ඉතින්
ඒ මා කෑගසා
හැඬිය යුතු මොහොතකි
අතට අසුවන සියල්ල
පොලවේ ගැසිය යුතු තැනකි
ගලා යන හැම දු'කඳුළකින්ම
ඔබට දමා ගැසිය යුතු මොහොතකි
ඔබේ රුදු වදන් යලි යලිදු
සිහිපත් කර හුස්ම
හිර කර ගත යුතු තැනකි
අවසන
ඔය ළයෙහිම හිස හොවා
නිවී සැනසිය යුතු ඇසිල්ලකි
ඉතින්
එකී සියල්ල අහිමි වූ තැන
මා උමතු විය යුතු
මේ ඉකිය සිරවී හුස්ම නැවතිය යුතු !
ඒ මා කෑගසා
හැඬිය යුතු මොහොතකි
අතට අසුවන සියල්ල
පොලවේ ගැසිය යුතු තැනකි
ගලා යන හැම දු'කඳුළකින්ම
ඔබට දමා ගැසිය යුතු මොහොතකි
ඔබේ රුදු වදන් යලි යලිදු
සිහිපත් කර හුස්ම
හිර කර ගත යුතු තැනකි
අවසන
ඔය ළයෙහිම හිස හොවා
නිවී සැනසිය යුතු ඇසිල්ලකි
ඉතින්
එකී සියල්ල අහිමි වූ තැන
මා උමතු විය යුතු
මේ ඉකිය සිරවී හුස්ම නැවතිය යුතු !
++++++
ReplyDeleteසිතුමට පවා
ReplyDeleteවෙර නොවෙතත්
කිවිසුමක් කෙලවර
මිලි තත්පර ගණනකට
නැවතී හදවත
යළිත් පණ ගැහෙන බැව්
අසා ඇත්තෙමී.....
විරහවක කෙළවර
එලෙසින්ම නවතිවී
"හදවත"
නමුදු යළි පණ ගැසේ
එසැනින්ම.....
ඉතින් නොතැවෙන්න
සඳවතී....
ලස්සනයි ශානී
කදුළු වල ගැබුර තුල කිමිදී ......
ReplyDelete++++
ReplyDeleteඔබේ අනුහස සරණ නොමැති දා
ReplyDeleteකාටද මා අයදින්නේ..
සඳ ගිනි ඇවිලෙන මොහොතේ කෙලෙසද
හිරුගෙන් සිහිල පතන්නේ..
මම දෙවිඳුනි දෙවොලට ආවේ...
ඔය පොඩි එකාට ඔන්න ඔය ටෝයි එක අරන් දෙන්න දරුවෝ..මොනා හරි ඉල්ලලා අඬන කොට නොදී ඉන්න එපා..පව්...!
ReplyDeleteඅරන් දුන්න ගමන් ඔය කෑමොරගහන එක නවතීවි..බලන්න බොරුද කියලා...!
මොනවා කියන්නද මන්දා
ReplyDeleteඋමතුවක්ම වේය මේ සෙනෙහස.
ReplyDeleteසෙනෙහසක්ම වේය මේ උමතුව.
උමතුව සුව වනදා සෙනෙහසද සිඳී යන්නේය.
සෙනෙහස අතුරුදන් වනදා උමතුවද සුව වන්නේය.
නියමයි මැඩම්! ++++++++++++++++++
සෙනෙහසක් නොමැති තැන සෙනෙහසම ගැන සිතූ
ReplyDeleteහදවතක් කිසි දිනෙක නොමැත සුසුමන් පැතූ
ඇස්දෙකක් රතුවෙලා වැටෙන කඳුලක් මුතූ
නැවතුමක් සෙව්ව මුත් ඇරඹුමක් ඇතිවෙද මතූ....
ලස්සනයි සඳූ.
ජයවේවා!!!
ගෙන හර තබා
ReplyDeleteදුක බිම තබා
උඩට නැගලා එලිය
දීපිය
අද පෝය මෙතන අඩ අඩ ඉන්නෙ නැතිව. :)
- ජෑ මා -
හරිම ලස්සනයි .
ReplyDeleteහරිම ලස්සනයි .
ReplyDeleteඅගෙයි
ReplyDelete