හිස් අවකාශය පුරා
විහිඳුන නම නොදත්
සරාගී
පිරිමි විළවුන් සුවඳක් !
ඇත්තමයි ඒ නුවන්
ළය පුරා හී විදින
සරයක් !
පය'ගිලෙන් ඇරඹි
හිස් මුදුනින් ගිලිහුන
මොකදෝ නොතේරෙන
හැඟුමක් !
සුදුම සුදු කමිසයෙන්
විනිවිදින
පෙමාතුර පපුවක් !
ලේ නහර වල පවා
උඩුදුවන
හරි මිහිරි
පැතුමක් !
ඇත්තමයි ඒ පපුව
අයිතිකර ගන්නටම
හිතෙන
හරි සුවඳ පපුවක් !
සත්තලන්ගේ වෙන්න ඇති....:)
ReplyDeleteජයවේවා!!!
ඒ පපුව සින්නක්කරේටම ලියාගෙන අවුරුදුම හයක් අනේ..මේක මේ පින්තූරෙ දැකලා ලියපු එකක්
Deleteමටත් හිතෙන්නෙ සත්තලන්ගෙ එක ගැන තමයි ඔය කියන්නෙ....
ReplyDeleteනෑ අනේ ඔය පින්තූරෙ නිදන් ඉන්න එකාට
Deleteහාලේ... ඒමද...
Deleteඔව් හලේ සත්තලන්ට කියනවා එහෙම නෙවෙයි ඕං
Deleteගලන්නැති හිත ඇතුලේ
ReplyDeleteමහා පෙු්ම ගංගාවක්
එබෙන්නට හිතන්නැති
කදුලු කැට දෙක තුනක්
ස්තූතී සුන්දර පද වලටත් මේ පැත්තේ ආවටත්
Deleteගලන්නැති හිත ඇතුලේ
ReplyDeleteමහා පෙු්ම ගංගාවක්
එබෙන්නට හිතන්නැති
කදුලු කැට දෙක තුනක්
අලේ මල් දල්ලෙ ලෑ.
ReplyDeleteඅලේ ඉතින් මමත් දල්ලෙ නෑ අප්පා
Deleteසෙන්ට් බීලද මංදා ඒ යකා..
ReplyDeleteඊස් ඇට් ඉරිසියාවේ පැලෙමින්.. ඇයි යකෝ අපිට කවුරුවත් ඔහොම කියන්නේ නෑනේ.. :)))
ඇයි අප්පා සුකොමළ ගැහැනු සිත් හිරිවට්ටන්න පුලුවන් පිරිමි විළවුන් සුවඳවල් කොච්චර ඇද්ද . එයින් එකක් අරන් උලා ගනින්කෝ. හැබැයි ඉතින් හාමිනාගෙන් ගුටි කන්නත් බලාගෙන හි හී
Delete++++
ReplyDeleteස්තූති මිතිල
Deleteමට නම් හිතෙන්නේ ඕක සත්තලන්ට ලියපු එකක් නෙවෙයි , ඔයා ෆොටෝ එකට ලියපු එකක් ;-)
ReplyDeleteඅන්න දැක්කද ඔයා හරියටම කිව්වා මගේ කමෙන්ට් නොබලා
Deleteසත්තලංට ලියපු එකක්ද?
ReplyDeleteනෑ අනී ඔය පින්තූරෙ ඉන්න එකාට
Deleteකාලෙකින් ආවේ බ්ලොග් කියවන්න... ඔය තියෙන්නෙ ලියලා නියමෙට... සුපුරුදු ශෘංගාරය එක්කම..
ReplyDeleteකාලෙකින් හරි ආව එක වටිනවා...
Deleteහිතගත් කෙනාගේ පපුවේන් විහිදෙන සුවඳේ මිහිර බව දැනෙන හදවත් අැති මේ ලෝකයේ, පපු තුල දැල්වෙන රාගින්නය නොදැනෙන හදවතුන්ද ඇති එකයි පූර්වේ කරුමය.
ReplyDeleteතේරුනේ නෑ
Deleteමගේ සිතේ තෙරපෙන දේ නොතේරෙන මගේ එක්කෙනා ගැනයි කිව්වේ.
Deleteපිරිමියෙක් ආසයි පපුවට තුරුල් කරගන්න ගැහැණියක් ආසයි පපුවට තුරුල් වෙන්න. ඒකෙත් හැටි....
ReplyDeleteහ්ම්ම් හ්ම්ම් ඒකනේ
Deleteසුවඳ පපුවක් .... ම්ම්ම් ...
ReplyDelete