සඳට බැළුම් හෙලූ අය
Oct 26, 2016
අද හොදම දවස ඔබ එනවානම් !
වැහි බීරම ගළන
මේ සොඳුරු රාත්‍රිය බදාගෙන
මුඳු සුළඟ වියරුවෙන්
හාදු දෙන වෙලාවක
අකුණු සර මුවා කර
ඔබ එන්න.....
අපෙ ඇස් අපි දකින
පළමු තප්පරේදිම
ඔබ ගෙනා හාදු කන්දම
ඉතින් දෙන්න...
උසම උස මධු බඳුන
උතුරන්න පුරවාපු
ආදරේ රතු වයින්
බෙදාගෙන බිඳෙන් බිඳ
තොල ගාන්නට එන්න...
ආදරෙන් මත් වෙලා
ඔබේ ඇස් පියවෙද්දි
නුඹෙ හඬින් මං
අහන්නම ආස වික්ටර්ගෙ
සසර සැරිසරණ තෙක්
ඔබ මගේ... ඔබ මගේ
මුමුණන්න....
ඉතින් ඔබ එනවනම්
අද තමයි ඒ දවස
තවත් කල් නෑර
ඔබ එන්න...
Subscribe to:
Post Comments (Atom)
දිනූ මගේ යකෝව්....!
මෝඩ තරිඳු බැලුවාය.කෙටියෙන්ම කියනවා නම් මරුය..මරේ මරුය.සතියේ දවසක 7.30 ශෝ එකද හවුස්ම ෆුල් ය.මියුසික් අතිවිශිෂ්ටය..හැමෝගෙම ඇක්ටිං ද එහෙමය.මං ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
සුන්දර සුවබර බිනර මාසයක් වේවා ඔයාලට!💐💐💐 බොහොම අවිවේකී සති අන්තයකට පස්සෙ සදුඳාට එළිය වැටුනේ අලුත් මාසයක් එක්කමයි.සැප්තැම්බර් ඒ කියන්නෙ ...

දින ගණන් මග බලා තවත් බෑ ඉවසන්න
ReplyDeleteඅඳුරු අහසක් වෙලා සීතලේ දැවටෙන්න
මුදු දෙතොල් මත්වෙලා රෑ සුවය විඳ ගන්න
මගේ නෙත දුවනවා නුඹේ රුව දැකගන්න
සඳේ එළියෙන් මග අසාගෙන
නුඹ මගේ යෑයි ගී කියාගෙන
හොඳම දවස අද බව සිතාගෙන
හනික එමි මම නුඹ සොයාගෙන......
ජයවේවා!!!
/////හනික එමි මම නුඹ සොයාගෙන......///////
Deleteයන්නේ බස් එකේ නම් මතක ඇතිව ටිකට් ගනින් කොල්ලෝ....
නෑ බං අරූ.. මට සීසන් එක තියෙනෝ... .
Deleteම්ම්ම් අපූරු පිලිතුරු කවක්.... සුන්දරයි...
Deleteතවමත් මඟ බලාගෙන හිදිමි..
ReplyDeleteහ්ම්ම්ම්ම් දුක තමා
Deleteසියොලඟම සීතලෙන් හිරිවැටුන වෙලාවක
ReplyDeleteඋණුසුම්ව පණ ගැහෙන ආදරය පුරවගන
"සසර සැරි සරන තෙක්" මගේවුන ඔබ ලඟට
සත්තමයි මම එනවා හීන ගොන්නක් රැගෙන
හරිම ලස්සන පද...ස්තූති ඔයාට
Delete//සසර සැරිසරණ තෙක්
ReplyDeleteඔබ මගේ... ඔබ මගේ //
මේ පාර බැඳ ගත්ත මදිවට අනික් ඔක්කොම ආත්ම වලටත් කියල අත්සන් කරන නෑනෙ. වෙන ආත්මවලවත් ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල් බීෆ් එකක් කන්න වෙන වෙන අයව බඳින්නත් චාන්ස් එක දෙමු. හෙහ් හෙහ්
හප්පා... එහෙම කොහොමද මගේ සත්තලන්ටනම් මම තව ආත්ම හතකට ගැලවෙන්න දෙන්නෙ නෑ
Deleteහපොයි අසරණ සත්තලන්. ආත්ම හතක්ම...?
Deleteවැසි වසී සුළං හමයි
ReplyDeleteඔබ තෙමෙයි කියා මට බයයි...!
අන්න ලස්සන සිංදුවක්
Deleteඅනේ පව්...ආවේ නැත්නම්...
ReplyDeleteදුක තමා ඉතින්
Deleteඔයා හරිම සෙන්ටිමෙන්ටල් නේද
ReplyDeleteආදරේදී ඉතින් කවුරුත් සෙන්ටිමෙන්ටල්නෙ අප්පා
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete