සඳට බැළුම් හෙලූ අය

Jun 19, 2012

මගේ සිහින කුමාරයා........





ඉතින් මම ඔයාලට කලින් පෝස්ට් එකේදිත් කිව්වා මතක ඇතිනේ බොහොම කාලෙකට පස්සේ මට මගේ පාසල් මිතුරියක් මුණගැහුනා කියලා අහම්බෙන් වගේ.මම හිතන්නේ අපි හම්බුනේ අවුරුදු හතරකට විතර පස්සේ.අම්මෝ අපිට ඉතින් මෙලෝ සිහියක් නෑ ආගිය කතා කෙලවරක් නෑ.පාර මැද්දේ අපිට අපේ මිනිස්සුන්ව මතකත් නෑ.මීට ටික දවසකට කලින් පිළියන්දල ප්‍රසාද් එක ඇතුලේදි අලුත් වුන අපේ මිතුරු කම ඔන්න මේ වෙනකොට ආයෙත් පාසල් කාලේ වගේම බොහොම සුන්දරව ගෙවී යනවා. එයාලා අපේ ගෙදරත් අපි එයාලගේ ගෙදරත් ගිහින් මිතුරුකම් වැඩි දියුණු කරගත්තා.ඔන්න ඔහොම අපි පවුල් දෙක මුණගැහුන මේ ළඟදී දවසක මගේ යාලුවා මගේ හබියගෙන් අහපි

" දුෂ්මන්ත ... මෙයා තාම මාධවන්ට ලව්ද...." කි
යල. බලන්න ඉතින් මගෙ කාඩ් එක කුඩේ කුඩුනේ මේකි කිසිම චාරයක් නැතුව ඒ අහපු විදියට.හොද වෙලාවට මේ පලහිලව්ව ගැන මගේ හබියත් දන්නවා නැතං ඉතින් පවුලත් කඩා ගන්නනේ වෙන්නෙ.

" හොව්... හොව්.... මොකෝ නැත්තේ ... ඔය තාමත් ෆෝන් එකේ එහෙම තියෙන්නෙ ඔය හැළිවඳුරගේ පින්තූර..." උන්දැත් උත්තර දීපි.

මෙන්න මේ කතාව නිසා තමා කාලෙකට පස්සේ ආ
යෙමත් මට මගේ සිහින කුමාරයව මතක් වුනේ.එයාට මම ආදරේ කරපු තරමට එයා ගැන පෝස්ට් එකක් නොලියන මේ බ්ලොග් එකෙනුත් වැඩක් නෑ.ඔන්න එහෙනම් අහගන්නකෝ මගේ සිහින කුමාරයා ගැන.

********************************************************************

පොඩි කාලේ ඉදන්ම මම රූපවාහිනීයට ඇබ්බැහි වුන කෙනෙක් නෙවෙයි.ඒ කාලෙත් මම ආස කලේ වැඩිපුරම කියවන්නයි ලියන්නයි තමයි.රූපවාහින්නි
යට ඇබ්බැහි නොවෙන්න ප්‍රධානම හේතුව තමා ඒ කාලේ තාත්තා අපිට පනවල තිබුන වාරණය.රෑ අටෙන් පස්සේ කවදාවත් එයා අපිට ටීවි බලන්න දුන්නේ නෑ.ඒ දවස්වල ඕකට සමහර වෙලාවට තාත්තා එක්ක හිත් අමනාපෙන් හිටියත් අදනම් හිතෙනවා එහෙම උන එක හොදයි කියලා.මොකද ඕකට ඇබ්බැහිවෙලා හිටියනම් අද වෙනකොට යන මෙගා කචල් ටික බලන්න මම වෙලාව කොහෙන් හොයන්නද අප්පා.

