සඳට බැළුම් හෙලූ අය
Mar 5, 2019
සංවරව අසංවර වීමි !
අඩසඳ සදිසි පටු නිම්නයක
ඉසියුම්ම කේශ නාලිකාවක් මත
ප්‍රේමයේ තිලකය අදිමි
තිසරතුඩු සුදු මුඳු
උස්ව නැගි ගිර මත
සියක්වර සියක් චුම්බන තබමි
ලා තඹ පාට මල් රේණු තල මත
සැනින් එසැනින් පිපෙන තුෂර බිඳු
ලවන් පහසින් කිති කවමි
සහස් රැලි සරැලි නංවන
කලුදිය පොකුණ අසබඬ
හැංගිච්ච දිය උල්පතකින් පවස නිවාගමි
සංතෘප්තියේ සිහින් මැතිරිල්ල
නින්නාද දෙන මොහොතක
ශිශිරතම ගින්නකින් ඇවිලෙමි
Subscribe to:
Post Comments (Atom)
රංකඳ රාවණා !!
ඔන්න කාලෙකට පස්සෙ මගේම බ්ලොග් එක මටම මතක් වෙලා මේ පැත්තට ආවා.හදිස්සියෙම එන්න හිතුනෙ නම් මගේ ජීවිතේ තවත් හීනයක් සැබෑ වීමක් ගැන පුංචි ආරංචිය...
-
මේ දවස්වල මගේ සාමාන්‍ය දින චරියාව සේරම අන්ජබජල් වෙලා. අනේ කාටවත් කිසිම කරදරයක් නැතුව කතාවක් කවියක් ලියාගෙන සිංදුවක් අහගෙන ඉඳලා හිටලා සත්තර...
-
අද මැයි මාසේ 17 වෙනිදා.... අද වගේ දවසක ඔයා මේ ලෝකේ එළිය දකිනවා අද වගේම දවසක මම ඔයාගේ ලෝකෙට එළිය අරන් එනවා ( ඒ ඔයා කියන විදිය ) ඔව්... ඒ ...
-
ඔන්න ඉතින් ඔයාලට මතක ඇතිනේ මේ ළඟදී මං ගිය පොදු ගමනාගමනයේ චාරිකාව. ඒක කොයි තරං ජොලිද කියනවනම් තාමත් මගේ දකුණු අත උස්සනක...
Too sexy..but nice and tasty.....!!
ReplyDeleteYep. This IS all about tasting.
DeleteArchi -This picture is too sexy than my poem.he hee
DeletePra - Jay - yep..indeed, thanks
Wish you a happy birthday sandhawathi...have a great day...!
Deletethans Archi....
Deleteලස්සන රෝමාන්තික සංවර ගෙත්තමක් . උපමා විශිෂ්ටයි .
ReplyDeleteකෙටියෙන් ම කියන්නවා නම් "පට්ට"
ස්තූතියි ඇගයීමට කලන....
DeleteYes great
Deleteලස්සනයි....ශෘංගාර රසය උලුප්පන සංයමය අපූරුය....
ReplyDeleteස්තූතියි ගොඩක් ඔයාට
Deleteහුහ්.. හිතාගෙන ඉන්නේ සංවරව අසංවර උනා කියල වෙන්නැති.. මේක කියවලාම මට ලැජ්ජයි.
ReplyDeleteප.ලි. අපි සංවරව හැදිච්චි කොල්ලෝ හරිය.. :)))))
හෑ එහෙමෙයි.... පව් අප්පා එහෙනම් මේ අසරණ දරුවා
Delete+++++
ReplyDeletethank
DeleteGreat 👌
ReplyDeletethanks
Deleteසුපිරි
ReplyDeleteස්තූතියි
Deleteඅපි ඔය සිරා කවි දන්නෑ බං.... අපි දන්නෙ මෙහෙම එව්ව ඉතරයි..
ReplyDeleteමා වවුලන් පවා දත් රහසකි මේක,
වැහිබර රැයක අව අටවක පෝදාක,
XXXXX XXX XXXXXX XXXXXXXXX,
XXXXX XXX XXXXX XXXXXXXXXx!
ඉතුරු පද කෝ...
Delete