සඳට බැළුම් හෙලූ අය
Oct 2, 2018
ඇත්තටම මට පිස්සුද ඩොක්ට !
අද උදෙත් මං බුරුසුවට
ෆේශ් වොශ් දාගෙන දත් මැදල
ඊයේ පෙරේදා දවසකත් ඔය වගේ
ෆේශ් වොශ් කියල මං මූණෙ උලන් තිබුනෙ
ටූත් පේස්ට් එක
මට දැන් උදේට ඉස්සර වගේ
රස විඳ විඳ තේකවත්
බොන්න නිවනක් නෑ
තේ මන්ඩි අස්සෙ ඇස් දෙකක්
මං දිහා බලන් ඉන්නවා
අනේ මේ ඇත්තමයි ඩොක්ට
ඒ ඇස් කතා කරනව
මට තේ උගුර ඉස්මොල්ලෙ යනවා...
මිට කලිනුත් එකම එක වතාවක
මේ රෝග ලක්ශනම තිබුන
ඒ වතාවෙනම් ඒ වෙදා නිට්ටාවටම
ලෙඩේ අඳුරගෙන තිබුනා
මට සනීප උනා ඩොක්ට...
ඉතින් එහෙම නිට්ටාවටම සුව උන
ලෙඩ මෙහෙම කාලෙකට පස්සෙ
ආයේ උඩුදුවනවද ඩොක්ට...
හිතේ කෝශ ඇතුලෙ හැංගිලා හිටපු
සමනල් පැටව් ආයේ බඩ පිනුම්
ගහනව ඩොක්ට...ගිය පාර වගේ උන්ට
මේ පාර පියාඹන්න බැරි හින්දමද කොහෙද
පපුවෙ වම් පැත්ත වෙනදට වඩා
රිදෙනව ඩොක්ට..
ඩොක්ටට කියන්න රෑ නින්දෙනුත්
මට මල් සුවඳක් දැනෙනව
ගැස්සිල ඇහැරිල බලද්දි තමා
මට මතක් වෙන්නෙ
ඒ මට නම කියන්න බැරි
පිරිමි සෙන්ට් එකක සුවඳ කියල
ඇයි ඩොක්ට මට රවන්නෙ..
එහෙම තමා ඩොක්ට
සමහර රහස් සදාකාලික රහස්
වෙදාටත් ලෙඩේ හංගන්න වෙන වෙලාවල්
ජීවිතේට එන්නෙම නැද්ද
අනික කවුද දන්නෙ මේ පාර මට
පිළිකාවක් ද කියල
තාම පැතිරිලා නෑ කපල මුලින්ම අයින් කරමු...
මොනවා...කපල අයින් කරන්න....
ඩොක්ට පිස්සුද ඩොක්ට...
ඔය ස්ටෙත් එකට අහුනොවෙන
හදවතේ අහුමුළු තව කොච්චරක්ද
මේ බලන්න ..මේන් මෙතන
ඩොක්ට හිතන්නෙ ඒ හුස්ම ගන්නෙ මමද...?
මේ මෙතන ඔය හිස් මුඳුනෙන්
විහිදෙන්නෙ මම අද දාපු
සන්සිල්ක් සුවඳ විතරමද...?
අල්ලල බලන්න මගේ මේ අත
ඒ සීතල මම
එතකොට කොහෙන්ද මේ
ලා රස්නෙ මගෙ අතට...?
ඔක්කෝටම හපං මේ බලන්නකෝ
මගේ ඇස් දිහා
ඔය කලු ඉංගිරියාව ඇතුලේ
මොකද්දෝ නාඳුනන යමක් තියෙනවා නේද...?
නිතර ඇස් දැවිල්ල හැදෙනව
කඳුළු වැක්කෙරෙනව
කොච්චර පිහිදැම්මත් පටලයක් බැඳිල වගේ
ඩොක්ට කියන්නෙ මේ පොඩි වයසටත්
ඇහේ සුද මතුවෙනව කියලද .....?
ඉතින් මෙච්චරක් දේවල් වෙලා තියෙද්දිත්
කොහොමද කියන්නෙ තාම පැතිරිලා නෑමයි කියල
ඔහොම හිනා නොවී මොනවම
හරි කියන්න ඩොක්ට
අනේ බං කෙල්ලෙ..උඹට ඔල්මාදේ..
අන්තිමට ඩොක්ටට හිතෙන්නෙත් එහෙමද ඩොක්ට
ඇත්තටම මට පිස්සුද ඩොක්ට ....
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
පිස්සුද අනේ, ඔයාට පිස්සු කියන්නේ කවුද? ඔය ලස්සනට ලියලා තියෙන්නේ.