ඉස්කෝලේ 8 පංතියට විතර එද්දි තමා මට හින්දි චිත්‍
රපට උන්මාදය හැදුනේ. මට විතරක් නෙවෙයි අපේ පංතියේ හැමෝටම මටත් වඩා තදින් ඒ පිස්සුව හැදිලා තිබුනා.එක්තරා නාලිකාවක ඉරිදට හින්දි ෆිල්ම් එකක් පෙන්නනවා ඒ කාලේ තාත්තා ගෙදර හිටියොත් කවදාවත් අපිට ඒ ෆිල්ම් එක බලන්න වාසනාව ලැබුනේ නෑ. ඉස්සර ඉරිදට උදේට නැගිට්ටම අපේ තාත්තව මොන ක්‍රමේකින් හරි ගෙදරින් යවලා දෙන්න බුදු සාදු කියලා මම උදේට පාන පත්තු කලාමත් ප්‍රාර්ථනා කරනවා.ෆිල්ම් එක බලන්න බැරි වුන දවසට පහුවදා ඉස්කෝලේ ගියාම යාලුවෝ රස කර කර කතාව කියනකොට මට අපේ තාත්තා එක්ක ආපු කේන්තිය.....හයියෝ මොකට කියනවද..කොහොම කොහොම හරි පස්සේ පස්සේපේ අම්මාගේ මැදිහත් වීම මත ටීවී එකේ යන ෆිල්ම් එක නොබැලුවත් තාත්තා විසින් තෝරල වීඩියෝ සෙන්ටර් එකකින් රෙන්ට් එකට ගේන චිත්තරපටි බලන්න අපිට වාසනාව ලැබුනා.ඒ කාලේ ඉතින් දැන් වගේ CD ,DVD නෙවෙයිනේ තිබුනේ VHS තැටි තමා තිබුනේ. මට අද වගේ මතකයි අපේ තාත්තා අපිට ඉස්සෙල්ලාම එහෙම ගෙනල්ල දුන්න ෆිල්ම් දෙක තමා අභිමාන් සහ ආරාධනා.මේ වෙනකොට මුලු අලුත් හින්දි සිනමාවම වගේ බලලා තිබුනත් ඒ ෆිල්ම් දෙකේ සින්දු මට නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ.ඊළඟට ඒ වගේම මතක තියෙන අනිත් ෆිල්ම් එක තමා අමීරුයි මධුරියි හිටපු දිල් කියන ෆිල්ම් එක.අපේ තාත්තා ෆිල්ම් එකක් ගෙනාවම ඉස්සෙල්ලල එයා අපි බලන්න කලින් ෆාස්ට් ෆොර්වඩ් කර කර බලනවා මොන වගේ එකක්ද අපිට බලන්න සුදුසුද එහෙම කියලා රැගුම්පාලක මණ්ඩලය අනුමත කලොත් විතරයි අපිට බලන්න පුලුවන්.ඔන්න ඉතින් එදාත්  තාත්තා අපි ඉස්සරහම  දිල් ෆාස්ට් ෆෝර්වඩ් කරනවා. එක පාරටම අමීර් මධුරිව උස්සන් ගිහින් පාලු තැනක දඩෝං ගාලා අත අරිනවා...කට්...කට්... කට්...  ඉතින් ඔන්න දිල් බලලා හමාරයි.රැඟුම්පාලක මහත්තයා  දිල් බැලීම අපිට සපුරා තහනම් කලා.තාත්තා VHS තැටිය අරන් ගිහින් එයාගේ කාමරේ කොහේදෝ හැංගුවා.අක්කයි මමයි මල්ලි අපේ නැන්දගේ පුතයි එදා රෑට කන්නෙත් නැතුව කල්පනා කලා අමීර් මොනවා මධුරිට කරන්න ඇතිද කියල.ඊට පහුවදා ලොකු සංග්‍රාමයක් දියත් කරලා තැටිය හොයාගෙන අපි හිතේ හැටියට දිල් බැලුවා.(අපි ඒක බැලුවා කියලා තාත්තා කවදාවත් දැන ගත්තේ නෑ. අනේ අද හිටියනම් කියන්න තිබුනා )අර සීන් එක එනකොට අපි ඇස් උල් කරගෙන කටවල් ඇරගෙන පුටු ඇදි අත් වලින් තද කරගෙන බලන් හිටියා. හයියූ.... කිසිම දෙයක් නෑ මෙයා... අපේ තාත්තට වලිගෙ පෑගිලා.

මදැයි අද මගේ පෝස්ට් එක මගේ සිහින කුමාරයා ගැන මිසක් බොලිවුඩ් සිනමාව ගැන නෙවෙයිනේ. හරි හරි ඔන්න දැන් තමා සීන් එකට එන්ටර් වෙන්නේ.ඉතින් ඔහොම වැළදුන හින්දි සිනමා උන්මාදයේ මගේ ප්‍රියතම නළුව උනෙත් සුපිරි වීරයා උනෙත් ශා
රුක් ඛාන් තමා ඒක එදා වගේම අදත් එහෙමමයි.හැබැයි එයා මගේ සිහින කුමාරයා නම් උනේ නෑ.එයා කොච්චර වැඩ්ඩෙක් උනත් මට වඩා දෙගුණයක් වයස කෙනෙක් මගේ සිහින කුමාරයා කර ගන්න මට ඕන උනේ නෑ.පංතියේ කෙල්ලො ශාරුක්ව බෙදා ගන්න රණ්ඩු කරද්දි මම මගෙ පාඩුවේ හිටියා.අනික හැමෝම කැමති කෙනෙක්ව මගේ කර ගන්න මට කොහොමවත් උවමනාවක් තිබුනේ නෑ.මම හෙව්වේ මටම කියලා කෙනෙක් මම විතරක්ම කැමති කෙනෙක්.ශාරුක්ට , අභිශේක්ට , ශහීඩ් කපූර්ට , සල්මාන්ට,අමීර්ට පිස්සු හැදුන අය පංතියේ ඕන තරම් හිටියා.එයාලව බෙදා ගන්න බැරුව උන් මරා ගත්තා.

