සඳමල පිපුණට තරු පොඩි දිලුනට
ලස්සන නෑ පෙරදා වගේ
පින්සර සෙනෙහස අහක බැලූ දා
අමාවකයි ඝන'දුරු අහසේ
මීඳුම ගැලුවට පිනි පොද වැටුනට
සිසිළක් නෑ ඔබ ළඟ වාගේ
සැලමුතු පෙම් හිත උදුරන් ගිය දින
ගිනි කඳු දහසක් හිත ඇවිලේ
සිත සුව සදනට පිරිවර උන්නට
අගයක් නෑ මට ඒ උන්ගේ
ඔබ මා අතහැර වෙනතක ගිය ඒ
හිස් තැන පුරවනු බෑ ආයේ
පළමු පෙම ......
ReplyDeleteහ්ම්ම්ම් පලමු පෙමින්ම පෙම අහවර කරන්න බැරිවෙන එක නෙව වැඩේ
Deleteඔබ මා අතහැර වෙනතක ගිය ඒ
ReplyDeleteහිස් තැන පුරවනු බෑ ආයේ
<3 <3 <3
හ්ම්ම්ම් ඔව්නේ
Deleteමොකෝ කියන්නෙ පුරෝල දෙන්න ද??
ReplyDeleteසිමෙන්ති කොට්ට බාගයයි වැලි තාච්චි පහයි මැටල් තාච්චි දෙකයි ගෙනත් දෙන්ඩ.. වැඩේ කොරල දෙන්නම්
හප්පා දරුණු
Deleteආපහු කඳුළු වලට ගිහින් මොකෝ මේ....?
ReplyDeleteකඳුළු අහවර වෙන්නෙ නැති එක නොවැ කරුමේ
Deleteසිංදුවකට හොඳයි
ReplyDeleteස්තූතියි ඉයන්....
Deleteසඳ මල කුමට හිරු ගිනි වැද දවන සඳ
ReplyDeleteතරු පොඩි තවම අසරණ කදො'කිමි නො වෙද
මිහි දුම පවා නෙත කඳුලැලි දේ නිබඳ
සිත සුව සොයා ඉගිලුනේ පෙර දින කවුද...
මේකේ දෙවෙනි පදේ තරු පොඩි තවම කියන තැනට තරු පොඩි නොවේ උනානම් හොදයි කියලා හිතෙනවා.... කවිය අපූරුයි කමී...
Deleteහිත තුළ පීදුනු පෙම් මල් මතකය වරින් වරට සිහිවෙලා ඇතේ
Deleteඇත මා සලිතව විරහ දුකින් තව කඳුලු දෙනෙත් හැරවේවි රතේ
නිත රම අමතක කරලනු හැදුවත් කිනිසි වදී ගැඹුරටම හිතේ
කත රක තනි වුනි නුඹ හැර ආ දින දුකම මා දිවි වටා එතේ....
ලස්සනයි සඳූ...
ජයවේවා!!!
'තරු පොඩි' කියන එක තනි වචනයක් විදියට ඔයාගෙ කවියෙන්ම ගත්තේ.. අදහස තේරුනේ නෑ කියන්නේ ඒ යෙදුම අසාර්ථකයි කියන එක.. :)
Deleteදුමී... ස්තූතියි පිලිතුරු කවට
Deleteකමී... තේරුනේ නෑ නේන්නම්
කදුල ඉතින් සමාවෙයන්
ReplyDeleteඅපි වෙන්වෙමු අද හවසට
Deleteතද තද මල් සීන් එකේ
ReplyDelete- ජෑ ම-ල් -
මොකක්... අනේ මන්දා
DeleteThis comment has been removed by the author.
ReplyDeleteela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com
ස්තූතියි
Deleteසැලමුතු පෙම් හිත - වෙරළත සිඹ සිඹ
ReplyDeleteදියඹ සොයන - මහා රෑ යාමේ
ඉකි බිඳී සඳවත - සැලූ කදුළු පොද
ගිලී ගියා කළු ගං නැම්මේ ..................
අනේ ඒක හරිම ලස්සනයි....
Deleteවේදනාව හොඳින්ම දැනෙන්න ලියලා...touch වෙනවා
ReplyDeleteස්තූතියි කොච්චි
Delete