දැන් ඉතින් නුඹට හැකි හැරෙන්නට
මට අයිති නිහඬවම තැවෙන්නට
ප්‍රේමයේ ගෙල බලෙන් සිඳින්නට
වරදක්ද ගල් ගසා මරන්නට
කල්පයක් කල් බලා හමුවීම
කෙලවරේ ලියා තිබුනද මෙහෙම වෙන්වීම
ප්‍රේමයට ඇස් නෑ , ඒ තමයි අපේ අතපසුවීම
වීදුරුත් බිඳෙන්නේ, වැඩියෙනුත් පරිස්සම් කෙරුවාම
නොදන්නවා නෙවෙයි නේද
දැන් ඉතින් මට කොහෙද සැනසීම
හිතෙන්නේම නැතිද ? දරන්නට
හැකිද මේ පිපිරීම
ඊයේ අද මෙන් හෙටත්
මට උරුම මේ බලා හිදීම
ආදරේ නෙවෙයි මං ඔයාගෙන්
උගත්තෙම ඉවසීම
*
*
*
*
කොල එලිය දැල්වෙනා බව දකිමි
එහෙත් රතු එලි සිහිව නිහඬ වෙමි
රිදෙන හිත හුස්මකින් සිර කරමි
නාඳුන සේ ඉන්න වෙර ගනිමි
අක්කේ එකේ ලස්සන...
ReplyDelete"ප්‍රේමයට ඇස් නෑ , ඒ තමයි අපේ අතපසුවීම"
ස්තූතියි අරූ
Deleteවීදුරුත් බිඳෙන්නේ, වැඩියෙනුත් පරිස්සම් කෙරුවාම
ReplyDelete++++++++++
හ්ම්ම් ඔව්
Deleteරසවත් ම රසවත් !
ReplyDeleteහැමදාම වගේ පරිපුර්ණ අකුරු සිත්තමක් සදූ .
ස්තූතියි කලන
Deleteකාලෙකින් ගොඩ වෙන්න බැරිවුණා . වෙනදා වගේම ලස්සනයි .
ReplyDeleteස්තූතියි ඔබට
Deleteහරිම ලස්සනයි. අද ආවේ මේ පැත්තට. පරණ ඒවත් කියෙව්වා ටිකක්. හම්මේ කවි ලෝකේ අතරමං උනා වගේ.
ReplyDeleteස්තූතියි පැමිනීමට..... ආයෙත් එන්න
Delete/ආදරේ නෙවෙයි මං ඔයාගෙන්
ReplyDeleteඋගත්තෙම ඉවසීම/
හරිම ලස්සන සිතුවිලි ගෙත්තමක්..
ගොඩක් ස්තූතියි ඇගයීමට....
Delete