හින්දි සිනමාවට මම කොච්චර ආස උනාද ඒ තරමට
මම ඒ කාලේ දමිළ සිනමාව ප්‍රතික්ශේප කලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි ඒ භාෂාව මට ඇහුනේ හරිම කරච්චලයක් විදියට. ඒත් දවසක් අහම්බෙන් මම අපේ නැන්දලගෙ ගෙදරදී දෙමළ ෆිල්ම් එකක් බලන්න සෙට් උනා.ඔන්න එදා තමා මට මගේ සිහින කුමාරයා මුණ ගැහුනේ. ඒ හිනාව.......... මාව පිස්සු වැට්ටුවා....එහෙම හිනාවක් අදටත් මම කොහේදිවත් කාගෙන්වත් දැකලා නෑ....ඒකේ හිටපු නිළියව අයින් කරලා මුලු චිත්‍රපටියම ඉවර වෙනකන්ම මම එයා එක්ක රගපෑවා...

මාව පිස්සු වට්ටපු හිනාව........


ෆිල්ම් එක අලෙයිපායුදේ ( Alaipayuthey ) ඒකෙ සිංහල තේරුම රැළ්ල නැගෙයි කියනවා වගේ එකක්.ශාලිනි කියන දමිළ නිළිය තමා එයා එක්ක ඒකේ රඟපෑවේ.එදා ඉදන් මම එයාට පිස්සු වැටුනා. නින්දෙනුත් මම එයා එක්ක කතා කලා. මගේ කරුමෙට එයා ගැන දන්න අය මගේ පංතියේ හිටියේ නෑ.( ඒක හොදයි )මොකෝ ඉස්සර අද වගේ අන්තර්ජ
න්ජාලෙවත් තිබුනයෑ හිතූ හිතූ දේ හිතූ හිතූ වෙලාවේ ගහලා හොයලා බලන්න. මට වඩා අවුරුදු දෙකක් පහළ පංතියක හිටපු දමිළ නංගී කෙනෙකුගෙන් තමා මම එයා ගැන විස්තර දැන ගත්තේ.එයා මට වඩා අවුරුදු 15 ක් වැඩිමල් කිව්වට මට ඒක ඇහුනෙවත් නෑ. ඒත් එයා බැඳලා කිව්වම මගේ පපුව හෝස් ගාලා ගියා.මගේ හුස්මත් හිර උනා..ඒත් මම හිත හදා ගත්තා මොකද මට අපේ පංතියේ කා එක්කවත් තරගයක් තිබුනේ නැති නිසා එයාව බෙදා ගන්න. (ඒකම මැදෑ) මම තමා එයාගේ සම්පූර්ණ අයිතිකාරි උනේ.ඊට පස්සේ ඉදන් අර නංගිගෙන් අහගෙන මම එය ඉන්න ෆිල්ම් හොය හොය බැලුවා. ජෝතිකා එක්ක , ත්‍රිශා එක්ක ,භාවනා එක්ක එහෙම තුරුල් වෙවී රඟපානකොට මට වෙලාවකට මරන් කන්න තරම් කේන්තියක් ආවා තමයි.ඒත් ඉතින් එයාට දොස් කියන්නේ කොහොමද එයා දන්නේ නෑනේ මම එයාට ආදරෙයි කියලා.

ගර් ර්... පෙනේද නටන නාඩගං.....


එයා නිසාම මම මේ වෙනකොට අර මම මුලින්ම බලපු එයා ඉන්න අලෙයිපායුදේ විසි තිස් වතාවක් විතර බලලා තියෙනවා. ඒකේ සිංදු පුදුම තරම් ලස්සනයි හරිම ප්‍රේමණීයයි... ම්ම්ම්ම් ... කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ.දැනුත් මගේ ෆෝන් එකේ තියෙන්නේ ඒ ෆිල්ම් එකේ සිංදු තමා.


කාලෙත් එක්ක ගොඩක් දෙවල් වෙනස් උනා. එදා ත
රම්ම උන්මාදයක් නැතත් අදටත් ඉතින් මගේ සිහින කුමාරයානම් එයාම තමා.මගේ හබියාව එහෙම අවුස්සන්න හිතුනම මම එයාගේ සිංදුවක් හයියෙන් දානවා වෝල් පේපර් එකට එයාගේ පින්තූරයක් එහෙම දානවා එතකොට හබියා කියන දෙවල් වලට එයාට විතරක් නෙවෙයි එයාගේ පරම්පරාවටම හචිං යනවා ඇති.පව් අසරණයා. මොනවා උනත් මගේ ඒ ආදරේට මගේ රත්තරං අකුල් හෙලන්නේ නෑ. හි.... හී.... ඒක තමා මට තියෙන සැනසීම.