ReplyDeleteපිස්සුද අනේ මට කාරුත් පිස්සු කියන්නේ නෑ... හි හී
Deleteහ්ම්ම්
ReplyDeleteහ්ම්ම්....
Deleteකලින් වෙදත් ලෙඩේ අඳුරගත්ත එකේ මේ ඩොක්ටට බැරි වෙන එකක් නෑ. නිට්ටාවටම සුව කරයි, ආයෙ නොහැදෙන්නම. බය නොවී ඉන්න සඳවතී.
ReplyDeleteහාකෝ හාකෝ මම කියන්නම්....
Deleteගංජා සුරුට්ටුවක් ඉරුවමත් ඔය විදිහමයි...ටිකක් වැඩිපුර දාඩියත් දානවා නේද...හොදට පැය තුන හතරක් නිදා ගන්ඩ එතකොට ඔය ගතිය ඇරිල යයි..සමණල්ලුන්ගෙ පියාපත් වල පාට විඩෙන් විඩේට වෙනස් වෙන ගතියකුත් එනවනං බීල තියෙන්නෙ කේරළ ගංජා වෙන්න ඉඩ තියනවා...කොහොම උනත් පුරුදු නැත්තං ඔච්චර බොන්ඩ එපා...
ReplyDeleteහැබෑට.... ඒකත් දැනගත්ත එක හොදා... මීට පස්සේ ඔල්මාදෙ හදාගන්න හිතුනම සලකා බලන්ට ඕනේ.
Deleteඑක බේතයි ඉතිං ඔය පිස්සුව හොඳ කරන්න නම් තියෙන්නේ..
ReplyDeleteඇති යාන්තං එකක් හරි තියෙනවනම්...
Deleteඇහුවා මන් දොස්තරගෙන්,
ReplyDeleteමොකක්ද කරන්නේ මේකිට........
කිව්වා එයා,
ගහපං උබත් මිට මොලවා ලා........
ඒකිගේ ඉහ මොළ හෙලවෙන්නට .
මේකි මේකි කිව්වේ මේ කවියේ ඉන්න එකීට වෙන්ටැ. හොද වෙලාවට මම නෙවෙයි ඒ..
Deleteරෑ නින්දෙදි දැනෙන්නෙ වෙරළු මල් සුවඳද කියල මතක නැද්ද? ඒකත් පිරිමි සෙන්ට් එකක්.
ReplyDeleteඅපෝ නෑ... වෙරළු මල්නම් ඉතින් නම කියන්න බැරිකමක් නෑනේ...නම කියන්න බෑ කියලා කිව්වෙ බ්‍රෑන්ඩ් නේම් එකක් දැම්මොත් නිකමට හරි මෙහෙ යන එන අය ඒක පාවිච්චි කරනවනම් එහෙම අවුල් වෙයි කියලා හිතලා...අනික මේ දැනෙන්නේ අර සුජීවගේ කතන්දර වල වගේ ආත්මීය සුවඳක් කියලයි මට හිතෙන්නේ...
Deleteසුජීවගෙ කතා වල තියෙන්නෙ ආත්මීය සුවඳක් නෙවෙයි බං කට්ට කරවල හොද්දෙ කරවල සුවඳයි යහමින් රතුලූණු දෙහි ඇඹුල් දාපු ගොටුකොළ සම්බෝලෙකින් එන දෙහි සුවඳයි. :)
Deleteහරි හරි ඉතින් කරවල සුවඳ විතරයෑ ඔය ආත්මීය සුවඳත් තියෙනවා නොවැ
Deleteඑන්න අංගොඩට. අපි බලමු පිස්සුද කියලා.
ReplyDeleteජයවේවා!!!
අංගොඩ ඉන්නේ සේරම පිස්සොද....?ඔය ඉතින් ජය වේවා ලු....හි හී පිස්සුවක් උනත් ජයටම තියෙන්නත් එපැයි...
Deleteඔබේ බ්ලොග් එකේ බොහොමයක් ලිපි සහ කවි කියෙව්වා . ඔබ අපව එදිනෙදා නොදකින නොඅසන පැති වලට ගෙන යනවා . සිංහල බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය ගොඩක් වටිනවා . හැකිනම් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බොහෝ දෙනෙකුට ලං කරන්න උදව් කරන්න .
ReplyDeleteබොහොමත්ම ස්තූතියි ඔබේ පැමිණීමටත් මේ අගය කිරීමටත්.ඔබේ බ්ලොග් එකේ ලින්ක් එකත් මෙතන සටහන් කරන්න.මම ඒ පැත්තට ගියා... ලිපි කියවා අදහස් කියන්නම් පසුව.
Delete