන්ට් ටික කියවද්දී දැනුන අත්තක් කියල. සුබ පැතුම් මගෙන් !

    ReplyDelete
  10. පුංචි කුමාරිහාමි - ස්තූති කුමාරිහාමී


    පැතුම් [සිතුම් පැතුම්] - ස්තූති ඔයාට මේ පැත්තට ගොඩවැදුණට.මේකන්ම් නිර්මාණයක්ම පමනක් නොවේ තමා

    ReplyDelete
  11. මම දවසක් ඇවිත් මේ පෝස්ට් එක කියෙව්වා..ඒත් කමෙන්ට් එකක් දාල නෑනෙ..
    හරිම ලස්සන කුරුලු කූඩුවකට ගොඩ වෙලා තියෙන්නෙ..හැමදාම සතුටින් ඉන්න..අපි එන්නම් මෙ කැදැල්ලෙ පිරිච්ච ආදරේ කියවල යන්න.. :)

    ReplyDelete
  12. සිත්රූ සිහින - ස්තූති සිත් රූ ඔයාගේ ඒ කොමෙන්ටුව තියෙනවා කලින් පෝස්ට් එකේ. පෙම්බර හිමිසඳුනි මගේ කියලා මම හැම සතියකම එක පෝස්ට් එකක් ලියනවා මේ එකේ දෙවෙනි එක.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...