ඔබේ සිනා මුව මඬළට මං හරි ආසයි...

74 comments:

  1. මාර ස්ටෝරියක්නෙ බොලේ මේක..... මම මේක කලින් දන්නවා නම් චෙන්නායි පැත්තෙ ගිය වෙලේ ඔය මෑන් ව කොහොම හරි කුදලගෙන එනවා ඔයාට බාර දෙන්න... මොනවා උනත් ඔබේ පියා මෙන්ම හබියද ගොඩාක් හොද අය බවද මට දැනේ.... සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. හයියූ අපරාදේ අනේ කලින් දන්නවනම් මම ඔයාට කියනවා ඕකව කුදලගෙන එන්න කියලා.. හි හී....

      Delete
  2. අය්යෝ හිනා වෙලා පණ ගියා මේක කියවලා .මම හිතුවෙ ඔයාගෙ සිහින කුමාරයා වෙන එක්කෙනෙක් කියලා . අනේ ඉතින් පව් අර අසරණ හබියව අවූස්සන එකනම් .

    ReplyDelete
  3. නෑ නෑ මෙයා තමා මගේ එදා ඉදන් අද වෙනකන් එකම සිහින කුමාරයා. ගොඩක් අය ට්‍රයි කලා ඒ තැනට එන්න ඒත් මම නොසැලී හිටියා අනේ..

    ReplyDelete
  4. හික්..හික් මේක කියවලා හිනාවුනාට මොකද කවියෝ කෙල්ලො වෙච්ච අපි හැමෝටම ඔහොම කාලයක් තියෙනවනෙ, මටත් හිටියා එහෙම කුමාරයෙක් හික්.. මතක් වෙද්දිත් හිනා එයා කවුද දන්නවද "smallvile" tv series එකේ ක්ලාක් කෙන්ට් විදිය ට රගපාපු tom welling මතක හැටියට එතකොට මං 7නැත්තන් 8 පංතියෙ හිටියෙ .. කවියා වගෙ මාත් හයියෝ සුපර් මෑන් එක්ක මාත් කොහෙ කොහෙ යන්න ඇද්ද(හීනෙන්)..නොකියා නොකියා හිටියට මොකද අදටත් මං ටොම් ට මාර කැමතියි ..

    කාලෙකට පස්සෙ කවියො සොදුරු සදවතී බලන්න ආවෙ.. කියවන්න දේවල් නම් ගොඩක් ඉතුරුයි .. හැබැයි දෙනුවන් අනුහස නම් කියවන්නෙ බොලා ඒක ඉවරයක් කරපු දවසට තමයි ..හැමදාම වගෙ ඔයාට තව තවත් ලස්සනට ලියන්න මගෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඒකනේ නිශියෝ අපි හැමොටම කාලෙකදි ඔය වගේ පිස්සු තියෙනවනේ.හලි හලී ඉක්මනටම ඔයාට දෙනුවන් අනුහස ඉවර කරලා දෙන්නම් හොදේ

      Delete
    2. ඇයි බොලා දැන් අහසේ පියාබන එක දැන් මදිද

      Delete
  5. 3 idiots film එකේ හිටිය එක idiot කෙනෙක් නේද මේ ???

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් .. අනේ ඒත් එයාට ඉඩියට් කියන්න එපා පව්නේ

      Delete
  6. එහෙම තමයි කෙල්ලෝ උනාම අපි බොළදයි නේ..එව්වා හබීලා තේරුම් ගන්නම ඔනේ :)

    මමත් මේ හිතුවේ කවුද සදාගේ සිහින කුමාරයා කියලා කලින් :)

    ReplyDelete
    Replies
    1. හ්ම් ඔව් ඔය වගේ දෙවල් වලටත් සණ්ඩු සරුවල් කරන අය ඉන්නවනේ අප්පා... ඒ අතින් මමනම් වාසනාවන්තයි

      Delete
  7. හ්ම්... මාත් ආසම නළුවෙක් තමා මෑඩ්:D

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙමද ඉස්සර ඔහොම කවුරු හරි එයාට කැමති කිව්වනම් මම ඒ වෙනුවෙන් දවසක් විතර නොකා නොබී උපවාස කොරනවා.. ඒත් දැන්නම් නෑ.. මෑඩ් නිසා මම මෑඩ් උන තරම්

      Delete
  8. හොද හබීයෙක් ඉන්න හින්දම හොදයි........... :D

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් නැත්තං කොහොමඩ මේව මෙහෙම ප්‍රසිද්ධ කොරන්නෙ

      Delete
  9. මට නම් සිහින කුමාරවරු ගොඩක් හිටියා.(කෙල්ලො චපලයිනෙ)

    මුල්ම සිහින කුමාරයා තමයි අර ඩයනගෙ කොලුවා විලියම්.(දැන් තේරෙන්නෙ, ඒක පිවිතුරු ආදරයක් නෙමේ කියල. අම්මා නැති කොලුවානෙ කියලා ආව අනුකම්පාවක්)

    ඊට පස්සෙ tommorrow people එකේ Adam ට හිටිය කොල්ලා. මේ ළඟදි මතක් වෙලා හොයලා බලද්දි තමයි දැක්කෙ මම පොඩි කාලෙ දැකපු තරම් එයා ලස්සන නෑ කියලා. පොඩ්ඩක්වත් ලස්සන නෑ.
    spell binder 2 එකේ මෙක් තව සිහින කුමාරයෙක්. ඒත් කාටද අනේ පුළුවන් චීනෙක්ව බඳින්න.ඒ නිසා එයාවත් ටික කාලෙකින් අත ඇරලා දැම්මා.
    ocean girl එකේ ජේසන් මතකද? අන්න කොල්ලො....! ඒ සිහිනය නම් කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් හීනෙනුත් පේන්න ගත්තා. ඒත් හැමෝම කෙල්ලො ජේසන් පස්සෙ යන්න ගත්ත නිසා එයාවත් අත ඇරියා "ඔබේ මල් ගොමුවෙන් , මම පිටව යන්නම්" කියලා.

    තව කවුද හිටියෙ...... මතකත් නෑ අප්පා

    ආ...... අපේ ටොම් කුරුස් අයියා/ අංකල්
    ඒත් ඒකත් අත ඇරිලා ගියා මොකද මට වඩා ගොඩාක් වයස කෙනෙක්ට අම්මලා කැමති වෙන 1ක් නැති නිසා. ඔය විදියටම තමයි මෝල්ඩර්ටත් වුනේ.

    ඉතින් කිවුවට විශ්වාස කරයිද මන්දා..... සිහින කුමාරයෙක් නොවුනාට මම ගොඩාක් ප්‍රිය කරන නළුවෙක් ඉන්නවා, වෙන කොහෙවත් නෙමේ, අපේ සිරිලංකාවෙම. නම කියන්නද
    එක්කො ඕනෙ නෑ. එයා තමයි රූගත කිරීම් සිදු නොවුනු දු‍ටුගැමුණු චිත්‍රපටයෙ දු‍ටුගැමුණු ට ජයන්ත චන්ද්‍රසිරි ‍තෝරාගෙන තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. @ සිඳු

      "එයා තමයි රූගත කිරීම් සිදු නොවුනු දු‍ටුගැමුණු චිත්‍රපටයෙ දු‍ටුගැමුණු ට ජයන්ත චන්ද්‍රසිරි ‍තෝරාගෙන තිබුණෙ."

      …ආ මේ අපේ තුමිඳු සර් ගැනනේ කියන්නේ :D

      Delete
    2. අප්පච්චියේ මෙයාට ඉදලා තියෙන ගොඩ.. හි හී .. මටත් ඔහොම කීප දෙනෙක් ගැන අදහස් පහල උනා.. හැබැයි මෙයාගේ හිනාවට තරම් මමනම් වෙන කිසි දේකට පිස්සු වැටුනේ නෑ. කාලයක් BACKSTREET BOYS එකෙ අර කොන්ඩෙ තඹ පාට මැද්දෙන් බෙදලා හිටපු හාදයාට හිත ගියා ඒත් බොහොම ටික කාලයයි. ඊ ලඟට TAITANIC බලලා ජැක්ට බැල්ම දැම්මා ... ඒකත් එපා උනා.පස්සෙ X FILES එකේ FOX MULDER ටත් ලව් කොලා ඒත් වැඩක් නෑ අප්පා උන් එකෙක්ටවත් බැරි උනා මගේ නින්ද හොරකං කරන්න. මාධවන් තමා ඒ හපන් කම කලේ

      Delete
    3. හසිත මල්ලි කෑවානෙ වැඩේ.
      එයාගෙ රඟපෑමට මම ගොඩාක් ආසයි. ඒ වගේ තාත්වික රඟපෑමක් තියන නළුවො අඩුයි ලංකාවෙ. බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ ඒ වගේ තාත්විකව රඟපාන නළුවො

      තුමිඳු සර්??

      Delete
    4. කවුද මේ හැටි මෙයා අගේ කොරන නලුවා හැබෑටම

      Delete
    5. http://www.dailynews.lk/2009/06/08/fea20.asp

      Delete
  10. අය්යෝ මන් මේ සැහෙන බොළඳ ආදර කතාවක් කියල බලන්නත් කම්මැලි වුනා . ශා නියම ආදර කතාවක්නේ . හුහ් මටත් හිටියා ඔහොම අය පේලියක්ම . වැඩිහරියක් ඉතින් පොත් වල තමා . ඔය ශාරුක් ගොය්යට නම් අපේ චුටි බනියත් ආසයි . දැන් නම් මන් ඔය සේරටම පිටුපාල කොරියාව පැත්තෙන් සිහින කුමාරයෝ රාශියක් සොයාගෙන ඉන්නේ .

    ReplyDelete
  11. හරිම සතුටුයි මෙහෙ පැමිණීම ගැනනම් ඔන්න සාදරෙන් පිලිගන්නවා ඔයාව.කොරියාවේ කියනකොට මතක් උනේ අර Full house කියන Drama එකේ නලු බට්ටත් නරකම නෑ ඒත් එයා ගැන වැඩි විස්තරයක් තාම හොයලා බැලුවෙ නෑ

    ReplyDelete
    Replies
    1. ආනේ ඒ අපේ RAIN (Jung Ji-Hoon) කොලුවනෙ. එක කාලයක් මොකද්ද මන්දා ශ්‍රේණිගත කිරීමක ලෝකෙ ජනප්‍රියම පුද්ගලයත් වුණා මෙයා. එයා මගෙත් ආසා කුමාරයෙක්

      නළුවෙක් ට වඩා එයා ප්‍රසිද්ධ RAIN කියන ගායකයා විදියටලු නේද?

      Delete
    2. ම්ම් එහෙමද සිඳු හොයා බලන්න ඕනෙ එයා ගැනත් ටිකක් දැන්මම

      Delete
  12. පස්සේ එන්නං....

    ReplyDelete
  13. අනේ අපොයි නොදොකින් මම මේ මඩක් ගහන්න කට හදාගෙන කියෙව්වා..අන්තිමේදී හිතපු එක නෙමෙයිනේ අප්පා තියෙන්නේ....ග්ර්ර්.....හික් හික් හික් අම්මප මුට දැන් 50 පැනලා නේද..එක්කෝ කමක් නෑ කවිය අක්කටත් දැන් 40 ක් විතරනේ ඉතින්.....මගේ නං 6 වසරේ ඉදන්ම සිහින කුමාරි තමයි අපේ ඉස්කුල් බස් එකේ ගිය සුදු නංගි..අපිට ඔය නොලැබෙන ඒවා පස්සේ ගොහිල්ල කිසම පුරුද්දක් තිබ්බේ නෑනේ...හික් හික්..විහිලුවට හොදේ...

    ReplyDelete
    Replies
    1. හිත රිදෙන කතා කියනන් එපා සිම්බෝ ඉහි ඉහි එයාට තාම 50 උනේ නෑ.පෙනේද මූට හය වසරේ ඉදන්ම මනමාල කම

      Delete
    2. බොට කියන්න 6 වසරේ නෙමෙයි...මට 1 වසරේ ඉදන් පොඩි පොඩි ට්‍රයි තිබුනා...වෙලාවක ඔය ඔක්කොම එවුන් ගැන පොස්ට් එකක් දාන්න ඕන..හික් හික්

      Delete
  14. ඔය චිත්‍රපටයෙ හින්දි කොපියෙ හිටියෙ ෂාරුක්.එහෙම බැලුවොත් හින්දි එකෙත් සිහින් කුමරෙක් ඉඳලා.කෙල්ලට හිටියෙ රේවතී නම් නෙවෙයි.මටත් දැන් මතක නෑ.අපි ඉතින් එකෙක් පතගෙන රණ්ඩු කලේ නෑ.එකෙක් යනකොට අනෙක් නිළිය ඉන්න චිත්‍රපටිය හොයාගෙන බැලුවා මිසක්.

    ReplyDelete
    Replies
    1. අපිනම් එකම පතාගෙන හිටියා

      Delete
    2. ඔව්නේ මට පොඩි වැරදීමක් වෙලා එයා රේවතී නෙවෙයි ශාලිනී ඔන්න මම ඒක වෙනස් කලා ස්තූති

      Delete
  15. හපුච්චියෝ අක්කෝ මරුනේ ඈ...මම මුලින්ම ගියේ වැරදි පාරකනේ අෆ්ෆා...හැබැයි ටිකකින් හරි පාරකට ආවා...

    ReplyDelete
    Replies
    1. හි හී ඒ මොකෝ වැරදි පාරේ ගියෙ මල්ලියේ

      Delete
  16. මට ලැජ්ජාවේ බැ මම ආදරේ කරපු සෙට් එකේ නම් කියන්න ගියොත් මේකේ ඉඩත් මදි වෙනවා

    බෝලාත් නරකම නැ නේද කාවයියෝ
    අනේ ඉතින් අර අසරණ සත්තලන් ගැන තමා මට දුක මෙකි අවුස්ස අවුස්සා ගානට හොදට ඩොන් යනවා ඇති නේද හික්ස්ස්ස්ස්ස්ස්ස් (ලපටි හිනාව )

    ReplyDelete
    Replies
    1. අනේ අනිච්චං මෙයත් පොඩි කමට නෙවෙයි වැඩ

      Delete
    2. ඇයි බෝලාගේ වැඩත් පොඩි කමට නෙම්ද තාත්තට හොරෙන් දිල් බලපු එක කැතයි හරිය

      Delete
  17. 3 ඉඩියට්ස් එකේ නං මුන්දැ නියමෙටම රගපානවා... නැද්ද අක්කියෝ.
    ඔයාගෙ හබියා හොද හින්දා හොදයි අප්පා!

