( රූපය අන්තර්ජාලෙන් )
මං ආසයි මුඩුක්කුවක ඉපදෙන්න
ඔව් මං ආසයි මුඩුක්කු කෙල්ලෙක් වෙන්න
වැහි කාලෙට දෝරෙ යන කුණු ඇලක් ළඟ
ගන්දස්කාරෙට හරි අපූරුවට
නිදහස් හුස්මක් ගන්න
සුදුම සුදු ඇගිලිකරු අස්සෙන්
චිරි චිරි ගගා මඩ විදෙන්න
සද්දෙට ඇවිදින්න
ටකරං වහලෙට එක සීරුවට
වැහි වැටෙනකොට
යාන්තං නොතෙමෙන තැනක
ඇණ තියාගෙන හූල්ලන
අම්මගෙ හුස්මකට ගුළිවෙන්න
ඉදහිට දවසක වත්තෙ කොලු රැළ එක්ක
හීනියට මලක් ඔතන හැටි ඉගෙන ගන්න
පිරිමි දාහක් මැද්දෙ හිටියත්
උන්ගෙන් සල්ලං නොවී ඉන්න
මුඩුක්කුවෙ අනිත් කෙල්ලන්ටත් එහෙම
නොවී ඉන්න හැටි උගන්නන්න
පාරේ පයිපෙන් නාද්දි
තෙත බේරෙන ගෑනු කම් ළඟ
කෙල හලන මදාවින්ට
මොනාද ඩෝ බලන්නේයි සද්දෙ දාන්න
හිමිහිට මාරුවෙන උන්ට හයියෙන් හූවක් තියන්න
බිස්නස් එකට හිඟාකන තාත්තගෙ රස්සාවට
ජල්තර දාන ටවුමෙ මහත් හොරු එක්ක ගේම ඉල්ලන්න
ඔය පොර ටෝක් දුන්නට ඕකී ඉන්නෙ
අහවල් මුඩුක්කුවේ කියල උන් හිනාවෙද්දි
ඔව් අයියෙ ඇයි අවුල්ද අහන්න
ලොකු ගෙවල් වල පොඩි බේබිලට
උගන්නල ගන්න සොච්චමෙන්
අම්මගෙ මූණෙ හිනාවක් අඳින්න
කීයක් හරි ඉතුරු උනොත්
බෙනාගෙ කවි පොතක් අයිති කරගන්න
රෑට නිරුවත් වෙන කොළඹ අහස යට
තරු එළියෙ කවියක් ලියන්න
මුඩුක්කු කුමාරියෙකුට ආදරේ කරන
පොලවෙ පය ගහපු රස්තියාදු කාරයෙක්
ගැන කතාවක් ගොතන්න
කවද හරි ඒ කතාවේ ඉන්න
රස්තියාදුකාර තරු ඇස් ළඟ
හැබෑවටම නිවෙන්න...සැනසෙන්න
ඉතින් ඇත්තමයි
මට ඕනෙ මුඩුක්කු කෙල්ලක් වෙන්න
සඳට බැළුම් හෙලූ අය
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
මෙහෙමත් ආසාවක් ...හැක් හැක්...
ReplyDeleteඅලුත්ම සිතුවිල්ලක් සඳූ...
ලස්සනයි.
ජයවේවා!!!
නහින දෙහින කාලෙට හිතෙන එව්වා දුමී මෙව්වා
Deleteමොනාද ඩෝ මේ ලියන්නේ...?
ReplyDeleteඇයි අවුල්ද අයියා ... හි හී
Deleteහත්වලාමයි ...... මොකක්ද යකෝ මේ ...?
ReplyDeleteකවුද අනේ දන්නේ
DeleteNice poem...
ReplyDeleteas long as it is a fantasy, yes, it feels awsome and thrilling. But, sadly the reality is not even close. When we fantasize to be in their world, I am sure millions of them are fanasizing to be in our world. Obviously, most of us does not realize how blessed we are. 😊
Respect...!!!
Delete👍
Thanks for your comment Akka. This poem is all about only a dream and a thought. Even though the slum people trying to come out from their world I dream to have a slum life... he he he... is only an innocent thought of me but my judgment is at last the so called people have much freedom than us in their world.
Delete:) it is the nature of the human beings to always assume that the other side is always better. But, put yourself in their shoes, and live their life every second, then you will realize the reality.
