සඳට බැළුම් හෙලූ අය

Jun 14, 2016

නුඹ ගියාම දුක මට දී !








ජීවිතේ ඉස්සරම දවසක
යද්දි තනි මඟ හුදකලාවම
ඇවිත් මගෙ ඇස් ඉස්සරහටම
ආදරෙයි පණ වගේ ඇත්තට
කියා මගෙ හිත මුලා කල සඳ
රැවටුණා මගෙ බොළඳ හදවත

හීන හැමකට ඇවිත් හනිකට
මටත් මගෙ හිත අයිති නැති කොට
මගේ අහසට නුඹයි පුර හඳ
කියා පෙන්නා අහසෙ තරු කැට
බලෙන් පුබුදා පියුම් විල හද
උරා ගත්තා නැවුම් රොන් පොද

පුදා බැති සිත තබා පුඳසුන
වෙන් කලා හද දෙවොළම නුඹටම
මහාගිරිදඹ වගේ උසකට
අරන් විත් මහ දුරක් හනිකට
යනවවත් නොකියාම දවසක
ගිහින් නුඹ මං තාම එතනම

2 comments:

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ආදරෙයි උතුරන්න !

දුරුත්තේ හීතල හිත කොනිත්තන වෙලාවට ඉස්පාසුවක් නැති හිතත් වත්තන් කරන් ඉවක් බවක් නැතුව මේ කොන්ක්‍රීට් වනාන්තරේ පුරා ඉබාගාතෙ ඇවිදින එක දැන් දැන්...