    ReplyDelete
    Replies
    1. ඒකේ විතලක් නෙවෙයි හනේ එයා හැම එකේම හොදට රඟපානවා... ඔව් ඔව් ඒකනේ මම එයා වගේ සෝයි හබියෙක් හොයා ගත්තේ

      Delete
    2. මේකා බිප්ස් එක්කත් හොදට රගපානව jodi breakers ෆිල්ම් එකේ හා නැද්ද හොදයි


      (හැබැයි පොඩ්ඩක් නාකි පාටයි නේද :පි

      Delete
    3. හිත රිදෙන කතා කියන්න එපා

      Delete
    4. මෙන්න කාවයියා අඩනවා

      Delete
  18. බලාන ගියාම කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකයිනේ. හැමෝම නළුවන්ට නිළියන්ට ආදරේ කරනවනේ. ඉස්සර නම් මගේ ආදරී තමයි අම්රිතා රාඕ, (මේ හුනා බලල තමයි එයාට පිස්සු වැටුනේ), මම තමයි අක්ක කියනවා වගේ එයත් එක්ක රඟපාන්නේ....... පස්සේ එයා බැන්දද කොහෙද , ඊට පස්සේ හීන කුමාරි ජෙනිලියා අක්ක. ( ඒ නම් පත්තරේක පින්තුරයක් දැකල. ) හයියෝ එයත් බැන්ද මේ ලඟදි... මමත් ඉස්සර හින්දි ෆිල්ම් බලන්න මාරම අසයි. අර ඉරිදා යන ෆිල්ම් මමත් බැලුවනේ. දෙමල ෆිල්ම් මමත් කෙමති නෑ. ඒවායේ සෝබන වැඩි හින්ද. එත් අහම්බෙන් කාවලන් බැලුව මේ ලඟදි..කොහොමෙන් කොහොම හරි දෙමල ෆිල්ම් වල සිරා වගේ ලව් ස්ටෝරි යනවා කොච්චර බොළඳ වුනත්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් මෙයා අක්කලටමනෙ ලව් කරලා තියෙන්නෙ. මම මෙයා නිසාමයි දෙමළ ෆිල්ම් බලන්න පුරුදු උනේ නැතං මට දෙමල අරහං

      Delete
  19. ඔයා මට කිව්වෙවත් නෑනේ චිත්‍රපටියකත් රගපෑවා කියලා...
    මගේ නම් ඉතිං සිහින කුමාරයා තමයි කාර්තී. අම්මෝ එයාගෙත් තියෙන්නෙ ඔය වගේ අමුතු හිනාවක්. එයා රගපාද්දි සිංදුව නතර කරලා මම මූණ දිහා බලන් ඉන්නවා. පින්තූර තියෙනවා ඇති වෙන්න. ඇයි සිංදු. වෙන නිළියො බදන් නටද්දි නම් අම්මෝ පට්ට දුකයි. හැබැයි මම ආසයි එයයි තැමැන්නයි රගපානවට.

    ReplyDelete
    Replies
    1. එක ෆිල්ම් එකක නෙවෙයි අනේ මම මෙයාගේ බලපු හැම ෆිල්ම් එකේම නිලියව කපලා මම තමා නිළිය උනේ.

      Delete
  20. හයියෝ සල්ලි.. මම මුකුත් නොකියමි.. ඉදිරියට මේ වගේ දේ අහන්නට සූදානම් වෙමි..

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ මුකුත් නොකියන්නේ

      Delete
  21. මේක හීන මන්දිරයක් බොලව්..

    ReplyDelete
  22. ඉතින් ලංකාවට එනවෙලාවක යන්නකෝ එයාව බලන්න ...

    ReplyDelete
    Replies
    1. ඕනෙ නෑ අනේ මම සිතින් විතරක් පෙම් කරනවා දුරින් ඉදන් විතරක් බලනවා

      Delete
  23. අවුරුදු හතක් වෙනව බැදලා අප දෙන්නා....
    ශාරුක් ඛාන් ගැනයි නිතරම ඔබ පවසන්නේ..
    පඩි ටික එකතු කරල රන්මාලය මම දැම්මෙ
    ශාරුක් ඛාන්ට වගෙ මට කවදද සලකන්නෙ....?

