සඳට බැළුම් හෙලූ අය

Dec 4, 2016

ඕනෙම නෑ !


හිතින් හිත බැඳෙන්න  අතින් අත අල්ලනම ඕනෙ නෑ..
බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න
ඇස් වලින් කතා කරන්නම ඕනෙ නෑ...
ආදරේ දැනෙන්න පපුවට තුරුළු වෙන්න
නළලට හාදු දෙන්නම ඕනෙ නෑ...
ආත්මගත බැඳීම් වලට නමක් තියෙන්නම ඕනෙ නෑ...
ඔයා ගැනම හීන මවන්න මට
ඔයාගෙන්වත් අවසර ඕනෙ නෑ...
අඩුම තරමෙ මම ඔයාට ආදරේ කියල
ඔයාට කියන්නවත් මට ඕනෙ නෑ...
ඒත්.... දන්නවද...
මං ඔයාට  ආදරෙයි.... මහ හුඟක්...


11 comments:

  1. කාත් කවුරුත් නොමැති හද දෙස ඈතකින් හිඳ බලාපූ
    යාන් තමකින් වත් නොදී ඉඟි එහෙත් මගෙ හිත දවාපූ
    ආත් මයක බැඳි සෙනෙහෙ වෙනුවෙන් කුමට නම් පද ගොතාපූ
    මාත් විඳිනවා මෙමට ඇති පෙම තාම නුඹ මට නොකීපූ........

    ශානි... ශානී.... එකකට එකක් නොදෙවෙනි මේ වගේ ලස්සන හැඟුම් කවි කරන්න තරම් ශානිට තියෙන හැකියාවට මගේ සුභ පැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූති දුමී ඔයාට නිතරම මේ දෙන දිරියට...

      Delete
  2. //හිතින් හිත බැඳෙන්න අතින් අත අල්ලනම ඕනෙ නෑ.///

    මේක නම් හරියට හරි ශානී :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඒකනේ.. ස්තුතී හීන දකින්නී

      Delete
  3. ආදරෙයිනං මහ හුඟක්..
    සිතිවිල්ලක්ම ඇති විඳගන්න ඒ ආදරෙන් බිඳක්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඉතින් මුකුත් නොකිව්වත් අදාල කෙනා මේව්වා තේරුම් ගත්තොත්...

      Delete
  4. ඇත්තටමහරිම හැඟීම් බර කවි සිතුවිල්ලක් මටත් තිබුනා එහෙම ආදරයක් ඉවසල ඉවසල අන්තිමේදි මම වාසනාවන්ත වුනා ඒ ආදරය ලබන්න.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එකනේ ඉතින් ඔයා කොච්චර වාසනාවන්තයිද.. සතුටුයි කටකාරි...

      Delete
  5. මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා..

    මගේම වෙන්න නම් මගේ නොවී තියෙන එක අනිවාර්යයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් අහිමි වුන ඒත් හිමි වුන ආදරයක්

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...