සඳට බැළුම් හෙලූ අය

Dec 15, 2016

රිදෙන හිත පිරිමදිමි හීතලට !






හීතලේ හිම කටුව ඇමිණී
යද්දි මතකෙන් ලේ ගලා
අදත් හිමිහිට ඇවිද යමි තනි
මාවතේ අයිනට වෙලා...

කාත් කවුරුත් නොමැති මානෙක
තනි කුඩේ යට තනි වෙලා
හීතලේ හිම කුණාටුවකට
රිදෙන හිත පිරියම් කලා...

අහස් ගඟ මේ තරම් වියරුව
හඬද්දී විදුලිය මවා
මගේ අහසට ඔයා එන්නෙම
හීන් පිණි අහුරක් වෙලා...

යාන්තම්වත් නොදී අවසර
කියන්නට හද රැඳි කතා
මේ තරම් හරි හදිස්සියෙ ඇයි
ගියේ දෑතින් ගිලිහිලා...



14 comments:

  1. සිහින් පිණි අහුරු ඔබ මුව හලා
    මෝසම් සුළගේ සැඟවී
    ඈතින් ඈතට පියනගිමි...
    ඈතින් සිට ඔබ රුව දකිමි සැමදා
    කාත් කවුරුවත් නොමැති මානේ...!



    ReplyDelete
    Replies
    1. ස්තුතී මේ ලස්සන සිතුවිලි වලට

      Delete
  2. ''මගේ අහසට ඔයා එන්නෙම
    හීන් පිණි අහුරක් වෙලා...''

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හරිම අපූරුයි දුමී , ස්තූතී ඔයාට.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. හිම සීත රැඳි දිනෙක
      උයන් කොනකදි තනිවෙලා
      නිම නොවන පෙම් කවක
      මටත් ළංවී මුමුණලා
      හැම දුකම රැඳි හදක
      නුඹේ දෑතින් ගිලිහිලා
      මම නොආවත් මගේ සුසුමක
      සුව එවමි පිණි තවරලා.....

      ශානි. වැඩ කරන ගමන් කලින් කොමෙන්ට් එක දැම්මේ. ඒත් ඒක ගැලපෙන්නේ නෑ වගේ. වචන එහෙ මෙහෙ කරලා මෙන්න ලිව්වා අලුත් කවිය.

      ජයවේවා!!!

      Delete
    4. ඒකටත් වඩා මේක හොදයිද බලන්න ඒකත් තියන්න තිබුනනේ...

      Delete
  4. /////අහස් ගඟ මේ තරම් වියරුව
    හඬද්දී විදුලිය මවා
    මගේ අහසට ඔයා එන්නෙම
    හීන් පිණි අහුරක් වෙලා.............//////////////

    අම්මෝ මයිල් ඉස්මයිල් වුනා...

    ReplyDelete
    Replies
    1. හි හී විදුලි කොටනකොට කොහොමත් එහෙම වෙනෝනෙ

      Delete
  5. ආයෙත් ඔයාගෙ රොමෑන්ස්...ඔයාගෙ ෆීලින්ග්ස් හැම දාම ඔතන තියාගෙන ඉන්න එකත් ලේසි නෑ...එක්කො ඔයා එක්ස්ට්‍රීම්ලි වර්චුවල්..නැත්නම් එක්ස්ට්‍රීම්ලි ඉන් ලව් ඔර් ලස්ට්...
    ගොඩක් වෙලාවට ලස්ට් ඕවර් ලව් වගේ...මොකෝ කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. හම්මේ උත්තර දෙන්න ප්‍රමාද වීම ගැන මගේ බලවත් කණගාටුව.අද තමා දවස් ගාණකට පස්සේ අන්තර්ජාලෙට ආවේ.ම්ම්ම් මෙහෙමයි ඔබතුමා කියලා තියෙන සේරම තියෙනෝ කියල පිලිගන්නවට වඩා මෙහෙම කියන්නම්කෝ.
      මම ප්‍රේමය පරතෙරටම විඳවපු කෙනෙක්,ඒ ප්‍රේමයම ගැඹුරින්ම විඳින කෙනෙක් ඉතින් මගේ බොහෝ නිර්මාණ වලට ප්‍රේමයේ විරහවත් ප්‍රේමයේ සොඳුරු සරාඟී බවත් නිරායාසයෙන්ම ලියවෙනවා.විඳින විඳවන දෙයක් සිතුවිල්ලක් කරන එක හරිම ලේසී.හැබැයි හත්වලාමේ මේ ලියන හැම දේකම ඉන්නේ මම නෙවෙයි.මම ලව් , ලස්ට්, රොමෑන්ස් වලට එහා ගිය විව්ධ දෙවල් ලියනෝ හැබැයි ඉතින් ඔයා මේ පැත්තට එන්නෙම මම මෙහෙම මේ වගේ පිස්සුවක් දාපු වෙලාවටමනේ. හි හී

      Delete
    2. ඒක පිස්සුවක් නෙවේ...කොහොම උනත් මට හැම දාම ඔයාගේ ලස්ට් පිරුණු රොමෑන්ස් ගෑවුණු පෝස්ට් තමයි අර කිව්වත් වගේ සෙට් වෙන්නෙ...බලමුකෝ අර ඊට එහා ගිය එකක් ඊළඟ පෝස්ට් එකෙන්

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...