    ReplyDelete
    Replies
    1. ඕක මම හදපු එකක් නෙමි නංගි..කිංස්ලි පිරිස් ගේ සින්දුවක්. මෙන්න ලින්ක් එක, මම කියනවට අහල බලන්න.
      එකේ කියන්නෙත් ඔයා වගේ කෙනෙක් ගැන..
      http://ananmanan.org/sinhala_mp3/Kingsly_Peries_Awurudu_Hatharak_Api.mp3

      Delete
  24. හයියූ............මට ලැජ්ජා බරත් හැදුනා මේක කියෝලා... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි රජාට ලැජ්ජාව කියන එකත් තියෙනවා එහෙනම්

      Delete
  25. හයියො මගේත් සිහින කුමාරියො ගොඩාක් ඉන්නවා මගේ චාට් එකත් කියන්නම් කො...

    01, 4 වසරේදි පරිසරය පාඩම උගන්නපු ටිචර්..
    02, 8 වසරේදි දහම් පාසලේ දි හම්බවුන කෙල්ලෙක්.. එතකොට එයා ගහෙන් වැටිලා හිටියෙත් නැ.. ගහෙන් වැටෙනකං හිටියා එයාගෙන් කැමත්ත අහන්න.. මුලින්ම පුරැෂ ධෛරය අරන් කැමත්ත ඇහුව එයා කිව්වේ O/L ඉවර වෙනකං ඉන්න කියලා.. එ වුනාට 10 වසරේදි ස්කුල් වැන් එකේ අයියා එක්ක යාලුවේලා විභාගේ ලං වෙනකොට පැනලා ගියා....

    03, ජෙසිකා ඇල්බා... මුලු සර්වාගේටම ආදරේයි...
    04, පරිසරය පාඩම උගන්වපු ටිචර්ගේ දුව.. එකිට ඉස්කොලේ හැමොම ට්‍රයි කලා.. එත් වැඩක් වුනේ නැ.. අපේ සාප වැදිලමද කොහොද තාමත් බැදලා නැ....

    චාට් එකේ 11ක් ඉන්නවා ඉතුරැ එවුන් ටික ප්‍රසිද්ධ ස්ථාන වල කියන්න බැ.. එතකොට හැමොම මට බාල්දි දායි..

    ReplyDelete
    Replies
    1. හික්z අයියෝ මට හිනා මම ඒත් බැලුවා ඔයා පරක්කු මොකෝ කියලා අන්න වෝල් එකත් අලුත් වෙලා දැන් සෝයි ඔයා එන්නකෝ

      Delete
    2. ඔව් ඔයා ලියන එවා වගේම මේකත් ලස්සනයි... ඔක්කොම ලස්සනයි

      Delete
    3. හෑක් ...... යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ

      Delete
    4. බල කරවල 250කුයි... උම්මබලකට 100කුයි අරන් එන්නම්...

      Delete
    5. හැක හැක පූ අනේ අනේ බං අනිත් ලිස්ට් එකම කියපන්කො අනේ අනේ පූ

      Delete
    6. This comment has been removed by the author.

      Delete
  26. ඔන්න මමත් ආවා සොදුරු සදවති බලන්න මේ පැත්තට....

    ඔයා කිව්වා වගේම සිහින කුමාරයගේ හිනාව නම් ලස්සනයි..ආස හිතෙන ලස්සන මතක ‍ටිකකුත් තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තූති පැමිණීමට. ඒකනේ බලන්න ඒ හිනාව කොච්චර ලස්සනද කියල...

      Delete
  27. මමත් මේ බැලුවා අක්කගේ සිහින කුමාරයා කවුද කියලා.. ඔන්න මමත් මාධවන්ගේ හිනාවට නම් හරිම ආසයිළු.. කොහොම වුනත් එහෙම බෙදාගන්න ඕනේ නැති සිහින කුමාරයෙක් ඉන්නකොට දැන්නෙනේ ලොකු සතුටක්. ඇයි අෆ්ෆා නැත්නම් කී දෙනෙක් එක්ක රණ්ඩු කරන්නද "එයා ඔයාගේ නෙවෙයි මගේ' කිය කියා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ නගෝ හැමෝම කැමති කෙනෙක් හොයා ගත්තම මලකරදරේ,

      Delete
  28. මාධවන්ගේ හිනාවෙ ලස්සන..;)

    හිත හිරි වැටෙනවා... ම්ම්.. මටත් ඉන්නවා ඔහොම සිහින කුමාරයෝ...

    ReplyDelete
    Replies
    1. හි හී හිතූගේ සිහිනකුමාරයෙක් නේද ශහීඩ් කපූර්

      Delete
  29. හික් හික් මම මේක දැන් නේ දැක්කේ..හික් හික්
    මම නම් මුකුත් කියන්නේ නෑ.....වරිගේ නැහෙනවා නේ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් මෙයාටත් ඇති පූවට වගේ ලිස්ට් එකක්ම

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...