Deleteමට ආසයි අර පොලොවෙ පය ගහපු රස්තියාදුකාරයා වෙන්න
ReplyDeleteමගෙ ලඟ තියන බෙනාගෙ කවි පොත් ටික ඔයාට දෙන්න
ලොකු ගෙවල් වල පොඩි බේබිලට උගන්නල
ඔයා ගේන සොච්චමෙන්
රෑට වැටෙන්න බොන්න....
කැමති නං කියන්ටෝන ඈ :D
වැඩේ කියන්නේ ඒ රස්තියදු කාරයා කවුරු වෙන්න ඕනෙද කියලත් මම හිතලා ඉවරයි නොවැ. ම්ම්ම් බලමු එයා අකමැති උනොත් ඉතින් සලකා බලන්න බැරියෑ... හිහිහී
Deleteහැබැයි මේක තමා මම ආසම කමෙන්ට් එක ඕං
මල් ඔතනෝ අපි මල් ඔතනෝ.. හවසට..හවසට .. මල් ඔතනෝ.. ඔයත් එනොනම් එන්න නම්කි.. :) අන්න එහෙම තමයි කෙල්ලෝ උනාම ඉන්න ඕනි.. ඇයි අවුල්ද? :)))
ReplyDeleteඔතන්න කලින් තාම ඔය කියන මලක් ඇස් දෙකින් හැබැහින් දැකලා නෑ නොවැ.මේ වචන ඉතින් අහුල ගන්නේ සත්තලන් සහ සමාගමෙන්.
Deleteඇයි අවුල්ද? නෑනේ නෑනේ
ලස්සනයි. වෙනස් සිතිවිල්ලක්.😊
ReplyDeleteස්තූතියි ඔයාටත්
Deleteමේක නම් මාරයි ඕයි!!
ReplyDeleteමේ ඕකෙම අනික් පැත්ත........
හැන්දෑවේ කලුවරට
බෑං ගා අඬාගෙන
හෝන්දු මාන්දුව
බිත්තියට වාරු වෙන කල
දොරපලුව,
කලු සුරුට්ටු ගඳ පළමුව
පිපිරුනු කලු නියපොතු ඇති
නාකි නහර පය දෙවනුව
ගෙට අරගෙන………
කොරවක්කෙක් මෙන් වකුටුව
එළිපත පැන එයි ඇතුළට…..
නාට්ටාමි සැම්සනයා
හෙවත් අපේ තාත්තා.
නාස් දෙපුට්ටෙන් හොටු රැල්
කබල් කමීසෙට උර උර
හෙලුවැල්ලක් වැහෙන්ට නොව
පුරුද්දකට ඔහේ අඳින
බොත්තම් නැති කොට කලිසම
අතින් අල්ලගෙන හැලි හැලි
සිලි බෑගේ මක්කාදැයි
උනන්දුවෙන් එබී බලයි
වේස දයාගේ කොලුවා
හෙවත් අක්කගේ දරුවා.
කෝටු කකුල් දෙක පෙනි පෙනි
රතු කොට කලිසම ඇඳගෙන
ඉර අව්වේ දවල් දවසෙ
අත් වැඩ දී හෙම්බත් වී
කොල්ලන් රැල වට කරගෙන
හොක් හොක් ගා හිනාවෙවී
බෝක්කුවේ වාඩි වෙලා තාම හිඳියි…
මදාවි ආනන්දපාල
හෙවත් අපේ පැටි අයියා.
ඉස්කෝලේ ගිහින් එද්දි
බුලත් බංකුවේ ඇසිඩගෙ
හෙවත් අපේ අම්මාගේ
සොහොන ළඟදි
කණස්සල්ලට පිපිරිලා
ඇස්බෝල තාම ඇඬුවත්…
කුප්පි ලාම්පුවෙ දැල්ලෙන්
විද්දියාව පොත කියවයි
පස්ස පේලියේ රමණී……
හෙවත් මම හෙවත් හිච්චී….
– ගයාත්‍රි කුමාරි ගරුසිංහ –
අම්මෝ ඒක.... කියෙව්වම මගේ හීනෙ කුඩුපට්ටම් වෙලාම ගියා....ඇස් දැවිල්ලත් හැදුනා
Deleteඅනේ මන්ද ඔයාටත් හිතෙන දේවල් සදු. ලස්සන නිර්මාණයක්.
ReplyDeleteඒකනේ අනේ.... හි හී... ස්තූතියි ඉතින්
Delete