සඳට බැළුම් හෙලූ අය

Dec 22, 2016

මා දවා ලූ ඒ ඇස් !



ඉතින් අද මේ ලියවෙන්නේ වෙන කෙනෙකුගේ අත්දැකීමක්  මගේ කරගෙන ලියපු පද පෙළක්.කාගෙද කින්ද මන්ද කියලා මම නොකිව්වත් මේකේ නිධාන කතාව දන්නෝ දැනගනීවි මේ කාගේ අත්දැකීමක්ද කියල.ඒත් ඉතින් නොදන්න අයගේ දැනගැනීම පිණිස කියන්නම්කෝ.මෙන්න මෙයාගේ මේ කතන්දරේ කියවලා  තමා මගේ හිතට මේ සිතුවිල්ල ආවේ. ඔව් ඔව් මේ අර ගින්දර වගේ දයියා බ්ලොග් එක ලියන කොච්චි මිරිස්ගේ අස්ගිරියේ වැස්ස ගැන කතාව තමා.
                                       මම කියවන නවකතාවක්, බලන ෆිල්ම් එකක්,කවියක් , කතාවක් ඩෝං ගාලා මගේ හිතට වැදුනොත් ඒ ගැන  මගේ අතින් මොනාම හරි ලියවෙන එක මගේ පුරුද්දක්. ඉතින් මේකත් ඒ වගේ මගේ හිතට වැදුන කතාවක්  විශේෂයෙන්ම මේක නුවර සම්භන්ධ සිදුවීමක් නිසා මගේ හිතට බොහොම දැනුනා. ඒ  මම නුවරට ගොඩක් ආදරේ නිසා.ඉතින් ඒ නිසාම මෙන්න මේ විදියට මගේ අතින් නිරායාසයෙන්ම ලියවුනා.




මුඳු සුළඟ පවා වියරුව හමන රෑක
හඬනවා මහා සද්දෙට නුවර අහස
හීතලට ඇවිලිච්ච ඇස් දෙකක පහස
අහනවා තුරුලු වෙන්නද සොඳුරු රෑක

හන්තාන වගේ මහ දුකක් උහුලාන
නුවර පාරක් ගානෙ දුකම වපුරාන
කිරි මුහුදෙ රැළි මතට අතහැරපු හීන
ගැන වගක් නැතුව මල් හීය මට පාන

බුර බුරා නැගෙන සිතුවිළි සිතුම් රෑන
මහවැලිය වාං දමනව වගෙයි රැඟුම් පාන
ඇස් වලින් ඇස්  අල්ලගෙන හීය මාන
මේ වැස්සෙ තෙතබරිත වෙන්නටම අහන

ඇඟිලි තුඩු මානයේ පිපි කොබෝලීල
මලකි පෙති විදා රොන් සුවඳ මට ගේන
මල් කෙමියෙ සරන්නට නොයා සිතුසේම
සිල් නොබිඳ සුව වින්දෙ දුරින් හිද පේන

අදත් මහ වැසි වැටෙන මේ වගේ රෑක
සිතින් මං මවාගෙන අස්ගිරියෙ අහස
දෙසැම්බර් සීතලට ගිනි ගත්ත දෑස
කෝ කොහිද හොයනවා තනිවෙච්ච රෑක

31 comments:

  1. අපූරු, දැනෙන කවි ටිකක්නෙ මේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතී දුමී ක්‍රෙඩිට් එකෙන් භාගයක් කොච්චිටත් දෙමු නේද මොකද එයාගෙ කතාවේ ලස්සන නිසයි මගේ කවිය ලස්සන උනෙත්.

      Delete
    2. නැතුව නැතුව. කොච්චිගේ ලිපිය මමත් කියෙව්වා. ඒ රහ බලද්දි මේ වගේම කවි සිතුවිල්ලක් මටත් දැණුනා. ඒත් ශානි ඒ කතාව අපූරුවට කවි කරලා. ඒ හින්දා දෙන්නටම ස්තූතිය.

      ජයවේවා!!!

      Delete
  2. නුවර ගැන හිතෙනකොටත් හිරිගඩු පිපිනෙවා සොඳුරු...ඔයා මාරයි...!

    ReplyDelete
  3. Wow...amazing.
    මේක කියවන්න මම ඊයේ ඉඳන් බලන් උන්නෙ. මගේ සිතිවිලි ටික ගානට මිම්මට කිරලා ලියලා තියෙනවා. ආයෙ වචන දෙකක් නෑ පට්ටයි. සීන් එක මගෙ නිසාත් මගේ කෝණෙන් ලියවුණ නිසාත් මට මේක තවත් රහයි. ස්තූතියි සඳවතී..

    ReplyDelete
    Replies
    1. හප්පා... කතාවේ අයිතිකරුට පට්ටනම් අන්න මට සතුටුයි.මේ සිදුවීම හිතට වැදුනට පස්සේ මමත් කල්පනා කලා මේක ඔයාගේ කෝණෙන් ලියනවද ඇගේ කෝණෙන් ලියනවද කියලා.ඒත් ඇගේ ඇස් වල තිබුනේ ප්‍රේමාරාධනාවක් නොවන නිසාත් ඇය ඒ ආරාධනාව කරල තියෙන්නෙ ඔයාට විතරක් නොවන නිසාත් ඈ ගැන සියුම් නොරිස්සුමක් හිතට දැනුනා.ඒ නිසා ඒ පැත්ත ගැන නොලියන්න හිතුවා.

      Delete
    2. මගේ කෝණෙන් ලිව්ව එක හොඳයි. එයාගෙ කෝණෙන් ලියනවා නම් ලියන්න තියෙන්නෙ එවේලෙ මගේ ප්‍රතිචාරය එයා බලාපොරොත්තු වුණු එක නොවුණාම ඒ මොහොතේ එයා තුල ඇතිවූ මානසික මෙන්ම ශාරීරික පීඩාව ගැන

      Delete
    3. ඇගේ ආරාධනය එදා මට විතරයි... මගේ මිත්‍රයා ඒ වැස්සට තෙමුනේ මාස කීපෙකට පස්සෙ මට මතක හැටියට

      Delete
    4. ඔව් කොහොම උනත් එයාගෙ ඇස් වල ප්‍රේමණීය බැල්මක් තිබුනනම් තමා මම මනාප.එහෙම උනානම් මට පැණි බේරෙන රස වෑහෙන කවියක් ලියන්න තිබුනා එයාගේ පැත්තෙන්

      Delete
    5. ඒ විදියේ එකක් මම ලියාවි ජනවාරියේ

      Delete
    6. හා... ලියන්නකෝ එහෙනම් බලන්න

      Delete
  4. හමා එන මඳ සුලඟ
    හිරිගඩු පුපුදයි ගත මත
    එලා ඇති මිහිදුම් සලුව
    නිවාලයි දෑසේ විඩාව
    නුවර අහස යට වූ ඒ සිසිල
    සිහිකරයි
    කොලඹ අහස යට
    විඩාව විඳින විට

    ඔයාගෙ පද පෙළ අපුඍුයි ශානි... නුවර සිසිල වගේම සෞම්‍යයි....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූති නිර්මාණී මේ කවියේ නිධාන කතාවත් කියවලාම බලන්න

      Delete
  5. ආරාධනා සැඟවුන මුදු සඳපාන
    දැක තෙත් වැදී හීගඬු මතුවුන හීන
    දරදඬු පිරිමි හිත මත හිමිහිට රූ අඳින
    වැසුවා දෙනෙත නොපෙනෙන ලෙස දඟ නයන

    කවිය එළයැ ' හොඳේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතී කටුසු...මේ කවත් අපූරු නොවැ

      Delete
  6. කවි ටික නොම්බර එකයි ඈ. කවි ලියන්න බැරි මට ඔයා ගේ කවි ගැන මාර ජෙලක් ඇතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූති ඔබේ ආගමනයට මේ පැත්තට. අපෝ එහෙම ඊරිසියා කොරන්න තරම් හැකියාවක් නෑ මට යන්තම් ගැටගහ ගන්නවා මොනා හරි

      Delete
  7. හැම කෙල්ලලෙක්ටම - කොල්ලෙක්ටම නුවර ගැන කතාවක් තියෙනවා වගෙයි.. ඒකත් පුදුම වැඩක්.කතන්දරයක් ලියන්න තරම් දේවල් මතක් වුණා මේ කවි පෙළත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔයාටත් වැස්ස වගේ නමක් ද තියෙන්නෙ

      Delete
    2. ඔව් වැහි දැරිවියේ නුවර ගැන ලිව්ව කවි මහ ගොඩක් තියෙනෝ.

      Delete
  8. සිල් නොබිඳ සුව වින්දෙ දුරින් හිද පේන
    ////////
    කොච්චියට පිස්සුනේ. ලස්සන කවි ටික.

    ReplyDelete
    Replies
    1. මමනම් කැමති එයා සිල් නොබිඳ ගත් නිසයි

      Delete
    2. ඔය වගේ වෙලාවක සිල් බිඳ නොගෙන ඉන්න එකේ අපහසුව ඔයාගෙ ගෑනු හිතට වඩා ගනකමට ඔය කමෙන්ට් කරන පිරිමි හිත් දන්නවා..ඇත්තටම කාලයක් ගියාම හිතෙනවා කොහොමද එහෙම උන්නෙ කියලා

      Delete
    3. ම්ම්ම් ඒකත් එහෙමද ?

      Delete
  9. ෆැන්ටසිය තමයි සිල් නොබිද ගැනීම...

    ReplyDelete
    Replies
    1. කොච්චියා හැමදාම ෆැන්ටසිය පවත්වාගන්න කැමතියි

      Delete
    2. අන්න ඒකනේ , ස්තූතී රස්තියාදුකාරයා මේ පැත්තෙත් රස්තියාදුවේ ආවට.

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

ඒකපාර්ශික !

      සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...