ඉරා මීඳුම් සළු තිර
බදාගෙන සොඳුරු සඳ මිණ
සුරත් පැහැ පියුම් පෙති මත
රසෝඝයකය
නැමුණු ඒ කුල..
නිල්ල නිලනා නිම්නයක
වෑස්සෙන සිහින් මුවරද
තබා තිසරුන් තුඩ තුඩ
පෙමාතුරය
නැමුණු ඒ කුල..
නොසන්සුන් සුසුමක ස්වර
හමන සන්සුන් වන ගැබ
මහනෙලක ම'කරඳ විඳ විඳ
කෙඳිරියකය
නැමුණු ඒ කුල...
උණ කියලා ඉතින් මෙහෙම ඇඳටම වෙලා ඉන්න පුලුවන් කාටද අප්පා.. මේ දවස්වල ගෙදර සියලුම රාජකාරී ආදරණීය නැන්දම්ම බාර අරන් ඉන්න නිසා බැරි බැරි ගාතෙවත් කරන්න කියල වැඩක් නෑ.ඉතින් වෙව්ල වෙව්ලත් බ්ලොග් අස්සෙයි බුකියේ කවි අස්සෙයි තමා. ඔන්න මේ දැන් රයිටර් දාපු කවියකට උණ විකාරෙන්ම තම ඔය උඩ කවිය ලිව්වෙ.ඔන්න පල්ලෙහායින් අමුණනවා එයාගේ කවිය.
මිහිදුමෙන් පිරිමැද
මුදු රණ හංස පුඩු තුඩු,
නමුණුකුළු ගිර වට,
පිපෙයි හීගඩු
තුරුලතා ලප,
බදා බඳ වට
සීතල අතක් කළුවර,
සිසාරා සියොළඟ
හාදු ගෙනයයි
දෙතොලකින්
උල්පත,
අඩවන් අතර ඇහිපිය,
තාලයකි දිය කඳුරෙහි
කෙඳිරිය,
සන්සුන් සරිනි
සුසුමන් මදනල,
ළමැදින් හමයි සුවඳක්
සේපාලිකා මකරද,
~ රයිටර් ~
මුදු රණ හංස පුඩු තුඩු,
නමුණුකුළු ගිර වට,
පිපෙයි හීගඩු
තුරුලතා ලප,
බදා බඳ වට
සීතල අතක් කළුවර,
සිසාරා සියොළඟ
හාදු ගෙනයයි
දෙතොලකින්
උල්පත,
අඩවන් අතර ඇහිපිය,
තාලයකි දිය කඳුරෙහි
කෙඳිරිය,
සන්සුන් සරිනි
සුසුමන් මදනල,
ළමැදින් හමයි සුවඳක්
සේපාලිකා මකරද,
~ රයිටර් ~
:D :D
ReplyDelete:D :D
Deleteලස්සනයි සඳූ.
ReplyDelete(අසනීපෙන් ලිව්වත් කවි රසනම් උපරිමයී
ජයවේවා!!!
ස්තූතියි දුමී....මේ දවස්ල බිසී වගේ නේද ?
Deleteඅවුරුදු කාලෙනේ. විභාග වැඩ වගේකුත් තිබ්බා සඳූ.
Delete++++++++++
ReplyDeleteස්තූතියි තඩී
Deleteලස්සනයි
ReplyDeleteස්තූතියි
Deleteමාර ලස්සනයි අප්පා...පිංතූරේ නෙවෙයි..කවි පද ටික....👍
ReplyDeleteස්තූතියි
Deleteඅසනීපෙන් හිටියත් ලස්සන සිතිවිලි පහල වෙනවනේ. කවි ලස්සනයි සදු.
ReplyDeleteස්තූතී ඔයාට
Deleteඒ වගේ නැන්දම්මා කෙනෙක් ඉන්නවා නම් කරන්න බැරි මොනවද? උණ විකාරයෙන් ලියූවක් වුණාට සුන්දරත්වය අඩු නැතුව දැනුණා . ඉක්මන් සුවය පතනවා ....
ReplyDeleteඇත්තටම එයා සෝයි නැන්දම්මෙක්....දැන්නම් සනීපයි සඳවතී... ස්තූතියි ඔයාට
Deleteඋණ හැදිලා ලියපු එකක් කියලා හිතන්න බෑ...කවි දෙකම ඉස්තරම්.....
ReplyDeleteමටත් එහෙම හිතෙනවා දැන් බලනකොට හි හී
Delete