සඳට බැළුම් හෙලූ අය

සඳවතී මං

My photo
රෑ අහස එළිකරන... සිත් අහස සරසවන... තරුවකට පෙම් බඳින... සොඳුරු සඳවතිය .... මං...

Feb 3, 2017

සංසාර ආදරේ රස දැනේ !



සෙංකඩගල අහසේ සඳ මල පිපිලා
සක්මන් මලුව පුරා සඳ රැස් වැටිලා
තහනම් මල් සුවඳින් සියොළඟ සැළිලා
මගෙ පපුවට තුරුලුව නිදන්න ප්‍රමිලා

වාසල උයන් කොනේ තල මම පිපිලා
බඹරුන් පියඹනවා මල් රොන් සොයලා
රෑ සඳ මෝරනවා සෙනෙහස පුරලා
දස්කොන් සකිසඳ මේ බලන්න හැරිලා

සෙංකඩගල කිරුළට මෙහෙසිය වීලා
මදුරාපුරෙන් ආපු කුමරිය ප්‍රමිලා
රෑ මැද නුඹ තනිකර යන මගහැරලා
සෙල්ලම් නිරිඳුට නෑ නුඹෙ රස දැනිලා

කන්දෙන් එහා අන්න ළා ඉර නැගිලා
තව මොහොතකින් යාවි මේ රැය නිවිලා
දස්කොන් මගෙ ළය මත ඔය හිස තියලා
තව  පාරක් කියන්න ආදරෙ කියලා

සීමා පවුරු උඩින් මේ බැමි සිඳලා
පන රැකුනොත් එනවා සත්තයි සොයලා
මගෙ හද විලේ පිපුණු සියපත ප්‍රමිලා
අසිපත ළඟ නොහැරෙමි මේ පෙම බිඳලා

37 comments:

  1. මට මතක් වුනේ දම් පාටින් ලා සද බැස යනවා ගීතය...
    මොකද ඒකෙන් කියන්නෙ මේ වගේ ගීතයක්නේ සුපිරිම කවියනම්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් නේද ඒකත් තහනම් ප්‍රේමයක් නොවැ

      Delete
  2. මලුත් පිපෙනවා නුවර පුරාවට සුවඳ අමතක වී ගිහින්
    සඳත් නැගෙනවා මේඝ කුස මත හිරුට ලෙංගතු හදවතින්
    හිතත් බැඳුණු තැන මිහිරි සුවයකි වැරැද්දක් වුව හරි තුටින්
    අදත් දස්කොන් සොයනවා තම ප්‍රමිල කොහෙදැයි මුමුණමින්.....

    සඳූගේ කවි කවදත් හැඩකාරයි.

    ජයවේවා!!!


    ReplyDelete
    Replies
    1. අපිත් කවි කියලා එව්වා ලියනවා තමයි ඒත් මේ ඔයාට වගේ දකින හැම කවියටම කවියකින්ම ලියන්න මොනාම හරි තිබීමනම් හරිම පුදුමයි.ඔයානම් සොඳුරු කවිකාරයෙක් දුමී.

      Delete
  3. කව්ද අනේ ආදරේට ඉස්සරහින් ඔය තහනම් කියන ආටෝපෙ දැම්මේ...?
    එහෙම වැට කොටු බඳින්න ඇහැකිය ආදරේට....!
    අනේ අපි නම් ඔක්කොටම ආදරෙයි...!

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් ඔය තහනම් කියන වචනය තහනම් කොරන්න ඕනේ නේද චෙෆාකි

      Delete
    2. නෑ..විහිළු නෙවෙයි...ඒ වචනේ වැරදියි සඳවතී...ආදරේ කරපු, විඳපු අය දන්නවනේ සීමා කියලා දෙයක් දන්නේවත් නෑ කියලා...!

      Delete
    3. ඔව් ඒත් ඉතින් මේකට වෙන මොකක්ද දාන්නේ ? මේ දෙන්න ගැන් මුලු ඉතිහාසයේම තියෙන්නෙ අසම්මත ප්‍රේමයක් ගැනනේ. අසම්මත කිව්වත් තහනම් කිව්වත් මේ කවියට ඒ දෙකම එකයි වගේ නේද ?

