සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Apr 17, 2012

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට 2

න්න ඔයාලවත් පිළිගන්නවා හොදේ

ඔන්න ඉතින් අද මේ ලියන්න යන්නෙ තල් රුප්පාවේ දෙවෙනි දවස ගැනයි.මුල් කොටස නොබලපු අය මෙතනින් ගිහින් බලලම එන්නකෝ.

හැන්දෑවේ 6 ට විතර මුලතිව් වලින් ගමන් ආරම්භ කල අපි කෙලින්ම අපේ නවාතැනට යන්න පිටත් වුනා.අපි නැවතුනේ අර්ධද්වීපයේ මනිප්පායි කියන ටවුන් එකේ.අපේ ඩ්‍රයිවර් උන්නැහේ මගදී අපිට වැඩියෙනුත් එක්ක දීපු කටු වලට හැටියට එයා හොයලා මරු Place එක කියලා කලින්ම බුක් කරපු තැනක් නිසා අපිට එතනට යනකන් විශ්වාසයක් තිබුනේ නෑ ඒක කොහොම තැනක් වේවිද කියල.අපි හිතුවේ මහ රෑ ආඬියා ළිදෙන් වතුර ඇදලා නාලා පැදුරක නිදාගන්න වෙවි කියල.අපේ වාසනාවටද මංදා ඒක එහෙම වුනේ නෑ.ඒක පැරණි ගෙදරක්.ඒත් බොහොම පිරිසිදු සුව පහසු නවාතැනක්.අපේ නඩයේ 12 දෙනාට කාමර 3 ක් ම වෙන් කරලා තිබුනා.නාන කාමරත් 3 ක් ම තිබුන නිසා ගෙදර වගේ නාලා ඇදන් බදාගෙන හොදට නිදා ගත්ත.

පහුවදා උදේම අපි නාගදීපය වදින්න යන්න තමා සූදානම් වුනේ. ලක ලෑස්ති වෙලා අපි නවාතැනෙන් එළියට ආවම තමා දැක්කේ වත්ත පුරාම අඹ ගස් , ගස් විතරක්නම් බැරියෑ ඔලුවේ හැපෙන ගානට අඹ සූ ගාලා.කොහොමද කඩලා
අච්චාරුවක් දා ගත්තනම් . අප්පේ කටට කෙළ උණනවා.අපි දෙතුන් දෙනෙක් අඹ ගස් වටේ කැරකි කැරකි දිග පළල මනිනකොට අපේ ලොකු තාත්තා දුවගෙන ආපි. "එකෙක්වත් අඹ ගෙඩියකට අත තියලා අහු වෙන්න එපා " කට්ටියගේ හැටි දන්න නිසා එයා බොහොම සුහදව අපිට ඒ විදියට කිව්වා ඇගිල්ලත් උළුක් කරලම.එහෙම කිව්වට පස්සේ ඉතින් අපි අඹ කන ආසාව අතඇරියා.ඒ උනාට අඹ අතු අල්ලගෙන , අඹ කටේ දාගෙන , අඹ ගස් බදාගෙන අපි හිතූ හිතූ හැටියට පින්තූරනම් ගත්තා.ඒවානම් මෙතන දාන්න ලැජ්ජවේ බෑ.අනේ ඉතින් අපේ මේ විකාර දැකල නවාතැන් අයිතිකරුට දුක හිතිලද මංදා අපි වාහනේට නැග්ගම අපිට අඹ ගෙඩි තුන හතරක් කඩල ගෙනත් දුන්න.අතටම ගෙනත් දුන්න ඒ අඹම හොරෙන් කඩන් කෑවනම් මීට වැඩිය කොච්චර රස ඇතිද.... අපරාදේ.

ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

මීට කලින් ලංකාවේ සිතියමේ විතරක් දැකලා තිබුන පත්තරේකින් රූපවාහිනියෙන් විතරක් රූපයක් දැකලා තිබුන ගම් , නගර , දූපත් හරහා යද්දී අපිටම පුදුමයි කවුද හිතුවේ ඉතින් මේවායේ මෙහෙම නිදහසේ හුස්ම ගන්න සිංහල අපිටත් දවසක් ඒවි කියල.කයිට්ස් , මන්ඩතිව් , පුන්කුඩතිව් , නයනතිව් (නාගදීප ) ඩෙල්ෆ් ..... මෙකී නොකී හැම දූපතක්ම පේන මානේ.සමහර දූපත් යා කරමින් මුහුදු කලපු හරහා මහ මාර්ග තියෙනවා. ඒත් නාගදීප හා ඩෙල්ෆ් වලටනම් බෝට්ටුවෙන් යන්න ඕනේ.


යන මග දිග

මග දෙපස සිරි අසිරි බලමින් නැවති නැවති අපි ඔන්න නාගදීප පුද බ්මට යන බෝට්ටු සේවය අසලට ළඟා වුනා.මූණට මූණලා තියෙන සිමෙන්ති බංකුවල වාඩිවෙලා එන පිලිවෙලට තමන්ගේ වාරය එනකන් ඉන්න ඕනෙ.නාවික හමුදාවේ කෙනෙක් ගනන් කරල කට්ටියව ඇතුලට ගන්නව.ඊට පස්සේ හැමෝටම ජීවිතාරක්ශක කබායක් ලැබෙනව ඇදගන්න.නාවික හමුදාවේ සෙබළ සෙබළියන් විසින්ම අතින් අල්ලලා උදව් කරලා හැමෝටම බෝට්ටුවට ගොඩ වෙන්න සහය දෙනවා.අපි මුලින් හිතුවේ බෝට්ටුවේ වාඩි වෙන්න පුලුවන් ප්‍රමාණයට විතරක් මගීන් ගන්නවා කියලයි.අනේ අප්පේ ප්‍රයිවට් බස් එකකට වගේ සෙනග පැටෙව්වා.හුස්ම ගනවත් ඉඩක් නෑ.මම දෙවියන්ට කිව්වා අනේ මේක ගිලෙන්නනම් එපා කියලා.කට කපලා සෙනග ඉන්න බෝට්ටුවක මුහුද මැද විනාඩි 15 ක් 20 ක් සෙල්ලංද අප්පා . හරියකට පීනගන්නවත් දන්නේ නෑ.



මේ තියෙන්නේ අපි ගිය බෝට්ටුව


බෝට්ටුවට නාගදීපය පෙනෙන ආකාරය


පපුවේ බිත්තර තම්බ තම්බ ගිය බෝට්ටු ගමන අහවර කරලා යාන්තං කරදරයක් උවදුරක් නැතුව නාගදීපෙට ගොඩ වුණා.මේ ඉතින් අපේ බුදුරජාණන්වහන්සෙත් වැඩිය පිං භූමියක් නොවැ.එහෙම තැන් වලට ඉතින් නිකන් ලේසියෙන්ම එන්නත් බෑ නේ.කටු කාල දුක් විදලා වෙහෙස වෙලා එන්න ඕනෙ එතකොට තමා අගේ. මුලින්ම හම්බෙන්නෙ නාගදීපේ කෝවිල පන්සල තියෙන්නෙ තව කිලෝමීටරයක් එකහමාරක් විතර දුරින්.කැමතිනම් පයින් යන්නත් පුලුවන් කැමතිනම් එතන ත්‍රීවීල් , ලොරි එහෙම තියෙනවා හයර් කරන්න ඒකක නැගලත් යන්න පුලුවන්.අපේ නඩයේ වැඩි දෙනෙක් අව්වට පිච්චිලා කලු වෙන්න තියෙන බය නිසාම ලොරියකට ගොඩ වුනා.








කළ කෙලෙස් ළෝපය
දැන මුණිගුණ කලාපය
හරණ ලෙස පාපය
වඳිමු අදරින් නාගදීපය


ඔන්න ඔහොම කියල නාගදීපෙත් වැඳ පුදාගෙන ආපහු අපි එන්න පිටත් වුණා.ආයෙත් ඉතින් අර බෝට්ටුවේම තමා ඉතින් වෙන මොකේද.

ඊළගට අපි ආයෙත් යාපනය නගරයේ.එදා අප්‍රේල් 6 පෝය නිවාඩුව නිසා යාපනයේ පුස්තකාලයත් කෞතුකාගාරයත් වහලා ඒ නිසා ඒවා පිටින් බලලා විතරක් සැනසෙන්න අපිට සිද්ධ වුනා.අපේ නඩේඩ ඊළඟට හැදුන දොලදුක තමා යාපනේ කඩේකින් තෝසෙ කන්න.එදා දවල්ට අපි යාපනේ කඩේකින් කෙසෙල් කොලේට බෙදාගෙන බඩ පිරෙන්න තෝසෙ , වඩේ , අල බෝල නම නොදන්න තව එක එක ජාතියේ දමිළ කෑම කෑවා.




නල්ලූර් කෝවිල

ම්... ඔන්න බඩ කට පුරෝ ගත්තායින් පස්සේ අපි ගියේ සුප්‍රසිද්ධ නල්ලූර් කෝවිල බලා කියා ගන්න.ඒ ස්ථානයනම් මගේ හිත ගොඩාක් ඇඳ බැඳ ගත්ත. කෝවිල ඇතුල ඒ තරමටම නිස්කලංකයි.අමුතුම ගුප්ත බවකුත් ඒක ඇතුලේ තියෙනවා වගේ.මේ කෝවිල ඇතුලේ චායාරූප ගැනීමනම් සපුරා තහනම්.ආ.... කියන්න අමතක වුනා නේ මේ කෝවිල ඇතුලට එන සියළුම පිරිමි උඩුකය නිරාවරණය කරගෙන එන්න ඕනෙ.එහෙම නැතුව කුඩා පිරිමි ළමයෙකුටවත් ඇතුල් වෙන්න දෙන්නේ නෑ.අපේ නඩෙත් කොල්ලන්ටයි කොලු තාත්තලාටයි ඇඳුම් ගලවන්න කිව්වම ලජ්ජාව ඇඹරුනා හරියට ගෑණු ළමයි වගේ. ජිම් ගිහිලා Six Pack හදාගෙන සල්මන් ඛාන් වගේ හිටපු සමහරු නම් කියන පරක්කුවෙන් ගැලෙව්වා. හැබැයි ඉතින් එයාලා මේක හරිම අසාදාරණයක් කියලා නිහඩ උද්ඝෝශණයකුත් කලා "ඇයි අපි විතරක් ගෑණු ළමයින්ටත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ " කියලා .ඒ නීතිය ක්‍රියාත්මක කරනවනම් කෝවිලේ නැවතිලා ස්වෙච්චාවෙන් සේවය කරන්නත් කට්ටියක් සැදී පැහැදී සූදානමින් හිටිය.අපේ කට්ටිය උඩට ඇදුම් නැතුව කෝවිල ඉස්සරහ හිටගෙන ඉන්න බොහොම කලාත්මක පින්තූරෙකුත් මගේ කැමරාවේ තියෙනවා.ඒක බුකියේවත් බ්ලොග් එකවත් ප්‍රසිද්ධ කලොත් මාව මරණවා කියලත් කට්ටිය තර්ජනය කලා.අනේ මම බය උනා මම ඇඬුවා එතකොට අපේ කට්ටිය නල්ලූර් කෝවිල ගාව බොහොම ජයට තියෙන අයිස් ක්‍රීම් හලකට එක්කන් ගියා.යාපනේ අයිස් ක්‍රීම්වලටත් ප්‍රසිද්ධයිද මංදා හරියට මෙහෙ කොල්ලුපිටියේ තියෙන කානිවල් අයිස් ක්‍රීම් හල වගේ.සෙනගත් සූ ගාලා. අයිස් ක්‍රීමුත් බොහොම රසයි.එක එක්කෙනාට කැමති කැමති රසයෙන් කැමති කැමති තාලෙට තෝරගෙන වාඩිවෙලා නිදහසේ රස බලන්න පුලුවන්.කොලඹ ලොකු ලොකු අයිස් ක්‍රීම් හල් සේරම පරාදයි ඒ අයිස් ක්‍රීම් වලටනම්." Rio Ice Cream " ගිය වෙලාවක කාලම බලන්නකෝ වෙනස.

