පැල් බැඳන් වැහි කුමරි නුඹේ දුක අහනවා
කල් පනා අතීතෙක මටත් දුක දැනෙනවා
නිල් කුඩේ තුරුලකට එන්න හිත හඬනවා
මල් සුවඳ මා නමින් නුඹේ ලඟ තබනවා.....
- දුමී -
කල් බලා වහින වැහි මතක සුව ගෙනෙනවා
මල් තුහින මේ දැනුත් කම්මුලක් සිඹිනවා
විල් තෙරේ විහඟනුත් නුඹ ගැනම අහනවා
නිල් කුඩේ යට තවම නුඹට ඉඩ තියෙනවා
- සොඳුරු සඳවතී -
ම්......
ReplyDeleteහෑ.......
ඕ......
හා......
ජයවේවා!!!
ම්......
Deleteහෑ.......
ඕ......
හා......
ස්තූතියි දුමී
දුමී කිව්වෙ දුම්න්ද අබේසේකර ද?
ReplyDeleteඕ ඕ.. එයා තමයි කවි කමෙන්ට් දාන දුමී..... ඒ දුමී හැර වෙනත් දුමීලාත් සිටීද ?
Deleteඑදා කිව්වත් දාන්නැයි කියා .....
ReplyDeleteකල් බලා දැම්ම මේ පොස්ටුව මතක සුව ගෙනෙනවා
ස්තූතියි කලන
Deleteවැහි කුමාරි ඇයි ද මේ නොනැවතී
ReplyDeleteහඩන්නේ
නුබ එයිද මග බලන් නේද මේ
හඩන්නේ
හඩවන්න ඇයි ද මේ අපවත්
හදන්නේ
වැහි කදුළු නවතන්න නුබටමයි
දැනෙන්නේ
නිල් කුඩේ යටට ඇයි තවමත්
නොයන්නේ...
ලස්සනයි... ස්තූතියි ඉරෝමනී
Deleteනිල් කුඩේ යට...
ReplyDeleteමල් මතක
Deleteහ්ම් නිල් කුඩයක්
ReplyDeleteඑක කුඩයක් යට ගැවී නොගැවී
දවසක් හැන්දෑවේ
මම කැමතිම සිංදුවක් ඒක මතක් උනා
ස්තූති යාත්රා
Deleteදෙන්නගෙම කවි ලස්සනයි
ReplyDeleteස්තූති රස්ති
Delete