      Delete
    4. සීමා පවුරු උඩින් මේ බැමි සිඳලා
      පන රැකුනොත් එනවා සත්තයි සොයලා
      මගෙ හද විලේ පිපුණු සියපත ප්‍රමිලා
      අසිපත ළඟ නොහැරෙමි මේ පෙම බිඳලා

      ආදරේ කරන අයට ඔය තහනම් අදාලම නෑ කියන එකට මේ ටික ඇති නේද

      Delete
    5. අසම්මත කියන්නේ ඇයි...? හරි ඒ ඉතිහාසේ කියමුකෝ...ඇයි බැරි අපිට සඳවතීගේ කවිය හෙඩිම ..ආදර රස ! ..කියලා දාන්න..එහෙම දැම්මානං ඔය කවිය තවත් රහයි (මට නම්)....!

      Delete
    6. චෙෆාකිගේ කතාව ඇත්ත. දෙදෙනෙක්ගෙ ආදරයක් ඇතිවෙන්නේ හදවතින්මයි. ආත්මයෙන්මයි. ඉතින් "ආත්මීය ආදර රස" වගේ වැකියක් තිබ්බනම් කවියෙ ආදර බව තවත් වැඩිවෙන්න පුලුවන් කියලා හිතෙනවා.

      Delete
    7. ම්ම්ම්ම් ඔව් නේ එහෙමත් රහයි තමා.ඔන්න කැපුවා එහෙනම්

      Delete
    8. දැන් රසයි....කෑමක උනත් ඉන්ට්‍රොඩක්ශන් එකයි ප්‍රසන්ටේශන් එකයි වැදගත් රස විඳින්න...!!

      Delete
    9. ////නෑ..විහිළු නෙවෙයි...ඒ වචනේ වැරදියි සඳවතී...ආදරේ කරපු, විඳපු අය දන්නවනේ සීමා කියලා දෙයක් දන්නේවත් නෑ කියලා...!///////

      ඇත්ත.......එහෙම ආදර කොහෙද තියෙන්නේ. ආදරේට කිසිම විශේෂනයක් නැහැ.

      Delete
    10. සම්මතේ ඇතුලෙ මිනිස් ජීවිත හිරවෙලා...ආදරය..වගේ සොඳුරු හැඟීම් සීමාවෙන්නෙ ඒකයි

      Delete
  4. අපූරුම කවි පෙලක්..හරියට වින්දා

    ReplyDelete
  5. අසම්මතය යනු ප්‍රකෘතිය යැයි සිතනා කොච්චියා ට ආදරය කියන්නේ ආදරයමය. දස්කොන් කියන්නෙ මගේ ප්‍රියතම චරිතයක්.
    විසැස් කමලාව.... මම ආසම කවිය

    ReplyDelete
    Replies
    1. විසැස්‌ කමලාව රස පහස නොවිඳ මා
      දසිස්‌ දුනි පොරණ ඇස දුටු පමණට මා
      වෙසෙස්‌ නුඹේ අමයුරු පහස ලත් පෙමා
      මහිස්‌ එකක්‌ ගියෙ නම් නුඹෙ නමට කිමා...

      Delete
    2. //////අසම්මතය යනු ප්‍රකෘතිය යැයි සිතනා කොච්චියා ට ආදරය කියන්නේ ආදරයමය. ////////////////

      ++++++++++++++++++++++++++++++++++

      Delete
    3. ///මහිස්‌ එකක්‌ ගියෙ නම් නුඹෙ නමට කිමා.../////

      හචිං එකක්‌ ගියෙ නම් නුඹෙ නමට කිමා...

      Delete
  6. මට මතක් වෙන්නෙම මේ සින්දුව.

    සක්මන් කරන මළුව පාලුයි දේවී
    මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී

    ප්‍රමිලා:
    ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
    දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරි

    දස්කොන්:
    සෙංකඩගල වටකල පවුරු වලල්ලේ
    පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ

    ප්‍රමිලා:
    රන්තරු දෑස පියන රෑ හඳපානේ
    අත්තන මලක් වෙලා ඔබ ලඟ ඉන්නේ
    දස්කොන්:
    වාසල මිණිබැඳි දොර අරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුලු මට සිහිනොවුනේ

    ප්‍රමිලා:
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනිකරන්නෙපා මතු සංසාරේ "

    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ, සමිතා මුදුන්කොටුව
    සංගීතය - ගුණදාස කපුගේ
    ගී පද - රත්න ශ්‍රී විජේසිංහ

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් අපූරු ගීතයක්... මේවා දැන් ඇහෙන්නෙම නැති තරම් නේද ? ඇයි අර තව එකක් තියෙන්නේ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ.....