යාපනය අවට තව බලන්න පුලුවන් ස්ථාන බොහොමයක් තියෙනව.ඒ හැම එකම විස්තර කරනන් ගියොත්නම් මට තව පොස්ට් දෙක තුනක්වත් දාන්න වෙනව.ඒ නිසා සමහර ඒවා නම් වලින් විතරක් හදුන්වන්නම් හොදේ.


ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය , යාපනය කොටුව , නාග විහාරය ,කදුරුගොඩ විහාරය , කීරමලේ පොකුණ , දඹකොළ පටුන ,ඔන්න ඕවාටත් යන්න පුලුවන්. තවත් තැන් තියෙනවා අපිටත් යන්න බැරිවුන.මේ තැන් මම මෙහෙම ලේසියට ලිව්වට තියෙන්නෙනම් එක ළග නෙවෙයි එකකින් එකකට කිලෝමීටර් 30 - 40 දක්වාත් දුර තැන් තියෙනව.


එදා දවසේ ගමන් හමාර කරල අපි කෙලින්ම ගියේ කරෙයිනගර් මුහුදු වෙරළට. ඒකට කැෂුරිනා බීච් කියලත් කියනවා. හප්පා ගල්කිස්සේ මුහුද වගේ හෝ ගාලා රැළි ගහන්නේ නෑ. බොහොම නිසසලයි. ගොඩාක් දුර ඇවිද ගෙන යන්නත් පුලුවන්.හැන්දෑවේ ඉර මුහුදේ ගිලෙනකන්ම අපි හිතේ හැටියට මේ වෙරළේ නෑවා සෙල්ලම් කලා.වැඩිහිටියෝ කෑ මොර දීලා බෙරිහන් දීලා අන්තිමට අපිව දාලා යන සයිස් එකක් ආවම තමා අපි ගොඩට ආවේ.
මෙන්න කට්ටිය නානවෝ

ඉතින් ඉවරද ? නෑ අප්පා තව තියෙනවා . 3 වෙනි පෝස්ට් එකෙන් ඒ ටික කියන්නම් හොදේ.

9 comments:

  1. යාපනේ මේ දැන් ගියාවාගේ. 3 වෙනි එකත් දාමුකෝ එහෙනම් ඉක්මනටම

    ReplyDelete
  2. අනිත් ටිකත් බලමුකෝ එහෙනම්..

    ReplyDelete
  3. යකෝ දෙන රේද්දක් එක පාරට දෙන්න බැරිද? ඉවසිම තමයි මගේ නැත්තේ... පොලේ ගහනවා දැන් මේ බොලොග් එක...

    කවියො ඔයා දන්නවා හැටි ඔයාගේ කැරැට්ටුව දිග හැරගන්නේ නැතුව මේක එක පාර දාන්න

    ReplyDelete
  4. නියම සංචාරයක්නේ......
    නිකම් මැවිලා පේනවා වගේ...ෆොටෝ ටිකත් නියමයි අප්පා.....එලම තමා...ඊලග පොස්ටුවත් ඉක්මනින්ම දාන්න....

    ReplyDelete
  5. ඉතිරියත් ඉක්මනින් කියවන්න ඕනෙ..හරිම විනෝදයි වගේ ගමනනම්..ඇත්තටම ෆොටෝස් ටික නම් ලස්සනයි..

    ReplyDelete
  6. මම යන්ට පාරමී පුරමි :)

    ReplyDelete
  7. පැතුම් [සිතුම් පැතුම්] - ඉවසන් ඉන්න හොදේ...

    Dinesh - ම්.... එකනේ දිනේශ් මල්ලි

    Pooh - ඉවසන් හිටුකො පූවෝ

    Damith Sriyantha - බොහොම ස්තූති මේ පැත්තට ආවට. තව ෆොටෝනම් ගමකට තියෙනවා අප්පා දාන්න තමා බැරි

    ReplyDelete
  8. සිත්රූ සිහින - ඉක්මනට දෙන්නම් සිත් රූ අනිත් ටිකත්

    ReplyDelete
  9. sAm (සෑම්) - යන්න යන්න මේවා නොබලන දෑස් මොකටද කියලා හිතෙනවා ඒ තරමට වටිනවා

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.