සඳට බැළුම් හෙලූ අය
Jun 11, 2018
Goodbye Forever !
කඩා වැටෙනකොට රෑ අහසකින් තනි තරුව
දවස් කොයි තරම් වෙද ඔබ ගැනම නිදි වැරුව
කියන්නට බැරි උනත් සෙනෙහසම හිත දැරුව
නුඹ දන්නෙ නෑ නුඹයි මගෙ අහසෙ හඳ පලුව
මහාමේරුව වගේ නොසෙල් වෙන ගල් හිතට
මහද සෙනෙහසේ කැටයම කැපුවෙ සුරුවමට
නොතිබුනත් ළතෙන් හැඟුමක් හිතේ මගෙ නමට
මේ කවත් ලියන්නේ සත්තමයි නුඹෙ නමට
වචනයෙන් වචනයට අල්ල ගෙන කොනක්
හැමදාම පහුරු ගෑවම එකම තැනක්
ආදරේ උනත් වෙනවලු විටෙක වසක්
දන්නවද මට තියෙන්නෙත් පුංචි හිතක්
හඳට තනි රකිද්දි ළඟ ඉදන් තරු ඇසක්
බලන් හිටියා මමත් රෑ අහස වරු ගනන්
මගේ නොවුනත් හිතට දැනුනෙ නෑ ඒ වගක්
මුලු අහස පුරා මම හෙව්වෙ එක ඇස් දෙකක්
එකම ඉත්තක වැහුව කුරුල්ලන් නොවු පවට
නුඹට මා මට නුඹව නොතේරෙන තැන් එමට
ඉතින් තව ළඟට වී හිත් රිදවගෙන කුමට
ලෙහන්නම් හිතේ බැමි ඉගිල්ලෙනු මැන දුරට
Subscribe to:
Post Comments (Atom)
ඒකපාර්ශික !
සඳක් වගේ පායා හිනැහෙමින් එබී පුරුද්දක් වගේ උන්නා ළඟම රැදී ඉඩක් නොවූ තැන හදවත ගියද බිදී අදත් ලියනවා මේ ප්‍රේමයට කවී යන්තං ගැටෙ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ආදරේට වයසක් නෑ... ආදරේට ඇස් නෑ...ආදරේට වෙලාවක් කලාවක් නෑ... කොටින්ම ආදරේට ජාතියක් ජන්මයක් නෑ...එහෙම හිතන අය මේක කියවන්න. එහෙම නොහිතන අ...
මත් නොවුණු බඹරෙක්ව තනි මලක් පතමින්ද
ReplyDeleteනෙත් බැල්ම වපසරියෙ නුඹෙ රුවම සොයමින්ද
හිත් පුරා හැඳුනුමට අප ගැනම මම ඔබද
හත් දිනක් තව මෙමට කල් දෙන්න පුලුවන්ද....
ජයවේවා!!!
දැනටමත් පහුවෙලා දින හතෙන් දින තුනක්
Deleteනුඹට නෑ වගක් මට තේරිලා ටික දිනක්
ඇස් වලින් දුටුව පෙම නෑ හිතේ කොතනකත්
කමක් නෑ හිනැහියන් ඔය හිතේ මම නැතත්
රෑ අහසේ තනි රකින තරුවක් වගේ
ReplyDeleteඔබ ඉන්න මල් මාලියේ .... ද
Deleteඅන්න හරි .... තාම මතකයි නේද ?
Deleteහරිම ලස්සනයි සදු කවි ටික. තේරුමත් අපූරුයි.
ReplyDeleteස්තූතියි ඔයාගේ ඇගයීමට
Deleteයන්නම යනවනම් කට වහගෙන යන්න ඕනි.. මෙහෙම කවි ලියුවම ආයේ ආයේ මතක් වෙනවනේ.. හෙහ්..
ReplyDeleteයන්න කලින් කියලා යන එක නොවැ මනුස්ස කම.... ගොඩ දවසකින් මේ පැත්තදි දැක්කේ
Deleteඅහසේ ඇස් හෙව්වට හොඳ දඬුවම...😂
ReplyDeleteඔව්නේ... තේරෙන්නෙ දැන් තමයි
Deleteokzzzz....bye... he hee
ReplyDelete