ගෑවි ගෑවී උරෙ'නුර
තුරුළු වී ගෙන
එක කුඩේ යට
වැහි වළාවට
මුවා වෙන සඳ
ඔබේ දඟැ'ගිලි
මගේ ගෙළ මත
හුරතල් විය යුතුමය....
හීන් පිණි මල්
වැස්ස සිප ගෙන
හමන මුඳු මඳ නල
විසුරුවද්දි අක්ඹබරු
කෙස් රොද මෑත්කර
නලල් තල මත
හාදු පිංචක්
තැවරිය යුතුමය....
දෙනෝදාහක්
යනෙන මඟ වුව
මුවා වී පොඩි මල්
කුඩේ යට
පාත්වී තෙත
කම්මුලක් මත
තැබිය යුතුමය
හාදු සළකුණ....
නිතර ඳඟැඟිලි රදවමින් නුඹෙ ගෙලම උණුහුම් කරන්නම්
ReplyDeleteහතර අත යන හීතලේ ඔය නළල් තලයම සිඹින්නම්
වතුර බිඳුවක් රැඳුණු තොල් මත හාදු සළකුණ තබන්නම්
ගෙදර ගිය පසු සත්තලන්ගේ හීන අහුරම කියන්නම්.....
ජයවේවා!!!
හි හී හරි අපූරුයි දුමී
Delete//තැබිය යුතුමය
ReplyDeleteහාදු සළකුණ....//
නියමයි හොඳේ... ^_^
ස්තූතී අරූ
Delete"sl diaries" බැලුවොත් තව පොඩ්ඩක් ඉගෙන ගන්න පුළුවන් හාදු ගැන
ReplyDeleteඅඩෙ අප්පා ඔයා කිව්ව නිසාම සර්ච් කරලා බැලුවා...මට පිස්සු වගේ හය්යූ...
Deleteමට මතක් උනේ අපේ උන්දැගේ පලවෙනි හාදුව.. හීනයක් වගේ තාමත්.. :)
ReplyDeleteමොන තරම් මිහිරිද ඒ මතකය නේද කමී
Deleteහාදු ගැන ලස්සනට ලියලා නොවැ.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් එසේය එසේය
Deleteඔය දෙතොල් මත තබා දෙන්නද ප්‍රථම හාදුව
ReplyDeleteතොල්පෙති විතරක් පළමු හාදුවෙන් තෙමන්න
සඳ හාදු දිදී වලා පෙළට සේද යහන සේ
හාදු වැස්සක් අරන් සිරියහන අද්දරට වී
බිෂ්කෑව්......
හාදු හාදු හාදු හිහි
ලස්සනයි කවිය
ම්ම්ම් හාදු ගැන ගීත ගොඩක්නේ... ස්තූතී මතක් කලාට
Deleteලස්සනට ලියලා තියෙනවා ...
ReplyDeleteස්තූතී මිතිල
Deleteමං ආසම කවි පෙළක් මේ
ReplyDelete