සඳට බැළුම් හෙලූ අය

Nov 24, 2017

නපුරි !


සිනා මල් සඟවගෙන
ඔරවනා බැල්මයි
නෝක්කඩු කියන්නට
හදන මුව සද්දයි...

මගේ පොඩි පමාවට
නපුරුකම් කන්දයි
බදාගෙන ඉඹිනවා
ඔන්න තොල් සත්තයි

26 comments:

  1. හැමදාමත් ඔහොම නපුරු වෙනවනම්!

    ReplyDelete
    Replies
    1. හි හී නපුරු වෙන්නෙත් බොරුවටලු අවසානෙ වෙන දේ දන්න නිසා

      Delete
  2. නපුරු වෙන්න හොඳ නෑ

    ලස්සනයි සඳු

    ReplyDelete
    Replies
    1. පිස්සුද අනේ නපුරු වෙන්න හොදම නෑ

      Delete
  3. සැටලයිට් නෝනගේ නංගි කෙනෙක්ද කොහෙද.. පොඩි පමාව.. හුහ්.. ඒක හොඳ පොඩි.

    ReplyDelete
    Replies
    1. අයියෝ කමෙන්ට්ස් දාන සේරමලා පටලෝගෙන වගේ අප්පා... මේක මේ මේල් වර්ශන් එකක් .. එතකොට පමා වෙලා තියෙන්නෙ කවුද කවුද ආ...?

      Delete
    2. සඳට ලියු කවි/ නපුරි ඕවා දැක්කේ පස්සෙනේ.. :D

      Delete
  4. Replies
    1. ඒ පින්තූරෙ වෙන්ටැ කවියනම් එහෙම නෑ අනේ

      Delete
  5. නපුරි කිව්වම වෙන වෙන ඒවා මතක් උනා...!
    උම්මා එකක් දෙන එක නපුරු කමක්‍ නෙවෙයි නේ...!
    අහිංසකී මිසක් නපුරී වෙන්න බෑ...!

    ReplyDelete
    Replies
    1. අන්න දැක්කද ආකිට තේරුනා... නපුරු කිව්වට නපුරු නෑ...

      Delete
  6. සුළඟ නෑ වට පිටේ
    ඒත් හරි සීතයි
    කියන්නට ඇති වචන
    හදවතේ හැන්ගෙයි....

    ලස්සනයි සඳූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ඉස්සර වගේ ඔයාගේ බ්ලොග් එක අප්ඩේට් නොවීමනම් අඩුවක්

      Delete
  7. පොඩි කවි දෙකක් ලියලා ශේප් වෙන්ඩැති හිතාගෙන ඉන්නෙ.නපුරි

    ReplyDelete
    Replies
    1. හි හී මේ දවස්වල ශේප් වෙන්නෙ මෙහෙම තමා

      Delete
  8. හා.. නපුරු නැහැ කියුවම කමක් නැහැ කියමුකෝ.. කට සද්දයි කියුව එක නම් ඇත්ත නේ.. ???

    කවිය සුපුරුදු පරිදි ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති වෙන්න ඇති ඕන වෙලාවට සද්ද නැති කටවල් මොකටද අනේ

      Delete
  9. නපුරු නැහැනේ බලන් යද්දී

    ReplyDelete

සඳවත කියවන්න ආපු ඔයාලට බොහෝම ස්තුතී, පුංචි හරි ඉඩක් තියෙනවනම් වචනයක් දෙකක් කියල යන්න. ඒක මට ගොඩාක් වටිනවා. නොලියා ගියත් අමනාපයක්නම් නෑ මේ හිතේ.

රංකඳ රාවණා !!

  ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...