      Delete
    2. මට හිතුනු සිංදුව අරුණ ලියලා. ගාණක් නෑ ඌ මොකද මං මොකද.

      Delete
  7. නරේන්ද්‍ර, ප්‍රමිලා සහ දස්කොන් අතර වෙනත් විදිහක තුන්කොන් ආදර අන්දරයක් තිබ්බයි කියලත් මම අහල තියනව.ඒ මතය අනුව ප්‍රමිලා සහ දස්කොන්ගෙ සම්බන්ධය නරේන්ද්‍ර දැනගෙන ඉඳල සහ ඒ වගේම ඊට අනුමැතිය දීල තියනව.

    දස්කොන් දුරදිග කල්පනා නොකර කරපු අර උපන් ලපේ කේස් එකෙන් තමයි වැඩේ එළිවුනෙ මුළු රටටම.රජවාසල ඇමතිල සෙට් එකම දස්කොන්ට ඊරිසියාවෙන් ඉඳල තියෙන්නෙ, නරේන්ද්‍රගෙයි දස්කොන්ගෙයි සමීප සම්බන්ධෙ හින්ද. උංට මේක දෙයියො දුන්නු චාන්ස් එකක් වුනා.ඒ පිටදාල කට්ටියම එකතුවෙලා නරේන්ද්‍රට බලපෑම් කලා දස්කොන් මරාදාන්න කියල. නරේන්ද්‍රටත් අන්තිමට එහෙම නොකර බැරිවුනා.

    අපි මේ ඉතිහාසය දැන්වත් නිවැරදි කරල ලියන්න ඕමනයි....ඉන්ටලාකො මම ලියන්ට හිතාගෙන ඉන්නෙ දස්කොන්-නරේන්ද්‍ර- ප්‍රමිලා ඇත්තම කතන්දරේ...

    කව්පෙල විශිෂ්ටයි!!

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ.. හෙට අනිද්දම පටන් ගන්න..

      හැබැයි මෙව්වා මේ කමෙන්ට්වලට විතරක් සීමා කරපු බොරු ඡන්ද පොරොන්දු වුණොත් එහෙම අපි නරක මිනිස්සු කියල කියන්න එපා..))

      Delete
    2. අන්න හොදයි අපිත් ආසයි හැබෑම කතාව දැන ගන්න. එක එක තැන් වල එක එක විදියටනෙ තියෙන්නෙ.ජන වහරෙ එකක්, ඉතිහාස පොත් වල තව එකක් වර්තමානයේදී ෆිල්ම් වලට ඩ්‍රාමා වලට ප්‍රතිනිර්මාණය කරද්දි තව එකක්.

      Delete
  8. හරි අපූරුයි කවි පෙල. මම මේක ගොඩාක් වින්දා.

    ReplyDelete
  9. ලස්සනයි කවි පෙළ අක්කේ.. ආයේ දෙනුවන් අනුහස වගේ කතාවක් ලියන්න කිව්වට අහන්නෙම නෑ වගේ ඔයා නේද..?

    මිහිරිම වසන්තය අරන් සින්දුවත් අහලා බලන්නකෝ.. ඔයාට ආසා හිතේවි..

    ReplyDelete
    Replies
    1. ඒ දස්කොන් ටෙලියේ තේමා ගීතය නේද ? හරි අපූරුයි..කතාවක්නම් ලියන්න ආසයි මගඳි නවත්තපු එකකුත් තියෙනවනේ ඒකවත් ඉවර කරන්න අදහසක් තියෙනවා

      Delete
  10. සක්මන් කරන මළුව පාලුයි දේවී
    මං විතරයි, ඔබ කිසි දිනෙක නොඒවී

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ස්තූතී මෙහේ පැමිණීමට

      Delete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.