සඳට බැළුම් හෙලූ අය
Oct 6, 2017
ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම් !
ඔයාට මතකද....අදත් එදා වගේම දවසක්... එදා වැස්සෙත් මේ වගේම මොර සූරන වැස්සක්.පංති ඉවරවෙලා එලියට එන්න මගේ ළඟ කුඩයක්වත් තිබුනෙ නෑ. ඒක මගේ පුරුද්දක් වැස්ස දවසට කුඩයක් අරන් යන එක හැමදාමත් මම හිතා මතාම අමතක කරනව. ඒකට හරියන්න එදා ඔයා මටත් එක්කම ලොකුම ලොකු කුඩයක් ඉහලගෙන පාර ගාව බලන් උන්න.විශ්වාස කරන්න ඒ වෙනකොට අපේ ආදර කතාවට මාස හයක් ඉවර වෙන්නත් ළඟයි ඒත් මේ තමයි අපේ පළවෙනි සොඳුරු හමුවීම වෙන්නෙ.ඉස්කෝලෙ ඇරිල එනකොට පාර දෙපැත්තට වෙලා ඇස් වලින් විතරක්ම කතා කරන එකයි දවසක් ඇර දවසක් මගේම පංතියෙ හිටපු ඔයාගෙ නංගි අතේ ලියුමක් හුවමාරු කරගන්න එකයි පෙරුම් පුරල පුරල තාත්තට අහු නොවී ඔයා දෙන ඇමතුමකට වචන පහ හයක් කතා කරගන්න පුලුවන් වෙන එක ඇරුනම එදා තමයි අපිට අපිව මේ තරම් ළඟින් විදින්න ලැබුන පලවෙනි දවස.
දුවගෙන දුවගෙන ගිහින් ඔයාගෙ ඇගේ ගෑවෙන නොගෑවෙන තරමට කුඩේ යටින් නතර උනාම එතකොට අවුරුදු දාසයක පුංචි කෙල්ලක් වෙච්ච මට ඒ දැනුනු හැඟීම් අදටත් විස්තර කරන්න බෑ... තේරුම් ගන්න බෑ...ඔයා හිටියෙත් මම වගේම අතරමං වෙලා නේද ? ඒත් ඔයා ඒක පෙන්නුවෙ නෑ ඔය දුඹුරු පාට ඇස් බලා උන්නෙම මගේ ඇස්වල පැටලෙන්න.මම හිටියෙම ඒ ඇස් මඟ හැරල දුවන්න බලාගෙන.මුහුදු නිල් පාට අත් දිග කමීසෙයි කලු පාට ඩෙනිම් කලිසමටයි එදා තරම් ලස්සනට මම වෙන කවදාවත් ඔයාව දැක්කෙ නෑ.
ඉස් ඉස්සෙල්ලාම ඔයා මගේ අතින් අල්ලද්දි මාව වෙව්ලුව තරම් ..... ඔයාටත් දැනුන නේද...ඔයා හිනා උනා... මට පිස්සි කියලත් කිව්ව...කටුබැද්දෙ ටිරෝන් එක ළඟින් කොටුව බස් එකක නගිද්දි හෙන පුපුර පුපුර වහිනව හරියට කල්පාන්තෙට වහින වැස්ස වගේ.ගෙදර හිටියනම් මම මේ වගේ වෙලාවට එක්කො අම්මගෙ එහෙම නැත්තන් තාත්තගෙ ඒ නැතත් අක්කගෙ හරි තුරුල්ලට වෙලා ඇස් පියාගෙන ගුළිවෙනව.හෙන පුපුරන අකුණු ගහන සද්දෙට තරම් මම වෙන මොනවටවත් ඒ කාලෙ බය නෑ.ගෑවි ගෑවී එකම සීට් එකකක එක ළඟින් අපි දෙන්න වාඩි වෙනකොට මම හිටියෙ මල මිනියක් වගේ ගල් වෙලා සීතල වෙලා.ඒ අකුණු සද්දෙටද එහෙම නැත්තන් ඔයාගෙ අත්වල උණුහුමටද කියන්න මට තේරුනේ නෑ.
ඇයි මේ ..
මගේ අසාමාන්‍ය තිගැස්ම ඔයාටත් දැනිලද කොහෙද ඔයා එහෙම ඇහුව.
මට බයයි..
බයයි .. කාටද ... මටද...?
ඔව්..
මට එහෙම කියවුනා.
එහෙනම් මම පිටි පස්සෙ සීට් එකට යන්නම්...
අනේ... එපා...
ඔයා නැගිටින්න හදද්දි මම හයියෙන් ඔයාගෙ අත තද කරල අල්ල ගත්ත.
මං ගොරවනවටත් බයයි...
පිස්සි... මම ඉන්නවනෙ ... බය වෙන්න එපා...
එහෙම කියපු ඔයා මගේ කර වටේට ඔයාගෙ අත දාලා මාව උරහිසට වාරු කරගත්ත.ඇත්තටම මට ඒ වෙලාවෙ ඕන වෙලා තිබුනෙ එහෙම ආරක්ෂාකවක්.. රැකවරණයක්..සීතලට තෙමිච්ච පූස් පැටියෙක් එයාගෙ අම්ම ගාවට ඇවිත් ගුළි වෙනව වගේ මමත් ඔයාගෙ මුහුදු නිල් කමිසෙ මූණ හංගගෙන ඇස් පියා ගත්ත.මගේ හිස් මුදුනින් ඔයා ඔයාගෙ නිකට තියා ගත්තෙ මාව තවත් ඔයාගෙ ළඟටම කරන්.ගල්කිස්සට එනකන්ම අපි මුකුත් කතා කලේම නැති තරම්.අනේ මංදා.. කතා කරන්නත් ඇති ඒත් මට ඒවා මුකුත්ම මතක නෑ.ගල්කිස්ස හංදියෙන් බස් එකෙන් බැස්සට පස්සෙ එකම කුඩයක් යටින් තුරුලු වෙලා කොල්ලෙක් එක්ක templers road එක දිගේ ඇවිදන් යන්න තරම් මම චන්ඩි කෙල්ලෙක් නෙවෙයි.ඒත් මාව ගේ ගාවටම ඇරලවලා මිසක් අද ඔයා යන්නෙ නෑ කිව්ව නිසත්.මේ මහා වරුසාවේ එහෙට මෙහෙට යන වාහනයක් ඇරුනම ඒ වෙලාවෙ අපි වගේ පිස්සො කුඩයක් අරගෙනවත් පාරට බැහැල නැති නිසත් මගේ හිතේ මහා බයක් තිබුනෙ නෑ.මහ පාරෙන් අපේ ගෙවල් වලට යන පටු පාරෙ අපේ ගෙදර තාප්පෙ පේන දුරට වෙනකන්ම ඔයා මාව කුඩේ යටින් නොතෙමා පරිස්සම් කරගෙන ආව.ඒත් ඉතින් මම ගෙදරට යන්න ඕනෙ තෙත බරියන් වෙලා මොකද ඒක තමා මගේ සාමාන්‍ය විදිය වැස්ස දවසට ඉස්කෝල් හරි පන්ති හරි ගියානම් නාගෙන ගෙට ගොඩ වෙන මාව තමයි ගෙදර අයට පුරුදු.වැස්සට කුඩයක් ගෙනියන්නෙත් නැති නොතෙමෙන්න කොහෙවත් මග නවතින්නෙත් නැති හිතුවක්කාර මම.
වෙලාව හැන්දෑවෙ තුන උනාට රෑ හත අට වගේ කලුවරක් මුලු පලාතෙම තිබුනෙ.අකුණු සද්දෙ අඩු උනාට වැස්සනම් තොර තෝංචියක් නැතුව කඩන් වැටුන.ඔයා හිටියෙ මගේ අත තද කරල අල්ලගෙන හරියට යන්න එපා කියන්න වගේ.එක පාරටම ඔයා කුඩේ අකුලල ඒ ළග තාප්පෙට හේත්තු කලා. අයිස් කැට වගේ හීතලම හීතල ලොකුම ලොකු වැහි බිංඳු තප්පරේකටත් අඩු කාලෙකින් අපි දෙන්නව තෙත බරිත කලා.අත් දෙකෙන්ම අල්ලල ඔයා මාව ඔයාගෙ ළඟට ගත්ත.මගේ මූණ ගිහින් නැවතුනේ හරියටම අඩි හයක් උස ඔයාගෙ පපුව මැද්දෙ. සීතලම සීතලට ඔය තොල් මගේ නලලෙ තැවරෙනකොට ඒ සීතලෙත් මාව ගිනි ගන්නව වගේ මට දැනුන.නලලින් පටන් අරන් වම් කම්බුල දිගේ ආපු ඔය තොල් දෙක මගේ තොල් වල ගෑවි නොගෑවී නැවතුනා. කුළුදුලේ පෙති ඇරිල පිපෙන්න අර අදින යෞවනය නුහුරු කිතියකින් හිරිවැටීගෙන මුලු හිතම ලැජ්ජාවකින් තිගැස්මකින් ගැහෙන්න ගත්ත.ඔයා කිටි කිටියෙ තද කරගෙන හිටපු මගේ අත් ගසල දාල මට ඕන උනේ දුවන්න.ඒත් මගේ තොල් වලට ඕන උනේ ඔය තොල් අතර අතරමං වෙන්න .මම එහෙමම ඇස් පියාගෙන උන්න.ඇසිල්ලකින් ඔයාගෙ මුව මගේ මුව උඩින් හිමිහිට පාත් උනා.සිනිදු මල් පෙත්තක් හිමිහිට පිරි මදිනව වගේ මුවට මුව යා උනා.විනාඩියක්... නෑ... ඊටත් ටිකක් වැඩියෙන් අපි අපේ ප්‍රේමයේත් ආදරයේත් ආශාවේත් කුළුඳුල් පරාමානන්දය විදින්න ඇති.
ඉතින් ඔව් .. ඒ තමයි ජීවිතේ ලස්සනම දවස... කුළුඳුලේ හාදුවක පහස විඳි ඒ අමරණීය දවස.අද ඒ හාදුව සදාකාලික මතකයක්ම විතරක් උනත් ඒ දවසට තාමත් මම එදා තරම්ම ආදරෙයි.ධාරාණිපාතෙට වැහි ඇල්ලක් කඩන් හැලෙන හැම වෙලාවකම මට ඒ දවස මතකෙට එනව.ඒ මතකෙ මරල දාන්නනම් මට මැරෙන්නම වෙනව. ඔව් මැරෙන්නම වෙනව.
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
:-)
ReplyDeleteලිව්වා නේද එහෙනම් ඔන්න ඒ ජාතියෙන් එකක්! හ්ම්ම් හ්ම්ම්ම්
දුන්නා නේද කම්මුල් පාරක්.. දැන් ඉතින් මම ලියනව , මොකද කියන්නේ මිසී ?
ලියන්න ලියන්න මෙයා ලියන එක කොච්චර සෝයිද
Deleteඒ දවසට තාමත් මම එදා තරම්ම ආදරෙයි.....!
ReplyDeleteකොයි දවසද අනේ...
Deleteඇයි මතකම නෑද...හම්මේ මෙහෙමත් බොරු කාරියෙක්...!!!
Deleteහෑ... ආ ඔව් නෙ... ඔව්නෙ
Deleteෂහ් මේ නහින දෙහින කාලෙ ඉන්න අපිවත් පිස්සු කරවනව. ලස්සනයි madam
ReplyDeleteඅතීත සැමරුම් වල ඇවිදින්න වයස ප්‍රශ්නයක් කර ගන්න එපා අප්පා..ඔය වයස කියන්නේ ඉලක්කමක් විතරලුනේ. ස්තූති Sir මේ වචන වලට
Deleteලස්සනයි ! ආදරණීය කතාවක් .
ReplyDeleteගොඩක් ස්තූති ඔයාට
Deleteනියමයි සඳවතී,ලියලා තියන හැටි මාර ලස්සනයි
ReplyDeleteස්තූතී බක්කේ
Deleteතොල් පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න......
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්ම්
Delete18+ වගේ හිතාගෙන ආවට ඒම නෑ..ප්‍රේමණීයයි ලස්සනයි
ReplyDeleteහප්පේ දුවගෙන ඇවිත් තියෙන්නෙ එහෙම එකක් කියවන්නද... කෝම හරි ආව එකට සතුටුයි
Deleteඒ යෞවනයේ පොපියන චමත්කාරය ...
ReplyDeleteහ්ම්ම්ම් කොච්චරනම් ආදරණීයද
Deleteඔය වගේ experience මටත් තියෙනවා
ReplyDeleteනැති උනානම් නෙ අප්පා පුදුමෙ
Deleteබොහෝ දෙනෙක්ට තමන්ගෙ පළමු ප්‍රේමයේ පළමු හාදුව ගැන මතක් කරලා දෙන්න මේ සටහන හේතුවක් වන බව නම් නිසැකයි. සමහර හිත්වලට ඒ මතකය වේදනාවක් වෙන්නත් පුළුවන්. එ් කොහොම වුණත් මේ රචිකාවිය අපි හැමෝම තත්ත්පර කිහිපයකට හරි රෝමාන්තික සිහිනයක අතරමං කරපු බව නම් විශ්වාසයි.
ReplyDeleteස්තූතී මෙහෙ පැමිණීමටත් මේ අගය කිරීමටත් ඔයාට... ඔව් ප්‍රථම ප්‍රේමය ප්‍රථම හාදුව කියන්නේ සදානුස්මරණීය දෙයක්නෙ කාට උනත්.
Deleteමෙව්වා ලියද්දි 18+ කියලා හෙඩිමට දාන්න. නැත්තම් අපි වගේ පොඩි එවුන් නොදැන එනවා. හරි හරි හාදුවක් විතරයි තමයි. එහෙමැයි කියලා තැලෙන්නෙ අපේ පුංචි හිත්නෙ
ReplyDeleteඒකනේ මට මතක උනානේ.. ඊ ළඟ පාර දාන්නම් හොදේ... හි හී
Deleteඇඬෙනව!.. බස්.. වැස්ස.. එක කුඩේ.. ප්‍රථම හාදුව..
ReplyDeleteඇත්තටම ඇඬෙනවා අපි දැන් කොච්චර වයසට ගිහින්ද කියල හිතිල.. හෙක්..
හා හා... දුක් වෙන්න කාරි නෑ හාදු පරණ වෙන්නෙත් නෑ වයසට යන්නෙත් නෑ
Deleteමුරුගසං වරුසාව...
ReplyDeleteඅද වගේ වහිනකොට...
මතක සැමරුම් අතර...
සරන හිත දඟකාර..
හීන්වට උණුහුමක්...
පිට කොන්ද මැද දුවන...
සංසාරෙ පුරාවට...
පුරුදු මතකය රැගෙන...
(සටහන - මුරුගසං වරුසාව යනු කල්පාවසානයේදී වසිනා මහා වැස්සකැයි බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන්ය. මුරුගසං වරුසාවට තෙමුණු මිනිසුන්ට එකිනෙකා පෙනෙනුයේ මෘගයන් එනම් වන සතුන් ලෙසය. එබැවින් ඔහුහු ආයුධ ගෙන එකිනෙකා මරා ගන්නෝය. මිනිස් වර්ගයාගේද මේ කල්පයේද අවසානය එලෙස සිදුවනු ඇත.)
දැන්නේ මේක දැක්කේ ... ස්තූතී කියෙව්වට මේ විස්තරෙත් වටිනවා
Deleteඅනෙ සදවති අක්කෙ..ඒක ගොඩක් ලස්සන්නයි.මට පේන්නෙ ප්‍රතම ප්‍රේමයෙ එක්ස්පීරියන්ස් එක එහෙන්මම.අයෙ ප්‍රතම ප්‍රේමයක් ඕන ම නැ.ඉතින්.දිගටම ලියන්න සුබ පතනවා
ReplyDelete